මේ ස්ථානය ගැන දන්නවද?
මෙම ස්ථානය උමගක් යනුවෙන් මුල් කාලිනව හදුන්වනු ලැබුවත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මෑතකාලිනව සිදු කළ කැණීම්වලදී සොයාගනු ලැබු පුරාවිද්‍යා සාධක අනුව මෙම පරිශ්‍රය පැරණි විහාරාරාමයක් ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
මෙම රූප පෙලෙහි දැක්වෙන කබොක් පාෂාණයෙන් නිර්මිත ගොඩනැගිල්ල තුළ භික්ෂූන් වහන්සේලා භාවනායෝගීව වැඩ සිටින්නට ඇතැයි විශ්වාස කෙරෙනවා. ගොඩනැගිල්ලේ වහලය ලෙස දක්නට ලැබෙන ඉහළ කොටස ද පිහිටි කබොක් පාෂාණයෙන් ම තමයි නිර්මාණය කරලා තියෙන්නේ. වහලයට ආධාරකයක් විදියට ගොඩනැගිල්ල මධ්‍යයේ කබොක් ගල කපා සෑදු කණුවක් දක්නට හැකි වීමත් ගොඩනැගිල්ලේ එක් විශේෂත්වයක්. ඊට යාබදව කබොකින් නිර්මාණය කළ අඩි 10ක් පමණ විශ්කම්භයෙන් යුතු කුඩා දා ගැබක් ද දක්නට හැකියි.
විශේෂයෙන්ම කෝට්ටේ ප්‍රදේශය ජනාවාසකරණයට ලක් වීමත් සමග ශේෂව තිබු කෝට්ටේ රාජධානියට අයත් පෞරාණික ස්ථාන, ස්මාරක රැසක් විනාශ වූ බව නොරහසක්. ඒ නිසා පුරාවිද්‍යාත්මක සාධක ඇසුරින් කෝට්ටේ ඉතිහාසය ගොඩනැංවීම වර්තමානයේ අති දුෂ්කර කාර්යයක් වෙලා තියෙනවා. කෝට්ටේ සංචාරය කරන කෙනෙකුට දක්නට ලැබෙන පුරාවිද්‍යා ස්ථාන සීමිත ප්‍රමාණයක් විතරයි අද තියෙන්නේ. ඒවා අතරින් දැනට ශේෂව පවතින සුවිශේෂී ස්ථානයක් විදියට කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල භූමියේ පිහිටි මෙම ස්ථානය හදුන්වන්න පුලුවන්.

Last edited: