උබ කියල තියෙන ඒවගේ සමහර තැන් වල ගොඩක් වැරදි තියෙනව.
1. Apple ලගේ විතරක් නෙවෙයි Sony, Samsung, HTC, LG අලුත් ඒවගේ build quality එක හොදයි.
2. මාර්කට් බහින කතාව හැම එකකටම පොදුයි අනිත් ඒවාට වඩා iPhone මාර්කට් තමයි හැබැයි ඔය කියනව වගේ stable නෑ.
3. දැනට තියෙන හොදම cam එක තියෙන්නෙ LG G4 එකේ. iPhone වල නෙවෙයි. අනිත් ඒවාට සාපේක්ෂව හොදයි එත් හොදම එක නෙවෙයි.
4. OS එක stable Android වලට වඩා හැබැයි crash වෙන වෙලාවල් ඕන තරම් තිබුන මම iPhone 5 එක use කරනකොටත්. ඔය කියන විදියට ආතල් එකේ Battery එක තියෙන්නෙ ටික දවසි ඊට පස්සේ බඩු පැකට්.
5. සයිස් කතාවනම් බොරුනෙබන් බලහන් Samsung, Sony දෙකෙන්ම mini, compact ඒව ගහල තියෙනව ලොකු ඒවගේ specs වලටම.
6. Galaxy S6 එකේ finger print reader එකත් පට්ටම හොදයි කිසිම අව්ලක් නෑ.
7. එකනම් ටිකක් විතර ඇත්ත. iOS අප්ඩේට් එක Android වලට වඩා ඉක්මනට එනව.
8. Jailbreak එකත් ඔය කියනව වගේ බබාලටත් කරන්න පුළුවන් තරම් ලේසි නෑ. මමනෙ දන්නෙ මම කාපු කට්ට. rooting ඊට වඩා ලේසි ගොඩක් models වල.
9. එතකොට උබ කියන්නෙ iPhone වල කිසිම අව්ලක් නෑ? උබ බබා
මම Android වලට කඩේ යන්නෙත් නෑ, Apple/iOS වලට කඩේ යන්නෙත් නෑ මම ඔය හැම එකක්ම use කරල තියෙනව.
iOS එකේ බරපතලම අව්ලක් තියෙනව. 1. යාලුව ගාව තියෙන්නෙ android එකක් මගේ ලග තියෙන්නෙ apple එකක් උනොත් 3rd party software නැතුව මට උගෙ තියෙන files ගන්න බෑ. 2. හදිස්සියෙ කාගේ හරි ගෙදර ගිහින් උගෙ machine එකේ තියෙන files ටිකක් දාගන්න ඕනෙ උනොත් ඒක කරන්නත් බෑ උගෙ machine එකේ itunes නැත්තම්. තිබුනත් මගුල sync උන ගමන් මගේ තියෙන හැම දෙයක්ම නැතිවෙනව (මේකනම් තිබුන මලම අව්ලක් දැන්නම් අලුත් ඒවගේ මොකක්හරි ක්රමයක් තියෙනවද මම දන්නෙ නෑ.)