දැං මොකද කරන්නෙ ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    දැං මොකද කරන්නෙ ?

    අඩු ගානට එළිය දෙන බල්බ් මාරයා ( CFL දාන්න කලින් දෙපාරක් හිතමු)


    කියුබානු වැසියෙකු තම කාමරයේ දැවී ගිය CFL බල්බයක් එය සිසිල් වන්නට පලමු නොසැලකිල්ලෙන් ඉවත් කරන්නට යාමේදී රත් වී තිබූ බල්බය බිම වැටී පුපුරා ගිය අතර ,බල්බයේ තිබුණු රසදිය වාෂ්පය තැවරී තිබුණු වීදුරු කැබැල්ලකට ඔහුගේ පාදයක් කැපිණ.අනතුරුව රෝහල් ගත කෙරුණු ඔහු හට සති කිහිපයක් ම යන තෙක් දැඩි සත්කාර ඒකකයේ තබා ප්‍රතිකාර ගන්නට සිදුවූ අතර ,ඉනුත් මාස කිහිපයක් යන තුරුම මේ අසරණයාගේ පාදාය් ඇතිවූ තිබූ තුවාලයෙන් මස් කුණු වී ,දියවී යන්නට වූයෙන් දීර්ඝ කාලයක් යන තුරුම ඔහුට රෝහලේ සිටින්නට සිදු විය.

    බලශක්තිය සංරක්ෂණය කර ගැනිමේ ,විදුලි බලය ඉතිරි කර ගැනීමේ සහ පරිසර හිතකාමී හරිත නිෂ්පාදනයක් ලෙස මෙම CFL බල්බ ලොව පුරා ප්‍රචලිත වෙමින් පවතින අතර .ලොව ඇතැම් රටවල් සාම්ප්‍රදායික බල්බ භාවිතය තහනම් කරමින් , CFL බල්බ භාවිතය අනිවාර්ය කරමින් නීති රෙගුලාසි පනවමින් ද සිටී.

    වසරින් වසර නිවෙස් තුළ ,කුණු ගොඩවල් වල,පාර ගොටේ ගංගි ඇළ දොලවල්තුළ එකතු වෙන භාවිත කර ඉවත් කරනු ලබන ඪ බල්බවලට කළ යුතු දේ ,නොඑසේ නම් ඒවා පරිසර හිතකාමී ලෙස බැහැර කරන්නේ කෙසේදැයි ඒවා අළෙවි කරන්නන් හෝ කිසිදු බලධාරියෙක් අපට කියා නොදෙන බැවින් වත්මන් සමාජය මදි නොකියන්න අති විඳින පාරිසරික හා සෞඛ්‍ය ගැටළු වලට අමතරව තවත් ගැටළු වක් බවට පත් වන්නට පෙරාතුව මේ පිළිබඳව අවධානය යොමු කිරීම මැනැවැයි සිතමි.

    CFL බල්බයකින් ජලය ගැලුම් 6,000ක් විස බවට පත් කරයි.ලංකාවේ භාවිත කර ඉවත දමන සියලුම CFL බල්බ අවසානයේදී මහ පොළවට ,ජල මූලාශ්‍ර වලට එකතු වන අතර ,සාමාන්‍යයෙන් වසරකට ලෝකය පුරා මිලියන 900ක් පමණ මෙසේ CFL බල්බ අක්‍රමවත්ව බැහැර කරණු ලබන බව සොයා ගෙන ඇත.

    ·මෙසේ බැහැර කරන එක් CFL බල්බයක ‘රසදිය‘මිලි ග්‍රෑම් 5ක් පමණ ඇතැයි ගණන් බලා ඇත.රසදිය වනාහි ඉතාම විෂ සහිත බැර ලෝහයක් වන අතර ,එක් බල්බයක ඇති එසදිය ප්‍රමාණයෙන් ජලය ගැලුම් 6,000ක් දූෂණය කෙරෙන බව පරිසර විද්‍යාඥයින් ප්‍රකාශ කරනු ලබනවා.

