ගෝටා ඉල්ලා අස් වී නැත. විධායකය භිෂණ සමයේ අත්දැකීම් බහුල කපටි නරියෙකු අතය. අයිතිය කියමින් අරගල කණ්ඩායම් කිහිපයක් වාද කරයි. රටට තෙල් වත්, ගෑස් වත්, අතවශ්‍ය බෙහෙත් වත් නැත. ඉතුරු මෝඩ දේශපාලකයන්ට වගේ වගක් නැත.
පොදු ජන අරගලය විනාසද? නැහැ. කොහොමවත්ම නැහැ. ලෝකයේ ඕනෑම ප්‍රවනතාවක් සිදුවන ක්‍රමයක් තියෙනවා. කිසිම දෙයක් එකම වේගෙන් ඉදිරියට යන්නේ නෑ. මේකට tech world එකේදී කියන්නේ hype curve කියල. යමක් සාර්ථක වෙන්න මේ වක්‍රය දිගේ යන්නම ඕන.
අප්‍රේල් දෙවෙනිදා මිරිහනෙන් පටන් ගෙන ජුලි නමවෙනිදා මිලියන ගණනක් කොළඹ එනකල් අරගලය ටික ටික ගොඩනැගුනා. ජුලි 9 තමයි එකේ උච්චතම දිනය. හැබැයි ඒ ජයග්‍රහණයෙන් පස්සේ පාර්ලිමේන්තුව අල්ලා ගැනීමේ උත්සාහයේදී, අරගලයේ අපේක්ෂාවන් ප්‍රයෝගික සීමාවෙන් ඔබ්බට යනවා. ඒ කියන්නේ අපිට එතැනදී වැරදුනාද? නැහැ. අරගලය සාර්ථක වෙන්න ඒක අතවශ්‍යයි. හැබැයි අපි හැමෝම මෙහෙම වෙන බව දැනන් ඉන්න ඕන. ආයේ නැගිටින හැටි ඉගන ගන්න ඕන. එහෙම නැතිනම් අරගලය සොහොන් නිම්නය (death vally) වෙතට යන්න පුළුවන්. ලිබියාවට උනේ ඒකයි.
මේ වෙලාවේ අරගලය කරන කණ්ඩායම් පොඩ්ඩක් සන්සුන් වෙන්න ඕන. මහා අවුල් ජාලාවක ඉඳගෙන කලබල අස්සේ උපාය මාර්ගිකව හිතන්න බැහැ. රට අරාජිකත්වයට වැටෙන්න දෙන එක තමයි දේශපාලුවන්ට මේ වෙලාවේ තියන හොඳම ගැලවිල්ල. එතකොට උන් කාටවත් වගකියන්න ඕන නෑ, අරගලය පිට වැරැද්ද පටවා පුරුදු ජරා දේශපාලනය කරන්න පුලවන්.
අරගලයේ අපි ඔක්කොම මූලික කරුණු කිහිපය වටා නැවත එක්වෙමු. දේශපාලන ස්ථාවරත්වය සහ හැකි ඉක්මනින් චන්දයකට යාම කියන දෙක. අරගලයෙන් ඔක්කොම ප්‍රශ්න විසදන්න යන්න එපා මේ වෙලාවේ. පියවරෙන් පියවර යමු. මේක විසදුවම, ඊළඟ එකට අයෙත් අරගලයක් පටන් ගමු. දැන් පොඩ්ඩක් බෙදිලා හිත් රිදිලා තියෙන කණ්ඩායම් පොදු අරමුනු එකක් දෙකක් වටා අයෙත් එක්වෙමු. අපිට විවිදත්වය අවශ්‍යයි, අරගලය ලස්සන උනේ ඒ විවිදත්වය නිසා. ලෝකෙට ආදර්ශයක් දුන් ඒ සාමකාමී අරගලය අයෙත් පටන් ගමු.
Copied : FB