දාන සීල භාවනා වලින් නිවන් දැකිය නොහැක

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    දාන සීල භාවනා වලින් නිවන් දැකිය නොහැක

    බුද්ධ දර්ශනය – 5

    දැනට අවුරුදු 2100කට පමණ පෙර නිර්මාණය වුණු බුද්ධාගමෙන් කවුරුත් නිවන් දැක නැති බව මහජනයා නොදන්නා දෙයක් නොවේ. මෙය නැවත මතක් කර දීමක් පමණ ය. බුද්ධාගම නමැති එම ජීවන ක්‍රමයේ පදනම වී ඇත්තේ දාන සීල භාවනා යි. අද ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම, බුද්ධාගම යන නම කන වැටුණොත් බුදු පණිවුඩය විශේෂයෙන්ම දාන, සීල, භාවනාවලින් පොෂිත මගක් බවට තේරෙන විදිහට විකෘත වී ඇත.

    දාන සීල භාවනාවලින් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පස්වග තවුසන්ට ධම්ම චක්ඛ පවත්තන සූත්‍රයේ එක් වරක් පමණක් නොව දොළොස් වරක් සඳහන් කරති. එම කරුණ දෙසා ඇත්තේ “පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු” යනුවෙනි. බුදුන් වහන්සේ පස්වග තවුසන්ට ඇමතූයේ මා දෙසන්ට යන්නේ ඔබලා “පෙර නොඇසූ දහමකි”. යනුවෙනි. ඔවුන් පෙර දැන සිටියේ තවුස් දම් රකිමින්, සීලය රකිමින්, භාවනා කරමින් අනුන්ගෙන් ආහාර යැපෙන ජීවන ක්‍රමයකි. එම ක්‍රමය නම් දාන, සීල, භාවනා හා පිණ්ඩපාතයයි. එය හින්දු ජෛන ආගම්වල මූලික පදනමයි. අවුරුදු 2100කට පෙර, එනම් බුදුන් වහන්සේ පිරිනිවන් පා අවුරුදු 500කට පසු සෑදුණු බුද්ධාගමට බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළ ජිවන ක්‍රමයක් හින්දු හා ජෛන ආගම්වලින් ඇතුල් වී ඇත.

    ආහාර, මුදල්, ඉඩකඩම්, සුඛෝපභෝගී වාහන පූජා කිරීමෙන් හොඳක් කොට ඉදිරියට නිවන් දැකිය හැක යන රැවටීමට අප ලංකාවේ ද මහජනයා හසු වී ඇත. නිවන මුදලට ගන්නා දෙයක් නොවන බව “ලද්ධා මුධා නිබ්බුතිං බුඤ්ඤමානා”. “නොමිලේ ලැබුණු නිවන (ආර්යයන්) අත්විඳින්නාහු ය.” යනුවෙන් රතන සූත්‍රයේ සඳහන් වේ. මෙහි යම්කිසි ක්‍රියාවකට ඵලයක් ලැබීමට බලාපොරොත්තුවෙන් යම්කිසි දෙයක් පූජා කිරීමෙන් ලැබිය හැකි බව අපට අසන්නට ලැබෙන නිසා මහජනයා රැවටුණු බව නොදැන මෙවැනි දේ කරති.

    ආනිශංස බුදුන් වහන්සේ දේශනා කළ අනිත්‍යතාවයට විරුද්ධ බව සාමාන්‍ය මහජනයා නොදනිති. අනිත්‍යතාවයෙන් කිසිම දෙයක් රැස්කොට, ගබඩා කළ නොහැක. අනිත්‍යතාවය යනු ඇති වී, සම්පූර්ණයෙන්ම නැති වී – කිසි ශේෂයක් ඉතිරි නොවන සේ – “අශේස නිරෝධෝ” – සිදුවන ක්‍රියාවකි. එහි කළ ක්‍රියාවල කිසිම දෙයක් තැන්පත් නොවේ. එය බුද්ධ ධම්මවල ස්වභාවයයි. මෙය නිවන් දැකීමේදී (සෝවාන් වීමේදී) ප්‍රඥා ඇසින් දකින සත්‍යතාවයකි.

