දාන සීල භාවනා වලින් නිවන් දැකිය නොහැක
බුද්ධ දර්ශනය – 5
දැනට අවුරුදු 2100කට පමණ පෙර නිර්මාණය වුණු බුද්ධාගමෙන් කවුරුත් නිවන් දැක නැති බව මහජනයා නොදන්නා දෙයක් නොවේ. මෙය නැවත මතක් කර දීමක් පමණ ය. බුද්ධාගම නමැති එම ජීවන ක්‍රමයේ පදනම වී ඇත්තේ දාන සීල භාවනා යි. අද ලංකාවේ පමණක් නොව මුළු ලෝකයේම, බුද්ධාගම යන නම කන වැටුණොත් බුදු පණිවුඩය විශේෂයෙන්ම දාන, සීල, භාවනාවලින් පොෂිත මගක් බවට තේරෙන විදිහට විකෘත වී ඇත.
දාන සීල භාවනාවලින් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පස්වග තවුසන්ට ධම්ම චක්ඛ පවත්තන සූත්‍රයේ එක් වරක් පමණක් නොව දොළොස් වරක් සඳහන් කරති. එම කරුණ දෙසා ඇත්තේ “පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු” යනුවෙනි. බුදුන් වහන්සේ පස්වග තවුසන්ට ඇමතූයේ මා දෙසන්ට යන්නේ ඔබලා “පෙර නොඇසූ දහමකි”. යනුවෙනි. ඔවුන් පෙර දැන සිටියේ තවුස් දම් රකිමින්, සීලය රකිමින්, භාවනා කරමින් අනුන්ගෙන් ආහාර යැපෙන ජීවන ක්‍රමයකි. එම ක්‍රමය නම් දාන, සීල, භාවනා හා පිණ්ඩපාතයයි. එය හින්දු ජෛන ආගම්වල මූලික පදනමයි. අවුරුදු 2100කට පෙර, එනම් බුදුන් වහන්සේ පිරිනිවන් පා අවුරුදු 500කට පසු සෑදුණු බුද්ධාගමට බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළ ජිවන ක්‍රමයක් හින්දු හා ජෛන ආගම්වලින් ඇතුල් වී ඇත.
ආහාර, මුදල්, ඉඩකඩම්, සුඛෝපභෝගී වාහන පූජා කිරීමෙන් හොඳක් කොට ඉදිරියට නිවන් දැකිය හැක යන රැවටීමට අප ලංකාවේ ද මහජනයා හසු වී ඇත. නිවන මුදලට ගන්නා දෙයක් නොවන බව “ලද්ධා මුධා නිබ්බුතිං බුඤ්ඤමානා”. “නොමිලේ ලැබුණු නිවන (ආර්යයන්) අත්විඳින්නාහු ය.” යනුවෙන් රතන සූත්‍රයේ සඳහන් වේ. මෙහි යම්කිසි ක්‍රියාවකට ඵලයක් ලැබීමට බලාපොරොත්තුවෙන් යම්කිසි දෙයක් පූජා කිරීමෙන් ලැබිය හැකි බව අපට අසන්නට ලැබෙන නිසා මහජනයා රැවටුණු බව නොදැන මෙවැනි දේ කරති.
ආනිශංස බුදුන් වහන්සේ දේශනා කළ අනිත්‍යතාවයට විරුද්ධ බව සාමාන්‍ය මහජනයා නොදනිති. අනිත්‍යතාවයෙන් කිසිම දෙයක් රැස්කොට, ගබඩා කළ නොහැක. අනිත්‍යතාවය යනු ඇති වී, සම්පූර්ණයෙන්ම නැති වී – කිසි ශේෂයක් ඉතිරි නොවන සේ – “අශේස නිරෝධෝ” – සිදුවන ක්‍රියාවකි. එහි කළ ක්‍රියාවල කිසිම දෙයක් තැන්පත් නොවේ. එය බුද්ධ ධම්මවල ස්වභාවයයි. මෙය නිවන් දැකීමේදී (සෝවාන් වීමේදී) ප්‍රඥා ඇසින් දකින සත්‍යතාවයකි.
නැති අයට දානය දීම සමාජයේ හොඳ දෙයකි. ඇති අයට පෞද්ගලිකව දානය දීමෙන් (මුදල්, ආහාර ආදිය) තමන්ගේ ලෞකික ජීවිතයට කිසිම පලක් සිදු නොවේ. බොහෝ දෙනා එකක් දී දහසක් බලාපොරොත්තු වීම පිරිසිදු බුද්ධ පණිවුඩයට කරන අවමානයකි. බුදු දහමේ අනිත්‍යතාවයට කරන නින්දාවකි.
දාන, සීල, භාවනාවලින් තරවන්නේ “මම” යන අදහස ය. “මම” දානය දීමක්, සිල් ගැනීමක්, භාවනා කිරීමක් සිදු වේ. තවද දානයේදී හා සිල් ගැනීමේදී තව “කෙනෙකුත්” සම්බන්ධ වී බැඳී සිටින නමුත් බුද්ධ දේශනයේ එසේ “මම” කියා කෙනෙක් ඇත්තටම නැත.
මීළඟ ලිපියෙන්, “දාන සීල භාවනාවෙන් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි?” යන්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.
– වෛද්‍ය ගාමිනී අභය
http://www.buddhaintelligence.org