දැනගෙන දඩ කමු..

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    දඩ කමු..

    akrales_171120_2110_0212.0.jpg


    අද කාලෙ දඩයක් කාපු ඩයල් එකක් නැති තරම්. කළුනික හොයනව වගේ තමා ඉතින්.:cool::cool:
    වාහන එලවනව වගේ ආතල් නෑ වැරදි වෙලාවක දඩයක් කනකොට. බයික් නම් ඉතින් හොදි ඕන්නෑ..
    මම දැන් කියන්න යන්නෙ දඩයක් කෑවොත් වටේ යන්නෙ නැතුව පිලිවෙලකට ගෙවල ලැයිසොම අරන් ගෙදර යන හැටි ගැන.
    ගොඩ දෙනෙක් මේ ගැන දන්නව. ඒ නිසා ඒ අය බම්ප් එකක් දාල, නොදන්න කෙනෙක්ට මේ ගැන දැනුවත් වෙන්න ඉඩ සලසා දෙන්න කියන එකයි මගෙ ඉල්ලීම.
    අනික, මම රෙප් පස්සෙ යන ඩයල් එකක් නෙමෙයි. ඒ නිසා ඒ ගැන වද වෙන්නෙ නෑ.

    කෙනෙක් දෙයක් දැනගත්තනම්, ඉගෙනගත්ත නම් එච්චරයි. මට වැඩිය දන්න අය ඇති, ඒගොල්ලො පොඩ්ඩක් වැරදි තැන් පෙන්නල දෙන්න, දෙයක් එකතු වෙන්න ඕන නම් කියන්න. එඩිට් එකක් කරන්නම්.

    කතාව

    මේක මට දුන්න දඩ කොලේ. රෙඩ් ලයිට් එකක් පැන්න නෙලුම් පොකුන රඟහල ගාවදී..
    මට මීටර් උනේම නෑ. නැත්තන් පනින්නෙ නෑ. මෙන්න යනකොටම පැන්න ඉස්සරහට කොච්චියෙක්.නවත්තල ඇහුව ඔයා දන්නවද කරපු වැරැද්ද කියල, මම කිව්ව සමාවෙන්න, මම දන්නෙ නෑ කියල. වැදගත් විදියට කතා කලාම අපිත් එහෙම කතා කරන්න ඕන.
    ඔයා රතු ලයිට් එකේදිනෙ ආවෙ කියල කිව්ව, පස්සෙ මට මීටර් උනේ. එතකොටත් ඒ වාහන ටික නවත්තල තියෙනව රෙඩ් නිසා.

    කොච්චියා: බයික් ලැයිසොම, ඉන්ශුවරන්ස් ගන්න බලන්න.
    මම: දුන්න.
    කොච්චියා: ආහ්, මේක ගිය මාසෙ කල් ඉකුත් වෙලානෙ, බලන්න අලුත් එක ගන්න..
    මම: දුම් සහතිකේ නම් ගත්ත, ලැයිසොම අලුත් කරන්න බැරිවුනා.
    කොච්චියා: එහෙනම් ගමු බලන්න ඉන්ශුවරන්ස්
    මම: දුන්න.
    කොච්චියා: මේකත් ගිය සතියෙ කල් ඉකුත් වෙලානෙ. මොකද්ද දැන් අපි කරන්න ඕන, අනික් කොච්චියාගෙ මූන බලයි.
    මම: අනේ මුකුත් කරන්න එපා, අතපසුවීමක් නෙ. ආයෙ කරන්නෙ නෑ.
    කොච්චියා: කොහෙද වැඩ කරන්නෙ
    මම: මමත් රාජ්‍ය සේවකයෙක් තමා, කාර්යාල හැදුනුම්පත පෙන්නුව.
    කොච්චියා: වැරදිම 3ක් නෙ. එකක් 25,000ක්, වලංගු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය.
    මම: එහෙම කරන්න එපා, අපිත් අමාරුවෙන් තමා රෝලක් ගහන් යන්නෙ මේ පඩියෙන්.ඔන්න ඔහෙ යන්න දෙන්න.
    කොච්චියා 2: ඔන්න ඔහෙ පොඩි එකකට දාල දෙන්න.
    මම: අනේ බොහොම ස්තූතියි.
    කොච්චියා: ගමුකො driving license එක.