    නැති අයට දානය දීම සමාජයේ හොඳ දෙයකි. ඇති අයට පෞද්ගලිකව දානය දීමෙන් (මුදල්, ආහාර ආදිය) තමන්ගේ ලෞකික ජීවිතයට කිසිම පලක් සිදු නොවේ. බොහෝ දෙනා එකක් දී දහසක් බලාපොරොත්තු වීම පිරිසිදු බුද්ධ පණිවුඩයට කරන අවමානයකි. බුදු දහමේ අනිත්‍යතාවයට කරන නින්දාවකි.

    දාන, සීල, භාවනාවලින් තරවන්නේ “මම” යන අදහස ය. “මම” දානය දීමක්, සිල් ගැනීමක්, භාවනා කිරීමක් සිදු වේ. තවද දානයේදී හා සිල් ගැනීමේදී තව “කෙනෙකුත්” සම්බන්ධ වී බැඳී සිටින නමුත් බුද්ධ දේශනයේ එසේ “මම” කියා කෙනෙක් ඇත්තටම නැත.

    මීළඟ ලිපියෙන්, “දාන සීල භාවනාවෙන් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි?” යන්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

    – වෛද්‍ය ගාමිනී අභය
    http://www.buddhaintelligence.org
     

    banned guy

    Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    දාන සීල භාවනාවෙන් නිවන් නොදකින බව බුදුන් Š

    පන්සිල් දී බෞද්ධ කටයුත්තක් පටන් ගැනීම අද සමාජයේ නිරන්තරයෙන් සිදුවන දෙයකි. එසේ වුවද බුදුන් වහන්සේ කිසිම සූත්‍රයක් පන්සිල් දී පටන් ගෙන නැත. එසේ නම් බෞද්ධ යැයි කියාගන්නා පූජ්‍ය පක්ෂය සෑම කටයුත්තක්ම පන්සිල් දීමෙන් පටන් ගන්නේ ඔවුන් හින්දු හා ජෛන ආගම් අනුකරණය කරන නිසාද?

    “සීලය වැඩි වෙත්ම රහතුන් හීන වේ” යැයි සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේ බුදුන් වහන්සේ කියා තිබෙද්දීත් එසේ කරන්නේ ඇයි? කෝටියක් සංවර සීලය ආරක්ෂා කරනවා යැයි පොරොන්දු වී සිවුරක් දමාගෙන ඉන්නා පූජ්‍ය පක්ෂය ද, ඒ නිසා කිසිදා සීලබ්බත (සීල ව්‍රත) පරාමාස නැති වී නිවන් නොදකිනු ඇත.

    සිල් ගන්නා විට අපට දෙසන්නේ නොකරන දේවල් ගැන පමණි. “වේරමණී – ‘නොකරමි” යන්නෙන් කියැවෙන්නේ නොකරන දේවල් ගැනයි. කෙසේ වෙතත් පැය 8ක කාලයක් පමණ තව කෙනෙකු තෝරාගත් දේවල් කිහිපයක් “මම” යන කෙනා නොකර සිටීමෙන් නිවන් දැකිය හැක්කේ කෙසේද? ඒ ක්‍රමයට “මම” යැයි කෙනෙකු නැති බව සොයාගන්නේ කෙසේද?

    සිල් පවාරණය වීම බුද්ධ දේශනයට තවත් අවමානයකි. සිල් දුන්න කෙනාට නැවත සිල් බාරදීම විහිළුවකි. අද පවතින තත්වයට අනුව ගෙදර ගෙන ගිය හැක්කේ පන්සිල් පමණි. අටසිල්, දසසිල් ගෙදර ගෙන ගිය නොහැක. ඒවා සිල් දුන් කෙනාට නැවත භාරදිය යුතුය. එය ජනතාව නැවත පන්සල ඇද ගැනීමට කළ කූට උපක්‍රමයකි. මේ ක්‍රමයට නැවත සිල් පිළිගන්නා විට (සමාදන් වන විට) නැවතත් පන්සලට ගොස් සිල් භාරගත යුතුය.

