දැකුම්වට්ටිය හදන්නෙ කොහොමද? Help

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    දැකුම්වට්ටිය හදන්නෙ කොහොමද? Help

    දේවාලවල දෙවියන්ට පූජාවට්ටි ඔප්පු කරනවනෙ. පූජාවට්ටියට සාමාන්‍ය යෙන් පළතුරු තමයි ගන්නෙ. පළතුරු වර්ග 5 යි. කැවිලි වර්ග 5 යි. තැඹිලි ගෙඩියයි. බුලත් කපුරු දැහැත් සහ පඬුරු.

    දැකුම්වට්ටි කියල ජාතියකුත් පූජා වලට තියනව. මේවට තියන්නෙ පළතුරු නොවෙයි එළවළුයි ප්‍රධාන වශයෙන්. දන්න කෙනෙක් කියන්නකො දැකුම්වට්ටියක අඩංගු වෙන්න ඕනැ ජාති විස්තර ඇතුව.

    ලොකු උදව්වක්. යාළුවකුගෙ වැඩකටයි අහන්නෙ.

    AnuradhaRa

    Well-known member
  • කිව්වට තරහ වෙන්ඩ එපා..
    ඕව බොරු වැඩ නේ මචං..
    දේවාල වල ඉන්න කපුවන්ට දොල පිදේනි දෙනවට වඩා හොඳ නැද්ද, කන්ඩ නැති හිඟන්නො ටිකක් හොයාගෙන කෑම වේලක් දුන්නනං..
    හොඳ හිතින් යහපත් වැඩක් කරල, තමන්ගෙ අරමුණත් ඉෂ්ට වෙන්ඩ කියල පාර්තනා කරන්ඩ ;)
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    කිව්වට තරහ වෙන්ඩ එපා..
    ඕව බොරු වැඩ නේ මචං..
    දේවාල වල ඉන්න කපුවන්ට දොල පිදේනි දෙනවට වඩා හොඳ නැද්ද, කන්ඩ නැති හිඟන්නො ටිකක් හොයාගෙන කෑම වේලක් දුන්නනං..
    හොඳ හිතින් යහපත් වැඩක් කරල, තමන්ගෙ අරමුණත් ඉෂ්ට වෙන්ඩ කියල පාර්තනා කරන්ඩ ;)

    කිසිම තරහක් නැහැ. මේවා ඇත්තද බොරුද කියා සොයා බැලුවාට, තර්ක කළාට, ඒත්තු ගැන්වූවාට වරදක් නැහැ මල්ලි. නමුත් ඒ මෙතැන නෙමෙයි.

    මමත් පිළිගන්න වගේම නොපිළිගන්න දේවල් තියෙනවා. නමුත් ඒ නොපිළිගන්න දේ ගැන අළුත් කරුණු ලැබුණොත් විසිකරන්නේ නැහැ.

    මට මෙහිදී අවශ්‍ය මේ ප්‍රශ්නයට අදාළ පිළිතුරුයි. එය ලැබුණාට පසු වෙනත් මත ගැන ෙසායා බලමු.

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැකුම් වට්ටි හුගක් වෙලාවට තියන්නේ දරුවන්ට පත්තිනි දේවියට වෙච්චි බාර හාර වලට.
    ඕකට ගන්නේ කිරි නැති එළළුළු වර්ග, දඹළ, මෑකරල්,රාබු, අළුකෙසෙල් වගේ ඒවා. ඊට අමතරව මිරිස්-කුනපහ සහ කහ කුඩු, පොල්තෙල් බෝතලයක්. බාර වෙලා තියන හැටියට රිදී තොටිල්ලක්, රිදී පූන නුලක්, රිදී බිළිදු රූපයක් එහෙමත් එකතු වෙනවා.
     