    ඔන්න ලිව්ව රතු එලිය නොතකා රිය ධාවනය. 1000/=
    මම ඉතින් ස්තූති කොරල කාරිය, ලියපු එකාගෙ පිටටත් තට්ටුවක් දාල යන්නම් කියල ආව සහෝදරවරුනි. කියන්න සන්තෝසයි එදා උදේ තමා රුපියල් 5000ක් ඒ.ටී.එම් එකෙන් ගත්තෙ. පුදනකොටම කාපි යකා. රතු එලිය නිසා කෙලවුනා එදා.

    ovZ6Xg3.jpg


    ඔන්න දඩ කොලේ.
    ඔය කොලේ ගහල තියෙන සීල් එකේ පොලිසියෙන් තමයි ගෙවීමේ කොලේ ලියල දෙන්නෙ. ඕකෙ තමයි දඩේ අයකිරීම සඳහන් වෙන්නෙ. දුර යන ගමනකදි ඇල්ලුවොත්, ඒ පොලෝසියටම යන්න ඕන කියන්නෙ ඉතින් දවසක කට්ටක්. ජරවක් දීලවත් ශේප් කරගන්න බැරි තරම්. ඒ නිසා පුලුවන් තරම් ශේප්මන්ට් එකක් දාගන්න බලන්න ඒ වෙලාවට. කට ගහගෙන ගියොත් අපේ වැරැද්ද තියාගෙන, පොලිස් කූඩුවෙ පොලු ගනන්කරන්න අවස්තාවක් ලැබෙන්න තියෙන චාන්ස් එක වැඩියි.

    ඔන්න මගෙ දඩේ තියෙන ට්‍රැපික් පොලෝසිය තියෙන්නෙ මහ උසාවිය පාරෙ (සීල් එක, පොලිස් හදිසි ඇමතුම් අංශය, කොළඹ 12). මගෙ ඔපීසියත් ඒ ලගම නිසා ලොකු අවුලක් නෑ.
    ගියා 2වෙනි තට්ටුවට, තියෙනව කවුන්ටරේ, දුන්න දඩ කොලේ, නඩුවක් වෙනුවට දඩයක් ලියල දෙන්න.
    පෙරලුව ඒ කොච්චියා පොත, ලිව්ව නිකන් මැල්ලුම් ලියනව වගේ, ලියල දුන්න ගෙවීමේ කොලේ. ඔය තියෙන්නෙ ඒක.
    ඕකෙ තියෙන දඩ ටික ඔක්කොම වගේ තියෙනව ගාස්තුව එක්කම. දන්නෙ නැත්තන්ම් බලාගන්න. hi-res image එක අප් කලා සයිස් එක අඩු කරල.

    Sflog84.jpg


    9gAYxAZ.jpg



    ඔය කොලේ අරං දැන් යන්න ඕන තැපැල් කන්තෝරුවක් හොයන්, ලියල තියෙන දඩේ ගෙවන්න.
    කොල 2ක් තියෙන්න ඕන. එකක් ඔය දිග කොලේ-දැන් දීපු එක, අනික පොලිස් කාරය වැරැද්ද උන තැනදි දීපු දඩ කොලේ.:sorry:
    තැපැල් කන්තෝරුවෙන් කරන්නෙ ඔය දිග කොලේ අරන්, තැපැල් ගාස්තුවත් අය කරන් (100/=) ඒ රිසිට් එක අපිට දෙන එක. ඔක්කොම 1100/= (1000+100)
    දැන් ආයෙ අදින්න ඕන පොලීසියට ඔය 2අරන් ;)

    uRyHntq.jpg


    ඔය තියෙන්නෙ දඩේ ගෙවපු රිසිට් එක.

    ගියා 2වෙනි තට්ටුවට, දුන්න කවුන්ටරේට දෙක:nerd: (ඔව්. රිසිට් එකයි දඩ කොලෙයි), හෙව්ව මීටරේක විතර පොතක :confused::confused: දඩේ ගැන ලියල තියෙන රැකොඩ් එක, ලිව්ව රිසිට් නොම්මරේ, අදාල මුදල, ඒ පොතේ අස්සමක් දාන්ට කිව්ව ලැයිසොම ගත්ත කියල. ;)

    අස්සම දාල ඉවරවුනාම, කොච්චියා හෙව්ව ලැයිසොම අර ලැයිසොම් දාස් ගානක් අස්සෙ. හොඳ වෙලාවට දවස අනුව සෝට් කරල තිබ්බෙ නැත්තන් තාම හොයනව අපරාදෙ කියන්න බෑ.
    ගත්ත ලැයිසොම, පෙන්නුව මට "මේක නේද", මම : "ඔව්". ගත්ත බඩු අතට, ඇරිය ඔපීසියට ඇරිල්ලක්, දාඩිය පොල්ල දාගෙන.:lol::lol::lol: ඔව් පයින් පයින් :eek:. බයික් එකේ ආවෙ නෑ ඔතනට :no::no:

    ඔන්න ඔහොමයි ඉතින් වැඩේ කොරගන්නෙ. ලොකු දෙයක් නෑ. ඔය කතාවෙ සියළු විස්තර අඩංගුයි.


    තෙරුවන් සරණයි.


    කලින් ත්‍රෙඩ්
    Sri Lanka Driving License Process A-Z - ඔබ රියදුරු බලපත්‍රය ලබාගන්නට
     
    Last edited:

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    එකක් කියන්න අමතක උනා. දඩ කොලේ ලියන්නෙ කෙලින්ම උසාවි දාන්න.