දැන් විස්සයි
රොෂාන් ප්රථම දරු ප්රසූතිය සඳහා තම බිරිඳ රෝහලට ඇතුළු කළේය. පැය කීපයක් ම ඇය ළඟ රැඳී සිටි ඔහු ගෙදර ආවේ ඇඳිරි වැටීමෙන් පසුය. ඊට පැයකට පමණ පසු ඔහු රෝහලට දුරකථන ඇමතුමක් දුන්නේය.
”කොහොමද ඩොක්ටර්, අපෙ නෝනට?”
”ආ, දැන් පැය භාගයකට කලින් එයාට පුතෙක් ලැබුණා.” එහා පැත්තෙන් පිළිතුරු ලැබුණි. සතුටෙන් ඉපිල ගිය රොෂාන්, නිවෙස තුළ සිටි කුමාරිගේ මවට මේ ආරංචිය ලබාදී තම මහ ගෙදරට ද කතා කොට තම මවට ද එය කීවේය. අනතුරුව ඔහු නැවතත් රෝහලට දුරකථන ඇමතුමක් දුන්නේය.
”ආ ඔන්න තවත් සතුටුදායක ආරංචියක්. ඔබේ බිරිඳට තවත් පුතෙක් ලැබුණා.” රෝහලෙන් කීවේය. සතුට ඉහ වහා ගිය රොෂාන්, තම මස්සිනා හමුවී ඔහු සමඟ අඩියක් ගැසීමට සිතුවේය. සතුට වැඩිකමට විස්කි වඩි දෙක තුනක් ඉක්මනින් ගිල දැමූ රොෂාන් බමන මතින්ම ආයෙත් දුරකථන ඇමතුමක් ගත්තේය.
’හලෝ, කොහොමද දැන් තත්ත්වය?” රොෂාන් නොඉවසිල්ලෙන් ඇසීය.
”දැන් ගණන විස්සයි. තේ පානය සඳහා තරගය මොහොතකට නතර කළා.” දුරකථනයෙන් කියැවිණ. කලබලය වැඩිකමට රොෂාන් එවර කතාකර තිබුණේ රෝහලට නොව ක්රිකට් පිටියක කාර්යාලයකටය.
බැලුවා නම් Bump එකක් හරි දිලා යන්න
නැත්නම් හරි නෑ නේ



