දැන්_විස්සයි

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    දැන් විස්සයි


    රොෂාන් ප්‍රථම දරු ප්‍රසූතිය සඳහා තම බිරිඳ රෝහලට ඇතුළු කළේය. පැය කීපයක් ම ඇය ළඟ රැඳී සිටි ඔහු ගෙදර ආවේ ඇඳිරි වැටීමෙන් පසුය. ඊට පැයකට පමණ පසු ඔහු රෝහලට දුරකථන ඇමතුමක් දුන්නේය.
    ”කොහොමද ඩොක්ටර්, අපෙ නෝනට?”
    ”ආ, දැන් පැය භාගයකට කලින් එයාට පුතෙක් ලැබුණා.” එහා පැත්තෙන් පිළිතුරු ලැබුණි. සතුටෙන් ඉපිල ගිය රොෂාන්, නිවෙස තුළ සිටි කුමාරිගේ මවට මේ ආරංචිය ලබාදී තම මහ ගෙදරට ද කතා කොට තම මවට ද එය කීවේය. අනතුරුව ඔහු නැවතත් රෝහලට දුරකථන ඇමතුමක් දුන්නේය.
    ”ආ ඔන්න තවත් සතුටුදායක ආරංචියක්. ඔබේ බිරිඳට තවත් පුතෙක් ලැබුණා.” රෝහලෙන් කීවේය. සතුට ඉහ වහා ගිය රොෂාන්, තම මස්සිනා හමුවී ඔහු සමඟ අඩියක් ගැසීමට සිතුවේය. සතුට වැඩිකමට විස්කි වඩි දෙක තුනක් ඉක්මනින් ගිල දැමූ රොෂාන් බමන මතින්ම ආයෙත් දුරකථන ඇමතුමක් ගත්තේය.
    ’හලෝ, කොහොමද දැන් තත්ත්වය?” රොෂාන් නොඉවසිල්ලෙන් ඇසීය.
    ”දැන් ගණන විස්සයි. තේ පානය සඳහා තරගය මොහොතකට නතර කළා.” දුරකථනයෙන් කියැවිණ. කලබලය වැඩිකමට රොෂාන් එවර කතාකර තිබුණේ රෝහලට නොව ක්‍රිකට් පිටියක කාර්යාලයකටය.



    බැලුවා නම් Bump එකක් හරි දිලා යන්න
    නැත්නම් හරි නෑ නේ
    :P

     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    ප්‍රීතිමත් ම දවස


    ”අද දවස තමයි උඹේ ජීවිතේ ප්‍රීතිමත්ම දවස. මං ආවේ උඹට සුබ පතන්න.” සමන් තම පාසලේ මිතුරු දර්ශන හමුවී ඔහුගේ සුරත තදින් වැලඳ ගනිමින් කීවේය.
    ”ඒ කොහොමද බං ප්‍රීතිමත්ම දවස අද වෙන්නෙ? මං කසාද බඳින්නෙ හෙටනෙ” දර්ශන සිනාසෙමින් කීවේය.
    ”ඒක තමයි මං කිව්වෙ.” සමන් පිළිතුරු දුන්නේය.
    :lol:


     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ

    මං කිව්වා නේද?

    ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ප්‍රසන්න තම නවතම චිත්‍රපටයේ ජවනිකා මහා මාර්ගයක රූගත කරමින් තිබුණි. ඔහුට අවශ්‍ය වූයේ එම ජවනිකාවේ රඟපෑ නළුවා පාරේ යන මඟියකු හා කලබලයක් ඇතිකර ගන්නා දර්ශනයක් ඉතා තාත්විකව රූගත කිරීමටය. මහපාරෙන් බැහැර තැනක, මිනිසුන්ගේ අවධානයට හසුනොවන අයුරින් කැමරාව තැබීමට උපදෙස් දුන් හෙතෙම එම කොටස රඟපාන නළුවා කැඳවා පාරේ ඈත එමින් සිටි ජෝඩුවක් පෙන්වා මෙසේ උපදෙස් දුන්නේය.
    ”තමුසෙ අර එන මනුස්සයව කේන්ති ගස්සලා එයත් එක්ක කලබලයක් ඇතිකරගන්නවා. මම ඒක ටග් ගාල ෂූට් කර ගන්නං. වැඩේ දික්ගැහෙන්න කලින් මම ඇවිත් කලබලේ නවත්තන්නං. තමුසෙ බය නැතුව ඒක කරනවා.”
    නළුවා හිස වනා අර ජෝඩුව ඉදිරියට ගියේය.
    ”මේ තමුසෙගෙ නෝනා ද?” ඔහු එම මිනිසාගෙන් ඇසීය.
    ”ඔව්... ඇයි?” එම තැනැත්තා මඳක් ගමන බාලකොට පුදුමයෙන් ඇසීය.
    ”මේ වගෙ ගෑනියෙක් එක්ක පාරේ බැහැලා යන්ඩ තමුසෙට ලැජ්ජා නැද්ද? මේක මූණක් ද අයිසෙ? තනිකරම තොරණක් නෙ. මොන මළ ඉලව්වකට තමුසෙ මෙයාව බැන්දද?” නළුවා නොනවත්වාම කියවාගෙන ගියේ ප්‍රතිවාදියාගේ හදිසි ප්‍රහාරයකට මුහුණ දීමට සූදානම්වය.
    ”පේනවා නේද? මම ගෙදරින් පිටත්වෙන කොටම ඔය ටික ඔයාට කිව්වා නේද?” සැමියා තම බිරිඳට කීවේය.


    :rolleyes::P

     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කොයි පැත්තටද?


    කොයි පැත්තටද?


    කටකාර මහලු ගැහැනියක වන කුරුප්පු විශ්‍රාම ගැනීමෙන් අනතුරුව නැවක නැඟී විදේශ සංචාරයක් සඳහා පිටත්ව ගියාය. සෑම දිනකම උදේ නැව් තට්ටුවට එන ඇය එහි නොයෙකුත් රාජකාරිවල නිරතව සිටින නාවිකයන්ට වදයක් වෙමින් ඔවුන්ගෙන් තොරතෝංචියක් නැතිව අරුත්සුන් ප්‍රශ්න අසන්නට වූවාය. නැවියෝ ඇය දුටු විට මඟහැර යන්නට වූහ.
    දිනක් පාන්දර නැව් තට්ටුවට පැමිණි ඇය එය අමදිමින් සිටි නැවියකු ගෙන් මෙසේ ඇසීය. “ළමයා, දැන් අපි ගොඩබිම ඉඳලා කොච්චර දුරකින් ද ඉන්නෙ?”
    ”හැතැප්ම එකහමාරක් දුරින්.” නාවිකයා හිස නොඔසොවාම පිළිතුරු දුන්නේය.
    ”කොයි පැත්තටද? ඇය නැවතත් ඇසුවාය.
    ”යට පැත්තට” නැවියා කීවේය.


    :):lol:

     

    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota

    කොයි පැත්තටද?


    කටකාර මහලු ගැහැනියක වන කුරුප්පු විශ්‍රාම ගැනීමෙන් අනතුරුව නැවක නැඟී විදේශ සංචාරයක් සඳහා පිටත්ව ගියාය. සෑම දිනකම උදේ නැව් තට්ටුවට එන ඇය එහි නොයෙකුත් රාජකාරිවල නිරතව සිටින නාවිකයන්ට වදයක් වෙමින් ඔවුන්ගෙන් තොරතෝංචියක් නැතිව අරුත්සුන් ප්‍රශ්න අසන්නට වූවාය. නැවියෝ ඇය දුටු විට මඟහැර යන්නට වූහ.
    දිනක් පාන්දර නැව් තට්ටුවට පැමිණි ඇය එය අමදිමින් සිටි නැවියකු ගෙන් මෙසේ ඇසීය. “ළමයා, දැන් අපි ගොඩබිම ඉඳලා කොච්චර දුරකින් ද ඉන්නෙ?”
    ”හැතැප්ම එකහමාරක් දුරින්.” නාවිකයා හිස නොඔසොවාම පිළිතුරු දුන්නේය.
    ”කොයි පැත්තටද? ඇය නැවතත් ඇසුවාය.
    ”යට පැත්තට” නැවියා කීවේය.


    :):lol:

    11.gif
    11.gif
    11.gif
    ELAKIRI
    11.gif
    11.gif
    11.gif