දැනුම දැන ගමු.....

wgdchathuranga_1

Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    :Dමේදය අඩු කරන ක‍්‍රම


    සතියකට දින 5 - 7 ක් මිනිත්තු 20 - 30 ක් බැගින් ඇවිදීම, බයිසිකල් පැදීම, ඇවිදීම, උස පැනීම, ටෙ‍්‍රඩ්මිල්, පඩි නැගීම, පිහිනීම වැනි කි‍්‍රයාකාරකමක යෙදීම ඉතා වැදගත්ය. ඒකාකාරී ජීවන රටාව සිරුරෙහි මේදය අධිකවීමට ප‍්‍රබලවම හේතු වෙන කරුණක්. එහෙත් වයස අවුරුදු 40 ට වැඩි පිරිමින් හා වයස අවුරුදු 50 ට වැඩි කාන්තාවන් ව්‍යායාමය කිරීම ඇරඹීමට පෙර වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.එම වයස් සීමාවේ පසු නොවුණත් හදවත් රෝග, ඇදුම වැනි පෙනහලු රෝග ඇති අය, ආතරයිටීස්, ඔස්ටියෝආතරයිටීස් වලින් පීඩා විඳින අය, යම් කි‍්‍රයාකාරකමකදී ඉක්මනින් වෙහෙසට පත් වෙන අය, අධික රුධිර පීඩනය, දියවැඩියාව, අහිතකර කොලෙස්ටරෝල් ඇති අය, දුම්පානය කරන්නන්, පවුලේ කිසිවකුට හෝ හෘද රෝග වැළඳී ඇත්නම්, ව්‍යායාම කිරීමට පෙර වෛද්‍ය උපදෙස් පතන්න.හෘද රෝග වැළඳීමේ අවදානමක් ඇති අය සැම විටම ව්‍යායාම කිරීම ඇරඹීමට පෙර වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.ව්‍යායාම කරනවා වාගේම අඩුවෙන් කැලරි ලැබෙන ආහාර පාන ගැනීම ද වැදගත්. එළවළු, පලතුරු, ධාන්‍ය, ඇට වර්ග, හැකි තරම් කෑමට ගන්න. අප ගන්නා ආහාරයෙහි මේද 30% කට අඩුවෙන් තිබිය යුතුයි.බිත්තර කහ මද, බැදපු ආහාර, අධික මේදය හා සීනි අධික ආහාර, පේස්ටී‍්‍රස්, බටර්, මත්පැන්, පැණි බීම මේදය වඩවන සතුරු ආහාරයි.පහසුවෙන් දිරවන කේක්, පාන් වැනි සරල කබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර වෙනුවට පහසුවෙන් නොදිරවන කැකුළු බත්, එළවළු, පලතුරු කෑමට ගන්න.සමහර කාන්තාවන්ගේ සිරුරෙහි මේදය අධිකවීමට ගර්භණීභාවය ද බලපානවා. දරු ප‍්‍රසූූතියෙන් පසු බර අඩු කර ගැනීමට නොහැකි වීම නිසා දිගින් දිගටම ස්ථුලතාවය පැවතිය හැකියි. මේ නිසා ප‍්‍රසූතියෙන් පසු දරුවා ගැන මෙන්ම සිරුරේ හැඩය ගැන ද අවධානය යොමු කළ යුතුයි.තයිරොයිඩ් ග‍්‍රන්ථියේ අඩු කි‍්‍රයාකාරිත්වය හෝ ඇඩි‍්‍රනලින් ග‍්‍රන්ථියෙන් අධිකව හෝර්මෝන නිපදවීම බර වැඩි වීම කෙරෙහි බලපානවා. කාන්තාවන්ගේ බර වැඩි වීමට පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩෙ‍්‍රීමය ද බලපාන බවට සැකයක් පවතිනවා.සමහර ලෙඩ රෝග නිසා (ආතරයිටීස් වැනි) සිරුර කි‍්‍රයා කරවීමට සිදු වන්නේ අඩුවෙන්. එය ද බර වැඩිවීමට හේතුවක්.
    ඉතා වැදගත්
    * නිතර තම බර කිරා වාර්තාවක් තබා ගන්න.* කුමන හෝ කි‍්‍රයාකාරකමක යෙදීම සුළු හෝ ව්‍යායාමයක්* අහිතකර ආහාර ගැනීමට සිතෙන සෑම අවස්ථාවකම තම තරබාරුව වැඩි කිරීමට එය හේතු වෙන බව සිහි තබා ගන්න.* නිවෙසින් පිටතට යන සෑමවිටම ධාන්‍ය, ඇට, පලතුරු, කැරට්, යෝගට් වැනි අතුරුපසක් බෑගයේ දමා ගන්න. එවිට පිටතින් අහිතකර කෑම ගැනීමට ඇති ඉඩ ඇහිරෙනවා.* පිළියෙළ කළ ආහාර වෙනුවට ස්වභාවික ආහාර සැම විටම කෑමට ගන්න. සකස් කළ කෑමවල ට‍්‍රාන්ස්මේදය බහුලව අඩංගු වෙන අතර ට‍්‍රාන්ස්මේදය දියවැඩියාව, අහිතරකර කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය, වැනි හානිකර සෞඛ්‍ය තත්ත්වයන්ට මග පාදනවා.* ආහාර වෙනුවට පෝෂ්‍ය ගුණයෙන් යුතු පාන ගැනීම සිරුර සිහින් කරන්නන්ට ඉතා ප‍්‍රයෝජනවත් එළවළු සුප් මීට ඇති හොඳම උදාහරණයක්* දිග ලේබල් ඇති ආහාරවලට වඩා කෙට් ලේබල් ඇති ආහාර නිෂ්පාදනවල බොහෝ විට අහිතකර ද්‍රව්‍ය අඩුයි. එහෙත් එම ආහාර පවා මිලදී ගත යුත්තේ හොඳින් ලේබලය කියවා බැලීමෙන් පසුවයි.* එළවළු, පලතුරු, ඇට වර්ග වුණත් ලුණු, තෙල්, සීනි, එක් නොකර කෑමට ගන්න. පෙ‍්‍රීටීන හා කාබෝහයිඩ්‍රේට් ග‍්‍රෑම් එකක කැලරි 4 ක් අඩංගුයි. මේදය ග‍්‍රෑම් එකක කැලරි නමයක් අඩංගුව පවතිනවා. මේදය අඩුවෙන් ආහාරයට ගන්නා විට ගන්නා ආහාර ප‍්‍රමාණය අඩු නොකළත් වැඩිපුර කැලරි ප‍්‍රමාණයක් සිරුරට ලැබෙන්නේ නැහැ.* පොතු ඉවත් කර පිළියල කළ පිටි ආහාරවලට වඩා ( නූඩ්ල්ස්, පාන් වැනි ) පොතු සහිතව ධාන්‍ය කෑමට ගන්න. පිටි ආහාර ඉක්මනින් සිරුරට උරා ගන්නා අතර ඒවා ඉක්මනින් මේදය බවට පරිවර්තනය වෙනවා.* ජලය වැඩි ප‍්‍රතිශතයක් අඩංගු ආහාර කෑමට ගන්න. කෙඳි බහුල ආහාර ද සිරුර සිහින් කිරීමේදි අත්‍යාවශ්‍යයි.* සෝඩා වැනි කෘති‍්‍රම පාන සීමාකරන්න. දිනකට එක් සෝඩා වීදුරුවක් පානය කිරීමෙන් වසරකට සිරුරේ බර කි. ග‍්‍රෑම් හයකින් වැඩි වෙනවා.* උදෑසන ආහාරය ගැනීම වැදගත් වාගේම ගන්නා ආහාරය පෝෂ්‍ය ජනක වීමත් වැදගත්* සති අන්තය බොහෝ දෙනකුට අහිතකර ආහාර ගැනෙන දින දෙකකි. එනිසා සති අන්තයේ ගන්නා ආහාර ගැන විමසිලිමත් වෙන්න. පැය දෙකකට වරක්වත් කුඩා ආහාරයක් ගන්න.

