godak un rata giya hinda dan out wena un hitan inne nikanma job hambenawa lord pakeerla wage inne. code karanna dunnm ohoma tamai mati mee harakලංකවේ IT Industry එක නම් එන්න එන්න නරක අතට හැරෙනවා බන්. අපිට වඩා ඉන්දියාව කොච්චර ඉදිරියෙන් ඉන්නවද. දැන් මුළු ලෝකෙම IT වලින් ඉන්දියාව අල්ලලා තියෙන්නේ. මම මේ කියන්නේ හේතුවක් ඇතිව බන්.
ගිය සතියේ අපේ ඔෆිස් එකේ අලුත් interns ල ගන්න ඉන්ටර්විව් කළා. ඔෆිස් එකේ තියෙන්නේ කොල්ලුපිටියේ නිසා එක පාරටම ඉන්ටර්විව් දාන්නේ නැතිව පොඩි HTML CSS task එකක් දුන්නා කරන්න කියල. ඒ අතරින් ලස්සනට කරලා එවපු අය ගොඩක් දෙනෙක් හිටිය . බහුතරයක් දෙනා කෙල්ලෝ.
ඉන් පස්සේ අපිට සැකයක් ආව මෙයලම ද කලේ කියල. ඒ හින්ද ඔෆ්ස් එකට ගෙන්නලා අපේ ඔෆිස් එකේ computers වලින් එම task එකම කරන්න දුන්න. 90 % දෙනාට කරගන්න බැරි උනා. අනිතිමට එයාලම පිළිගත්තා වෙනත් අයට කියල කරගෙන.මම පස්සේ එකින් එක බැලුවා. මෙයාලා ගොඩක් දෙනෙක්ට TikTok නම් තියනවා. ඒවායේ හොදට නටනවා.
මේ සෙට් එකේ හිටිය රජයේ විශ්වවිද්‍යාල වල සහ පුද්ගලික විශ්ව විද්‍යාලවල සිසුන්. තත්වය සෝචනීයයි.

