තාලෙට කුණුහබ්බ කියමු - OMG...This is sooo Hilarious
කුණුහරප යනු එක්තරා ආකාරයක පට්ට වචන සෙට් එකකි. ඇත්තටම ඕවා හැදුනේ කොහොමද කියා පොඩි රිසර්ච් එකක් කරන්න තියෙනවා නම් පට්ටය. වෙන වැඩක් එහෙම නැති උන් ඉන්නවා නම් ඒ වගේ සෝෂල් රිසර්ච් එකක් කරලා අපිටත් දැනගන්න පබ්ලිශ් කලාට කිසිම අවුලක් නැත.
දැන් නම් මේ කටේ දත්නැති පොඩි උන් හිටන් කුණුහරප කියන අවස්ථා ඕනේ තරම් දකින්නට ඇත. ඒ උනාට රජා වගේ හැදිච්ච කොල්ලෙක් ඕවා කියන්නේ නැත. අඩු ගානේ ඇහෙන තැනකවත් ඉන්නේම නැත. ශික්... ඕවා මහා ජරා වචනය. ඔය කිව්වට........මට මතකේ හැටියට පළවෙනි කුණුහබ්බේ කීවේ රජා 7 වසරේ අන්තිම මාස කීපයේ ඉන්න කොටය. පන්තියේ හැම එකාම කියන හින්දා මමත් ඔන්න ඔහෙ කියලා දැම්මේය.
එදා ඉදන් මේ මොහොත දක්වාම...... අතිශය තද වුන අවස්ථා වලදී, අතිශය සතුටු අවස්ථා හා බය හිතෙන අවස්ථා වලදී....එක්කෝ ඕනේ නැත. ඕවා කියන්න ගිහිල්ලා මගේ මේ උත්තුංග, මනස්කාන්ත, නිකලැල්, සුදු නෙළුමක් මෙන් පවිත්‍ර චරිතයට නිකරුනේ හානි කරගන්න ඕනේ නැත.
කරුමේ කියන්නේ... අපිට හම්බෙන, සෙට් වෙන හැම එකාටම තියෙන්නේ මහා කැත හිත්ය. උදේ පාන්දර හම්බුනත් අමතන්නේ ශුද්ධ සිංහල වචන දෙක තුනක් දාලාය. 7, 8 වසර වල ඉදන් තවමත් මම කැමතිම නැති විහිළුවක් ඇත. කැම්පස් එකේ උන් ඕක කිව්වම මට එකසිය ගානට තද වෙන්නේය. ඒ,
එකෙක්: අඩෝ අන්න අරෑ උඹට කතා කලා... ,
ආ...ඕක අරෑගේ බං....
අපි: කවුද???
කාගෙද???
පිළිතුර: *කයා,
*කයගේ..
දැන් ඕක පුරුදු වෙලාම ඕක අරෑගේ කිව්වම.. ආ *කයගෙද කියලා අහන එක සාමාන්‍යයය.
එක සැරයක් බෝඩිමේ නයිජීරියන්කාරයා රජාට නයිජීරියන් කැත කතා ඉගැන්නුවේය. රජා ඌට ශුද්ධ සිංහල වචන ඉගැන්නුවේය. ඔය කුණුහරප උනත් ඔහේ වාචාලකමය කියවන්නෙ නැතුව තාලෙට කිව්වම පට්ටම ගතිය.
මේ තියෙන්නේ එහෙම තාලෙට කුණුහරප කියන ක්‍රම කීපයක්ය.
WARNING
මෙය නැරඹා සිනාසීමෙන් ඇතිවන අතුරු අබාධ වලට වගකියනු නොලැබේ....
වැඩේ කරන්න තාලෙට කතා කරන්නේ මෙහෙමය...
නරක වැඩ කරන කෙල්ලෙකුට බයින්නේ මෙහෙමය..