    ·මෙවැනි බල්බ පහක ඇති රසදිය ප්‍රමාණය ජලය ලීටර් 7,70,000ක් තුළ සිටින සියලුම ජලජ ජීවින්ගේ පැවැත්ම අනතුරේ හෙළීමට ප්‍රමාණවත් වනු ඇත.
    මෙසේ බැහැර කෙරෙන රසදිය පරිසරයේදී මෙතිල් මර්කරි නැමැති ජීවින්ට අතිශයින්ම විශ සහිත සංයෝගයක් බවට පත්වන අතර ,මෙම මෙතිල් මර්කරි පසට,ජලයට,ආහාර භෝගවලට අවශෝෂණය වන අතර ,සාමාන්‍යයෙන් මෙම සංයෝගය බොහෝ කාලයක් යන තුරු පරිසරයෙන් ඉවත් නොවී පවතිනු ඇත.අනෙක් අතට මෙම සංයෝගය ආහාර දාම හා ජාල ඔස්සේ සාන්ද්‍රණය වන බැවින් ආහාර දාමයේ ඉහලින්ම සිටින මාංශ භක්ෂකයින්ට පක්ෂීන්ට සහ විශේෂයින් මිනිසාට කරනු ලබන අනතුර ඉතාම බරපතළ බව විද්‍යාඥයින් ප්‍රකාහ කරනු ලබනවා.

    මෙතිල් මර්කරි වලින් වැඩුණු පුද්ගලයින්ගේ මොළය හා ස්නායු පද්ධතියට හානි පමුණුවන අතර .ළමුන් තුළ ඉගෙනීමේ අපහසුතා,වර්ධනයේ සහ විකසනයේ සිදු වන ආපසු සකස් කල නොහැකි ආබාධ ඇති විය හැකි බවත්,ගර්භනී මවුවරුන්ට හා ළදරුවන්ට කුඩා ප්‍රමාණයකින් වුව බරපතළ සෞඛ්‍ය ගැටළු ඇති කල හැකි බවත් ‘කාල්ටන්‘සරසවියේ රසායන විද්‍යා මහාචාර්ය ‘රොබර්ට් බර්ක් ‘මහතා ප්‍රකාශ කර ඇත.ඇමෙරිකානු ජාතික විද්‍යා ඇකඩමියේ වාර්ථාවකට අනුව සෑම වසරකදීම ඇමෙරිකානු දරුවන් 60,000ක් පමන ඔවුන්ගේ මවුවරුන් ගර්භනී සමය තුළ දී මෙතිල් මර්කරි රසායනයේ බලපෑමට ලක්ව සංකුලතා සහිතව ඉපදෙන බව පෙන්වා දී ඇත.