    • Like
    Reactions: wapw

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    දැකුම් වට්ටි හුගක් වෙලාවට තියන්නේ දරුවන්ට පත්තිනි දේවියට වෙච්චි බාර හාර වලට.
    ඕකට ගන්නේ කිරි නැති එළළුළු වර්ග, දඹළ, මෑකරල්,රාබු, අළුකෙසෙල් වගේ ඒවා. ඊට අමතරව මිරිස්-කුනපහ සහ කහ කුඩු, පොල්තෙල් බෝතලයක්. බාර වෙලා තියන හැටියට රිදී තොටිල්ලක්, රිදී පූන නුලක්, රිදී බිළිදු රූපයක් එහෙමත් එකතු වෙනවා.

    if can , post more info about these...... please machang
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    දැකුම් වට්ටි හුගක් වෙලාවට තියන්නේ දරුවන්ට පත්තිනි දේවියට වෙච්චි බාර හාර වලට.
    ඕකට ගන්නේ කිරි නැති එළළුළු වර්ග, දඹළ, මෑකරල්,රාබු, අළුකෙසෙල් වගේ ඒවා. ඊට අමතරව මිරිස්-කුනපහ සහ කහ කුඩු, පොල්තෙල් බෝතලයක්. බාර වෙලා තියන හැටියට රිදී තොටිල්ලක්, රිදී පූන නුලක්, රිදී බිළිදු රූපයක් එහෙමත් එකතු වෙනවා.

    එළවළු වර්ග ගණනක් තිෙයනවද 4 ක් 5 ක් වගේ? දැහැත් තියන්ෙන නැද්ද?

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    if can , post more info about these...... please machang

    එළවළු වර්ග ගණනක් තිෙයනවද 4 ක් 5 ක් වගේ? දැහැත් තියන්ෙන නැද්ද?

    වට්ටියේ පතුලට කහ දියරයෙන් සේදූ බුලත් තැබිය යුතුමය.
    එළවළු වර්ග 5ක් අනිවාර්යය වේ. 7ක් හෝ 9ක් ද තියන අවස්ථා ඇත. කහ,තුනපහ,මිරිස් කුඩු පැකට් තැබිය යුතුය.
    ඒ හැර පඩුරු, අර කී රිදී අයිටම් එකක් හෝ කීපයක්, හදුන්කූරු තැබිය යුතුය.
    කහ පැහැති මල් මාලයක් තැබිය යුතුය.
    නවගමුව පත්තිනි දේවාලයේ සමහර විට මේ සමග එළියක් (එනම් බල්බ් එකක්) සහ පොල්තෙල් බෝතලයක් ද තැබිය යුතුය.
    අළුත් එළවළු තැබිය යුතුය. එළවළු කිරි නැති එළවළු (නිදසුනක් ලෙස පිපිඤ්ඤා තබන්නේ නැත) විය යුතුය.
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    වට්ටියේ පතුලට කහ දියරයෙන් සේදූ බුලත් තැබිය යුතුමය.
    එළවළු වර්ග 5ක් අනිවාර්යය වේ. 7ක් හෝ 9ක් ද තියන අවස්ථා ඇත. කහ,තුනපහ,මිරිස් කුඩු පැකට් තැබිය යුතුය.
    ඒ හැර පඩුරු, අර කී රිදී අයිටම් එකක් හෝ කීපයක්, හදුන්කූරු තැබිය යුතුය.
    කහ පැහැති මල් මාලයක් තැබිය යුතුය.
    නවගමුව පත්තිනි දේවාලයේ සමහර විට මේ සමග එළියක් (එනම් බල්බ් එකක්) සහ පොල්තෙල් බෝතලයක් ද තැබිය යුතුය.
    අළුත් එළවළු තැබිය යුතුය. එළවළු කිරි නැති එළවළු (නිදසුනක් ලෙස පිපිඤ්ඤා තබන්නේ නැත) විය යුතුය.

    ඔන්න දැන්නම් ඔක්කොම ටික හරි වගේ.
    කීඹුල දත් ටික සේරම ගැලෙව්ව. ස්තුතියි කීඹුලෝ.

    නවගමු ඒනවද? අාපු වෙලාවක නිවාඩුවක් තිබුණොත් හමුවෙමු.

    AnuradhaRa

    Well-known member
  • කිසිම තරහක් නැහැ. මේවා ඇත්තද බොරුද කියා සොයා බැලුවාට, තර්ක කළාට, ඒත්තු ගැන්වූවාට වරදක් නැහැ මල්ලි. නමුත් ඒ මෙතැන නෙමෙයි.

    :baffled: