දැන් ඇඳ හිස්. ඕන කෙනෙක් ගන්න එකයි තියෙන්නෙ!
මොකක්ද මේ ඇඳ කියන්නේ?
ICU ඇඳක් කියන එකේ ලොකු වෙනසක් තියෙනවා. සාමාන්‍යයෙන් ඉස්පිරිතාලෙක කැශුවල්ටි වෝර්ඩ් එකක කැශුවල්ටි දවසට ඇඳක් ලැබෙන්නෙත් හරි අමාරුවෙන්. එහෙම ඇඳක් හිස් වුනොත් නම් එලියෙ හරි ෆ්ලෝ එකේ හරි ඉන්න අමාරු ලෙඩෙකුට ඇඳක් උඩට එන්න අවසතාව සෙනිකව ලැබෙනවා. ICU ඇදක් කියන්නෙ යකඩ ෆ්‍රේම් එකක් උඩ තියන 6*4 මෙට්ටෙ විතරක්ම නෙවේ ඒකට ඇටෑච් වෙච්චි මොනිටර් , වෙන්ටිලේටර්, අයනට්‍රොප්ස්, ස්ටාෆ් ඔක්කොම ඇඳක් කියද්දි අදාල වෙනවා.
දෙවෙනි කාරණාව, ICU ඇඳක් කියලා කියන එක එක රෝහලට විතරක් අයිති දෙයක් නෙමෙයි. ඒක ලංකාවෙම සෞඛ්‍ය සේවයට ම අයිති දෙයක් විදියට තමයි ගණන් ගන්නේ.
උදාහරණයක් විදියට කිව්වොත් ලංකාවේ ඇතිමලේ ප්‍රදේශයේ කාටහරි කෙනෙකුට ICU ඇඳක් හොයද්දි ඒක තියෙන්නේ අනුරාධපුර ද කොළඹ ද එහෙම නැත්තං රාගම ද කරාපිටිය ද කියන එක අදාළ නැහැ රෝගියාට යාමට අයිතියක් සහ අවස්ථාව තියෙනවා. ඒ වගේම රෝගියාගේ තත්වය මත, දුර මත හා ස්තාන දෙකේ කාර්‍ය මන්ඩලය සාකච්චා කරගත් පරිදි රෝහලකින් තවත් රෝහලකට රෝගියෙක් ප්‍රවාහනය කිරීම සැලසුම් කරනවා.
හැබැයි ඒ අවස්ථාව ලැබෙන්නේ ඒ ඒ රෝහල් වලින් කතා කරලා බලනකොට ඇඳක් ඉතිරිවෙලා තියෙනවද නැද්ද කියන කාරනය තියනවනම් විතරයි.
වෛද්‍යවරයෙක් විදියට අවුරුදු දහය ක් මමත් වැඩ කරලා තියෙනවා ළදරු දැඩි සත්කාර ඒකකයක. පලාතෙම ලොකුම රෝහල වුනත් වැඩිම දරුවන් ඉපදිච්චි රෝහල වුනත් ඒ කාලෙ අපිට තිබුණේ වෙන්ටිලේටර් 4 යි. හැබැයි ICU කොට්ස් නම් 23 ක් තිබ්බා. ඒවට අපි කොට්ස් කියලා කිව්වේ. බෙඩ්ස් කියලා කීවෙ නෑ.
ඉස්සර ඔය හතරෙම ලමයි පිරුනාම ඒ ශිෆ්ට් එකේ ඉන්නෙ ඔලුව විකාරෙන්. කොයි මොහොතක බබෙක් ඉපදෙයිද ඒ බබාට කොයි මොහොතක අමාරු වෙයිද ඒ අමාරු වෙන බබාට කොයි මොහොතක වෙන්ටිලේට් කරන්න වෙයිද කියලා. ඒ වගේ බබෙක් ඒ වගේ වෙලාවක අපි ගාවට ආවාම ඊලගට සුමේ පටන් ගන්නව. ඊට පස්සෙ අපිට සිද්ධ වුණා ලංකාවේ හතර කොනට කෝල් කරල ඇඳක් තියෙනවද කියල අහල අරගෙන යන්න. ඒ කාලය ඇතුළත මගේ මතකයේ හැටියට අපි කොලබ, නුවර, කුරුණෑගල විතරක් නෙවේ , ගාල්ලෙ, යාපනේ, මන්නාරමේ, හිටන් බබාලා අරන් ගිහින් තියනවා. හුගක් අවස්තාවල අපිට පුළුවන් වුණා ඇඳක් එහෙම හරි හොයල දෙන්න. බැරි වුනු අවස්තාත් නොසෑහෙනට තිබුණා.
සමහර දවස් තිබුණා අපි අපේ ශිෆ්ට් එක බාර ගත්ත තැන ඉඳන් එළි වෙනකම්ම ඇඳන් හොයපු. ඒ හැම වෙලාවෙම කවුරුහරි ඩොක්ටර් කෙනෙක් හරි නර්ස් කෙනෙක් හරි මාරුවෙන් මාරුවට බබාව ඇම්බු කරනවා ඇඳක් හම්බ වෙනකන්. එදා දවසෙම එදා මුළු රෑම විටින් විට විටින් විට කතා කරලා බලනවා ඇඳක් තියේද කියලා. හැම හොස්පිටල් ඒකම දැනුවත් කරනවා. කොයි වෙලාවක හරි ඔයාලගෙ බබා එවන්න කීවාම ඔන්න අපි බබා එක්ක ආය ගමන පටන් ගන්නවා. මගෙ ජීවිතේ 2007- 2016 වෙනකන් ගෙවුනෙ ඔහොම තැනක. අම්මලා ඇවිල්ල අහනවා තාම ඇඳක් හම්බ වුනේ නැද්ද කියලා. අපි ඒ වෙලාවට කියනවා. හොයනවා හම්බ විච්චි ගමන් යවනවා කියලා.
ඔය අතරෙ මෙහෙම උත්සාහයනුත් වෙනවා. ලාවට හොද වේගෙන එන බබෙක් තව ඇඳක ඉන්නව නම් අපි ප්ලෑන් කරනවා හිමීට එයාව එක්ස්ටියුබේට් කරන්න. ඒක වීනින් ඕෆ් එකක්. හැබැයි ඒකටත් කාලයක් යනවා. ඔය අතරෙ කොහොමත් බේරාගන්න බෑ කියලා තහවුරු විච්චි බබාලා ඇඳක ඉන්නව නම් විශේසඥ්ඥ අනුමැතිය එක්ක වීන් ඕෆ් කරන්නත් ප්ලෑන් කරනවා. මැශින් එකක ඉන්නවා කියන්නෙ බට දාන එකම නෙවේ. හාර්ට් එකයි රුදිර නාලයි තියාගන්න බෙහෙත් ගොඩක් දෙන එකත් ඒකට අයිතියි. මේ හැම එකම දිගටම යනවද නැද්ද කියන එක ඒ ඒ මොහොතේ අපි තීරනය කරනවා.
සමහර තැනකින් අපිට කෝල් එකක් එනවා අපේ බබෙක් ඉන්නවා එයාට අමාරුයි එයා තව පැයක් දෙකක් ඇතුළත නැති උනොත් නම් අපිට ඔයාගේ බබා ගන්න පුළුවන් කියලා. අපි ඒ වෙලාවටත් ප්‍රාර්ථනා කරන්නේ නෑ අනේ ඒ බබා මැරියං එතකොට අපිට මේ බබාට ඇඳක් හම්බවෙනවනේ කියලා. හැබැයි කොහොමද කොයි පැයේද නැති වෙන්නේ කියන එක ඇරුනාම අපි ගාව බලාපොරොත්තුවක් තියෙනවා මේ බබාට ඇඳක් ලැබේවි කියලා. ලැබුනොත් හුඟ දෙනෙක් සතුටු වෙලා මේ බබාව අරන් යනවා. නොලැබුනොත් මේ බබාට ඇඳක් නැතිව මැරෙන්න පුලුවන්.
'දැන් අපිට ඇඳක් තියනවා. ඔයාලගෙ බබාව අපි බාර ගන්නවා. ඔයාලගෙ බබා එවන්න.'
ඔහොම කෝල් එකක් එනකොට බබාගෙ අම්මට වඩා සන්තෝස වෙන්නෙ අපි. කුරුල්ලො වගේ එතනින් එහාට.
මෙහෙම කෝල් එකක් ආපු දවසුත් තියනවා. සමහර දවසට ඒ කෝල් එක එද්දි අපෙ බබා මැරිලා. අපිට ඒ ඇඳ ඕන වෙන්නෑ .
අන්න ඒ වෙලාවට අපි වම් අතෙන් ෆෝන් එක හයියෙන් අල්ලන් දකුනු අතෙන් පපුවට හයියෙන් ගහගෙන මෙහෙම කියන්නෑ.
'තියාගනියව් තොපේ ඇඳ !'
එහා පැත්තෙන් මෙහෙම කියන්නෙත් නෑ.
'දැන් ඇඳ හිස්. ඕන එකෙක් ගිහින් බුදිය ගනිල්ලා.!'
ඇත්තටම අපි ෆෝන් එක තියලා හැරිලා යනවා. එයාලා ඊලග බබාව ගන්න සැලසුම් කරනවා. අපි ඊලග බබාව යවන්න ආය කෝල් කරනවා.
..............
............
ප.ලි.
මේක ගැන මුකුත්ම අදහසක් ප්‍රකාශ කරන්නේ නැතිව ඉන්න තීරණය කරත් දිගින් දිගටම ෆේස්බුක් එක ස්ක්‍රෝල් ඩවුන් කරද්දි පේන එකම වාක්‍ය මේක නිසා මේ ගැන වචනයක් කිව්වේ නැත්තං එක හරි අඩුවක් කියලා හිතලයි මේ ටික කියන්න හිතුවේ.
හඳ පෙන්නන කොට ඇඟිල්ල බලන එවුන්ට කියන්නෙ මම එක තැන අවුරුදු දහයක් උන්නෙ කොහොමද කියන එක ගැටලුවක් කර ගන්න එපා. මම උන්නා ඉතා වැදගත් නීත්‍යානුකූල විදිහට. ඇනුවල් ලිස්ට් දෙකකින් හා PG එක අතෑරලා ආපු ගමන් ලැබුනු ටෙම්පරරි ලිස්‍ට් එකකින්.
මට එයාව මරන්න ඕන කියලා තදින්ම අදහස එන්නෙ විශම බාග බැලුවට පස්සෙ. රුවන්සිරිට ගිහින් හදාපම් කියලා විශම බාග තියන ගානක් දෙනකොට. ඒ තරමටම එයාගෙ රගපෑම් විශිෂ්ටයි.
එච්චරයි.
වයිද්‍ය කිලෝශිනී හෙන්දවිතාරණ.
2023.10.12