    බිඳුණු CFL බල්බයකින් සිදුවන අනතුර




    මෙම බල්බයක් කාමරයක් තුළදී බිඳී ගියොත් ,එක් බල්බයක් තුළ ඇති රසදිය ප්‍රමාණය ,යම් පුද්ගලයෙකු නිරාවරණය විය හැකි අනතුරු දායක නොවන රසදිය මට්ටම මෙන් 300 ගුණයක රසදිය වාෂුප හා කුඩු ප්‍රමාණයක් බව සොයා ගෙන ඇත.
    රසදිය වාෂ්පයට නිරාවරණය වීම ,ඉතාම බරපතළ සෞඛ්‍ය ආබාධ වලට ලක්වන්නට සිද වන කාරණාවක් වනු ඇත.මෙය නූපන් දරුවන්ට,ළමයින් වියපත් අයට දරුවන්ට,දුර්වල සෞඛ්‍ය තත්වයකින් පසුවන පුද්ගලයින්ට විශේෂයින් අවදානම් බවයි පැවසෙන්නේ.අනෙක් අතට කැඩුනු බල්බයකින් නිකුත් කෙරෙන රසදිය වාෂ්ප හා කුඩු ඔබේ කාමරය තුළ ,ඇඳ ඇතිරිල්ල මත ,කාපට් එක මත,අවුරුදු 20ක් පමණ රැඳී පැවතිය හැකි වීමෙන් මෙහි ඇති බරපතළ කම සිතා ගත හැකිය.
    මේ අනුව එක් බල්බයක් ඔබේ කාමරය තුළ බිඳී යාම එය හුදෙක් විදුලි බල්බයේ වටිනාකම අහිමි වීමක් පමණක් නොවන බව දැන් ඔබට වැටහෙනවා ඇති.අනාගත පරම්පරාවක දරුවන් මේ රසදිය වලින් දූෂිත පරිසරයේ කාපට් මත,ඇඳ ඇතිරිලි මත කෙළි සෙල්ලම් කරනු ඇත.ඇමෙරිකානු පාරිසරික ඒජන්සිය එරට ජනයාට ලබා දෙන අවවාද අපට වැදගත් වනු ඇත.

    11 CFL මාරු කරන විට දී කිසි විටෙකත් බල්බය රත්ව තිබෙන විටදී සිදු නොකරන්න.

    22 කාමරයක් තුලදී CFL බල්බයක් කැඩී ගියහොත් එම කාමරයේ සිටින සියලුම කුඩා දරුවන් ,ගර්භනී මව්වුරුන් ඇතුළු අවදානම් සහගත අය වහාම ඉවත් කරන්න.

    3 3 ඉන් අනතුරුව සියලුම දොර ජනෙල් මිනිත්තු 15ක පමණ විවෘත කර තබන්න.

    4 4 කාමරයේ විදුලි පංකා ක්‍රියාත්මකව පවති නම් ඒවා විසන්ධි කරන්න.

    5 එක් වරක් භාවිත කර ඉවත් කරන අත් වැසුම් පැළඳ ඉතිරි කටු කැබලි ප්‍රවේසමෙන් ඉවත් කරන්න.කාමරයේ බිත්ති හා ගෙබිම තෙත රෙදි හෝ තෙත පත්තර කඩදාසිවලින් පිස දමන්න.

    6 එම කාමරයේ ඇති සියලුම ඇඳ ඇතිරිලි ,රෙදි පිළි යළි භාවිත නොකර ඉවත් කරන්න.

    7 සියලුම ඉවත් කල ද්‍රව්‍ය සීල් කල පොලිතීන් ඇසුරුමකට දමා ‘අන්තරාදායක කසළ‘ ලෙස නම් කර පළාත් පාලන ආයතනයට භාර දෙන්න.(අපරටේ එවන් දෙයක් සිදු නොවන නිසා අපට අදාළ නොවන්නකි)

    CFL බල්බ දැල්වීමෙන් පියයුරු පිලිකා අවධානම ඉහල යනවාද?

    CFL බල්බ දැල්වීමේදී ඉන් නිකුත් කෙරෙන නිල් පැහැති ආලෝකය දිවා කාලයේ ආලෝකයට තරමක් සමාන වන බැවින් ,රාත්‍රී කාලයේදි අපේ මොළයේ ‘පයිනිල් ‘ ග්‍රන්ථියෙන් නිකුත් කෙරෙන ‘මෙලටොනින්‘ හෝමෝනය ශ්‍රාවය වීම අඩාල වන බවත්,මෙම තත්වය පියයුරු හා පිරිමින්ගේ ප්‍රොස්ට්‍රේට් ග්‍රන්ථියේ පිළිකා ඇති වීමට හේතු වන තත්වයක් බවත් ,මේ පිලිබඳව පර්යේෂණ කර ඇති ඊශ්‍රයලයේ හයිෆා සරසවියේ ජීව විද්‍යා මහාචාර්ය ‘ඒබ්‍රහම් හෙයිම් ‘මහතා විසින් ප්‍රකාශ කර ඇත.කවර හෝ ආලෝක ප්‍රභවයක් තුල රාත්‍රී වැඩ මුර වල නිරත වන හෙදියන් ,හා වෙනත් සේවිකාවන් හට පියයුරු පිළිකා වැළඳීමේ අවධානම ඉහල බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිලිගෙන ඇත.



    අනෙක් අතට CFL බල්බ වැඩි වෙලාවක් දැල්වීමේදි විද්‍යුත් චුම්බක කිරණ සහ ෆීනෝල් නැප්තලීන් සහ ස්ටයිරීන් වැනි රසායනික ද්‍රවයයන් ද නිකුත් කෙරෙන බවත් ,දීර්ඝ කාලයක් මෙම කිරණවලට සහ රසායනික් ද්‍රව්‍යය වලට නිරාවරණය වීම අනතුරු දායක බවත් විද්‍යාඥයින් අනතුරු අගවන අතර CFL බල්බ මගින් නිකුත් කෙරෙන විද්‍යුත් චුමුබක විකිරණ මඟින් පිළිකා තත්ව ඇති වන්නේදැයි සොයා බැලීමට තව දුරටත් පර්යේෂණ කල යුතු බව ඔවුන් පවසා සිටියි.
    මේ වන විට බොහෝ රටවල් වල CFL භාවිතය කෙරෙහි නිති රෙගුලාසි පැනවෙමින් පවතී.
    *නවසීලන්ත රජය සාම්ප්‍රදායික විදුලි බුබුළු තහනම් කරන්නට ගෙන තිබූ නීතිය ඉවත් කර ගෙන ඇත.
    *ජර්මන් රජය විසින් එරට පොදු ස්ථාන ,ආරෝග්‍ය ශාලා තුල CFL බල්බ භාවිතය තහනම් කැ ඇත.
    *ඇමෙරිකාවේ කැරොලිනා ප්‍රාන්ත රජය CFL භාවිතය සීමා කරන්නට නීති රැසක් පනවා ඇත.
    *සියලුම සංවර්ධිත රටවල CFL බල්බ වලින් වන හානිය අවම කිරීම සඳහා භාවිත කල බල්බ පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමේ වගකීම ඒවා නිෂ්පාදනය කරන සමාගම් වලට පවරා ඇත.

    මොහොතක් සිතන්න.ඔබේ ,ඔබේ දරුවාගේ .සමීපතයින්ගේ ,ජීවිත ආරක්ෂා විය යුතුය.භාවිතයෙන් ඉවත් කල CFL බල්බ ඉවත දමන්නට පෙර ඒවායින් ඔබ හා අන් අය සුරක්ෂිතද යන්න ගැන මඳක් සිතන්න.හුදු ලාභය ගැන පමණක් නොසිතා වෙළදපොලේ විකිණීමට ඇති ලාභදායී CFL බල්බ මිලදී ගැනීමට පෙර දෙවරක් සිතන්න.

     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සූත්‍රිකා පහන :lol:

    ඇයි තෝ දෙමළද සිඞ්හලයෝ :baffled: :baffled: :baffled:
    ඒවට කියන්නෙ සූත්‍රිකා පහන තමා :yes: :yes: :yes:
    ඒවගෙ එලිය ඇහැටත් සනීපයි අනික ලස්සනයි :D :D :D
    මං නං කැමතිම ඒවට :D :D :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඇයි තෝ දෙමළද සිඞ්හලයෝ :baffled: :baffled: :baffled:
    ඒවට කියන්නෙ සූත්‍රිකා පහන තමා :yes: :yes: :yes:
    ඒවගෙ එලිය ඇහැටත් සනීපයි අනික ලස්සනයි :D :D :D
    මං නං කැමතිම ඒවට :D :D :D

    සිංහලෙන් කියන්නෙ Incandescent Bulb කියල :)