    මෙවැනි “මම” යන අදහස හා තව “කෙනෙකු” සිටින යන අදහස තර වීමෙන් “මම” කියා කෙනෙකු නැති බව ප්‍රඥා ඇසින් දැක ගන්නේ කෙසේද? සීලබ්බත පරාමාස නැති වී සෝවාන් වන්නේ කෙසේද?

    මෙවැනි බුද්ධ වචනයට විරුද්ධ හින්දු හා ජෛන ආගම්වලින් උපුටාගත් වැරදි ක්‍රමවලින් අවුරුදු 2100කට කවුරුත් නිවන් දැක නැත්තේ ඇයිදැයි පුදුමයක් නොවේ.

    “දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ” – “දර්ශනය (සෝතාපන්න) සාර්ථක වන්නේ සීල වැනි දිට්ඨිවලට නොපැමිණයි.” යන්න පැහැදිලිව ප්‍රකාශ කර තිබියදීත් බුද්ධ වචනයට විරුද්ධ දේවල් පූජ්‍ය පක්ෂය මහජනයාට කරවන්නේ ඇයි?

    මෙතෙක් දාන සීල වලින් නිවන් දකින්නට නොහැකි බව බුදුන් වහන්සේ දේශනා කළේ ඇයි යන්න කෙටියෙන් සාකච්ඡා කෙරිණි. මීළඟ ලිපිවලින් භාවනාවලින් නිවන් දකින්න බැරි ඇයි යන්න සාකච්ඡා කරමු.

    වෛද්‍ය ගාමිනී අභය
    http://www.buddhaintelligence.org
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    අනේ බන්..බුදු හාමුදුරුවන්ටත් වඩා ඉහල ගියපු උන් මේ කාලෙ.පහල වෙලා වැදි බණ කියනන එනවා..හොයල බලපුවම කොහේ හරි සල්ලි කුට්ටියකට පුක.දීපු දෙකයි පනහෙ ක්‍රිස්තියානි හරි NGO හරි වේසිගෙ පුතෙක්..
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ආ මේ අර බුදුවුනා කියලා කෑගහන පිස්සෙක් නේ. මුන් අංගොඩ ගෙනිහින් බෙහෙත් අරන්දෙන්න එකෙක් නැනේ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    පෝරිසාදයා;24854456 said:
    අනේ බන්..බුදු හාමුදුරුවන්ටත් වඩා ඉහල ගියපු උන් මේ කාලෙ.පහල වෙලා වැදි බණ කියනන එනවා..හොයල බලපුවම කොහේ හරි සල්ලි කුට්ටියකට පුක.දීපු දෙකයි පනහෙ ක්‍රිස්තියානි හරි NGO හරි වේසිගෙ පුතෙක්..

    Modern Buddhism follow karana ekek wennathi mu.

    Buduhamuduruwo danna deyak nehe dan inna “kanhala siri” modern hamuduruwo ekka baluwama.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කරුනාකරල අසත්යය ප්‍රචාරය කරන්ඩ එපා, :no::no:
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    කරුනා කරල අසත්යය ප්‍රචාරය කරන්ඩ එපා, :no::no:

    Buduhamuduruwonta miss wechcha points hoyaganna dan NGO walin fund karanawa. Siri kanhalunge wasanawa thamai.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Buduhamuduruwonta miss wechcha points hoyaganna dan NGO walin fund karanawa. Siri kanhalunge wasanawa thamai.

    :yes::yes: හැම එකාම බලන්නෙ සීහලුන්ටම කෙලින්ඩ බන්, අපේ උනුත් ඒවට රැවට්ලා අපිටම කෙලින්ඩ හදනව...