සරල කමට සෙරෙප්පු දාගෙන ගෙදර හිටියට අවුලක් නෑ...
ඒත් ඇඳුමෙන් පැලඳුමෙන් අපි කරන්නේ අනිත් අයට අපේ එයාලා ගැන තියෙන ගරුත්වය පිළිබිඹු කිරීමක්..අපි ඒ අපිට invite කරන කෙනා හෝ අපි ඒ යන ස්ථානය ගැන අපි දක්වන ආකල්පය...අපිට ඕන එකක් ඇඳගෙන යන්න පුලුවන්...ඒත් එකෙන් අපහසුවට පත් වෙන්නේ අපිට වඩා, අපි එක්ක යන මිනිස්සු...
මම නම් පොඩි එකාව නර්සරි දාන්න යනකොට උනත් ලස්සනට ශර්ට් එකක් ඇඳන්, ට්රවුසර දාගෙන යන්නේ...පාටි වගේ නෙමෙයි...decent පිට...මොකද මට කොහොම උනත් මගේ ලමයට මම ඇඳගෙන යන විදිහ අනුව ටීචර්ට impression එකක් ඇති වෙනවා..(චූටි ටීචර්ලා ලස්සන නිසා පොඩ්ඩක් කිට ගහලා යන එක වෙනම කතාවක්

)
වෙඩින් එකකට සරම ගහලා ගියොත් මම සරලයි කියලා, ඒකෙන් අවුල් යන්නේ කපල් එකට...ඒ වගේ තමයි....තමන්ගේ සරලකම තමන්ට තියා ගන්න ඕන..තැනට සුදුසු වෙන්නත් ඕනේ
--
අපේ හිටියා පට්ට සැලරියක් ගන්න ආකියෙක්...මූ ඔෆිස් එකේ ටීශර්ට් ගහලා සපත්තු දාලා ශේප් එකේ ඉන්නවා...ගෙදරට ඉන්නේ, උගේ පුද්ගලික දේවලට යන එනකොට අමු හිඟන්නා වගේ හැබැයි ඉන්නේ...පට්ටම සරලයි...වාහනයක් වත් පාවිච්චි කරන්නේ නෑ...ඒක ඌ පෞද්ගලිකව කරන දෙයක්...කාටවත් පේන්න කරන්නේ නෑ..