අපිට දුකයි, අපි එකඟ නෑ.. ඒත් අපිට කළ හැකි දෙයක් නෑ.....
Highland ලගෙ වැඩ කොච්චර improved වුනාද කියලා නම් dairy industry එකෙ ඉන්න අය දන්නවා ඇති Highland distribution network එක කොච්චර ජාලගතව වර්ධනය වුනාද කියලා..
ඒ වගේම Elephant House කියන්නෙ Ice cream market leader.. අනිත් කිසිම brand එකක් බල්ලෙක්ට ගණන් ගන්නෙ නැති Elephant House ලා Highland ලා launch කරපු premium 500ml range එක නිසා කොර වුන හැටි මම දැක්කා..
State cooperations දුවන්න ඕන කොහොමද කියන එකට දෙන්න පුලුවන් හොදම උදාහරණය තමයි Highland කියන්නෙ. 30%ක විතර තිබ්බ market availability එක මගෙ අනුමානය හරිනම් 80%ට වත් reach කෙරෙව්වා ලසන්තගෙ කාලයේ.
මාර්කට් එකෙ පල් වුනෙ නෑ. Research and developments එක දිගට වුනා. Customer feedbacks එක්ක අප්ඩේට් වුනා.. යෝගට් එකෙ පාටෙ ඉදන්ම care කරපු මනුස්සයෙක්.. හැම කෙනාගෙම අදහස් වලට තැනක් දීපු තරුණ නායකයෙක්..
ආරංචි විදියට ලසන්තව මිල්කො එකෙන් අයින් කරන්න යන්නෙ. එයාට ලිඛිතව දැනුම් දීලා නෑ.. එයා දන්නෙත් මීඩියා වලින් යනකොටලු.
වැඩ දන්න උගත් මිනිස්සු අඩුයි. ඒක අපි මේ ආණ්ඩුවෙ වියත්මගෙන් දැක්කා.
හැබැයි එහෙම එකෙක් දෙන්නෙක් නැතිවම නෙමෙයි ..
ලසන්ත කියන්නෙ එහෙම උගත් වියතෙක්.. උගත් ප්‍රායෝගික වියතෙක්... ලසන්ත මගෙ පෞද්ගලික මිතුරෙක් නෙමෙයි ..
අඩුම මම ඔහු එක්ක කතා කරලවත් නෑ..
හැබැයි මම ඔහුගෙ field එකෙ හිටපු ඔහුගෙ competitor ආයතන දෙකක වැඩ කරපු කෙනෙක්..
මම දන්නවා ලසන්තගෙ කාලයේ මාර්කට් එකෙ හයිලන්ඩ් කරපු වෙනස..
competitor කෙනෙක් විදියට හරිනම් මේ වෙන්න යන්න දේට මම සතුටු වෙන්න ඕන..
ඒත් මම Man with a heart.. මේ මනුස්සයව අගයන්න මේක මොහොත කරගන්නවා..
Government should refocus about this decision.
උපුටා ගැනීම
ලසන්ත වික්‍රමසිංහ මිල්කෝ අයතනය බාරගත්තේ යහපාලන සමයේ දැඩි ලෙස අලාභ ලබන තත්ත්වයට පත්කර තිබූ පරිසරයක වූ වත්මන් ජනාධිපතිතුමා ඔහු වෙත මෙය නගාසිටුවීමේ අභියෝගාත්මක කාර්යය භාර දුන් පසුවය...
ඒ පෞද්ගලික අංශයේ ජාත්‍යන්තර සමාගමක ඉතා ඉහළ වැටුපකට ඉහල නිල දෙයක් දරමින් සිටි දී ඒවා අත්හැර සිය හැකියාවන් මවුබිම වෙනුවෙන් කැප කිරීමට ය....
ඉහත තොරතුරුවලින් පෙනෙන්නේ ඔහු ඒ අභියෝගය ඉතාමත් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ මිලියන ගණනක් ලාභ ලබන සමාගමක් බවට වසර දෙකකින් මිල්කෝ ආයතන පත් කළ බවයි....
එසේ නම් මේ සිදුවී ඇත්තේ කුමක්ද...? දේශපාලනික හිතවතුන්ගේ හිත සතුටු කිරීමත් සමාගම් දියුණු කිරීමත් යා දෙක නොරත රත, සමග පෑහීමක් නැත, අන්දමේ කටයුත්තක් බව තේරුම් ගත යුතුය...
ලසන්ත මුහුණ දෙන්නට ඇත්තේ අපේ රටේ පවතින ඒ සදාතනික සත්‍යයට ය...
අප බලාපොරොත්තු වූවාට එය වෙනස් කළ හැකි දෙයක් නොවන බව පෙනේ...
නමුත් අපට එයට එකගවීම එය අනුමත කිරීම හෝ එයට අනුගත වීම හෘද සාක්ෂියට අනුව කළ නොහැක..
සුන්වූ බලාපොරොත්තු තුලින් බලා සිටීම පමණක් අපට ඉතිරි වී ඇත.....
FB උපුටාගැනීමක්...