වර්තමානය වන විට රුපියල ශක්තිමත් වී ඇති බව පිළිගන්නා බවත් ඊට පසුගිය වසරට සාපේක්ෂව සංචාරක පැමිණීමේ වර්ධනය, විදේශ ප්‍රේෂණ ඉහළ යාම වැනි හේතූ බලපා ඇති බවත් තමන් පිළිගන්නා බව ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි. (අම්මෝ යන්තන් මොලේ පෑදිලා)
අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් විජිත හේරත් මහතා සඳහන් කර තිබෙන්නේ එම ක්‍රමවේදය රට ගොඩ ගැනීමට තරම් ප්‍රමාණවත් නොවන බවයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යාම නොකළ යුත්තක් බවත් ඒ හේතුවෙන් රට තවදුරටත් ණය උගුලේ සිරවන බවත් පවසන ඔහු ප්‍රශ්නයෙන් ගොඩ ඒම සඳහා කළ යුත්තේ තවදුරටත් ණය ගැනීම නොව නිෂ්පාදන ආර්ථිකය පුළුල් කිරිම බවද පෙන්වා දෙයි.
ජාතික ජන බලවේගය ආණ්ඩු බලය පිහිටු වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගන්නේදැයි එහිදී නිවේදකයා කල විමසීමකට ඔහු පවසා ඇත්තේ තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ප්‍රතික්ෂේප නොකරන බවයි.