දැන් ඒකත් හරි

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දැන් ඒකත් හරි

    එක් හවස් ජාමයක, කඩුවෙලට යන අදහසින් රාජගිරියේ බස් නැවතුම් පළේ රැඳී සිටි චන්ද්‍රසේන කඩුවෙල බලා යන ලංගම බස් රථයක් පැමිණියෙන් එයට ගොඩ වැදුණේය. දිනපතා හවස මෙම බස් රථයෙන් යාමට හුරු පුරුදු වී සිටි කාර්යාලයීය සේවක සේවිකාවෝ රැසක් එම බස් රථයේ ඒ වන විටත් සිටි අතර රාජගිරියෙන් ද එවැනි ම පිරිසක් එම බස් රථයට ගොඩ වූහ.

    බස් මගීහු සියල්ලෝ ම පාහේ එකිනෙකා දන්නා හඳුනන අය වූ බැවින් බස් රථයට ගොඩ වූ තැන් පටන් ඔවුහු අල්ලාප සල්ලාපයේ යෙදෙමින්, උසුළු විසුළු කරමින්, මහ හයියෙන් සිනා වෙමින් සිටියෝ ය. චන්ද්‍රසේනට මෙම බස් මගීන්ගේ ඇවතුම් පැවතුම් මෙන් ම ඔවුන් වෙත පුළුල් සිනාවක් පාමින්, වචනයක් දෙකක් දොඩමින් ටිකට් කඩන කොන්දොස්තර ගේ කල් ක්‍රියාවද ඇල්ලුවේ නැත.

    කොන්දොස්තර තැන තමා වෙත පැමිණි විට අවඥාවෙන් ඔහු දෙස බැලූ චන්ද්‍රසේන මෙසේ කීය.

    ’තමුසෙ කැලේ ඉන්න ඔක්කොම වල්සත්තු ටික මේ බස් එකට දාගෙන නේද?’

    කොන්දොස්තර තැන චන්ද්‍රසේන දෙස බලා විරිත්තා මෙසේ පිළිතුරු දුන්නේ ය.

    ’සර් කිව්වා හරියට හරි. ඒත් රාජගිරියට එනකං බස් එකට එක බූරුවෙක් අඩුවෙලායි තිබුණෙ. දැන් ඒකත් හරි.’

    :lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අවුරුදු දහයකට සැරයක්

    එම කාර්යාලයට අලුතින් පත්ව ආ කොමසාරිස්වරයා කිසිදු ප්‍රතිපත්තියක් නැති, තම සේවකයන් වෙත කිසිම තෙතමනයක් නොදක්වන, තම නිලධාරීන්ගේ කේලාම් අසා වැරැදි තීරණ ගන්නා නිසරු පුද්ගලයකු බව ඔහුගේ කාර්යාල කාර්ය සහායක පියල් වටහා ගත්තේ ඔහු සේවය සඳහා මුලින්ම පැමිණ දින දෙක තුනක් යද්දීමය.
    දිනක් දහවල් ආහාරයෙන් පසු තම අසුනේ දිග ඇදී පුවත්පතක් කියවමින් සිටි ලොක්කා වෙත ගිය පියල් ඔහු ඉදිරියේ එකත්පස්ව සිට ගත්තේය.
    ’මොකද?’ ලොක්කා රළු ස්වරයෙන් ඇසුවේ පුවත්පතින් දෑස් ඉවතට නොගනිමිනි.
    ’සර් ලබන සඳුදා මම නිවාඩුවක් ගන්ඩ කියලා...’ පියල් කීවේ දෙකට නැමී ඇසෙන නොඇසෙන හඬිනි.
    ’මොකටද තමුසෙට නිවාඩු..’ ලොක්කා ඇසුවේ කඩා පනිමිනි.
    ’සර් ලබන සඳුදාට අපි කසාද බැඳලා අවුරුදු 10 යි. එදාට නුවර ගිහින් එන්ඩ කියලා.’ පියල් පිළිතුරු දුන්නේ දෑස් එකිනෙක පිරිමදිමිනි.
    ’තමුසෙ මට කියන්නෙ ඔය වගේ දේකට හැම අවුරුදු 10 කට සැරයක්ම තමුසෙට නිවාඩු දෙන්ඩ කියලද?’ ලොක්කා බෙරිහන් දෙමින් විමසීය.

    :oo:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පැටියා;12464733 said:
    සුරා දැක්ක කල්
    කොහෙටද වහං වෙල හිටියෙ? :eek:
    දැන් වැඩිය එවෙන්නේ නෑ බං. එකෙක්වත් වැඩිය එන්නෙ නෑනේ:D