    ලිව්වේ
    චම්පිකා දීපානි රණසිංහ


    උපුටා ගැනීම
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    පෝෂණය මඟින් ලැබෙන ශක්තිය භාවිතා කරන ආකාරය


    අප ගන්නා විවිධ ආහාරවලින් ලබාගත් පෝෂණය මගින් ලැබෙන ශක්තිය භාවිතා කරන ආකාරය ගැන විමසා බලමු. එළවළුවලට ආවේනික කහ පැහැයඇති කරනුයේ කැරටිනොයිඩ්ස් නම් වර්ණදේහකයයි. කැරට්වල කහ වර්ණය තැඹිලි වර්ණය ආදිය කැරටිනොයිඩ්ස් වර්ණ කිහිපයක සංයෝගයකි. මෙම වර්ණ පහසුවෙන් ජලයේ දිය නොවේ. රතු හා තැඹිලි වර්ණය ගන්නා තක්කාලිවල ලයිකොෆිල් අඩංගු වේ. සුදු පාට එළවළු වර්ගවල ( රාබු, ගෝවා, නෝකෝල්,) ප්ලූවොන්ස් වර්ණදේහකය අඩංගු වේ. ප්ලුවොන්ස් ඇන්තොසැන්තින් නමින් ද හැඳින්වේ. මෙම වර්ණදේහකය ජලයේ දියවන අතර ක්‍ෂාර මාධ්‍යයේ පිසින විට කී‍්‍රම් වර්ණයට හැරේ. උවමනාවට වඩා දීර්ඝ කාලයක් පිසුවිට දුඹුරු පැහැ ගැන්වේ. එම එළවළු පිසීමේදී පියන හැර පිසිය යුතුයි. එයට හේතුව ආවේණික රසය ගෙන දෙන වාෂ්පික සුදු සල්ෆර් සංයෝග ඉවත්වීම සඳහාය. ප්ලුවොන්ස් ප්ලේටෝන් නමින් ද හඳුන්වන අතර බී ලූනු වල ද මෙම වර්ණකය අඩංගුය. ඉරිගු වලට ආවේනික පැහැය ලැබෙනුයේ සැන්තොෆිල් නම් වර්ණකයෙනි මිරිස්වල ද වර්ණකයක් තිබේ. එය කැප්සැන්තින් නමින් හඳුන්වනු ලැබේ. පෝෂණයෙන් ලබන ශක්තිය භාවිතා කිරීම අප ගන්නා ආහාරවලින් ශරීරය කි‍්‍රයාත්මක වීමට අවශ්‍ය ශක්තිය ලැබේ. නමුත් ශරීරයට කොපමණ ශක්තියක් අවශ්‍ය ද යන්න ඉතා වැදගත් හා තීරණාත්මක කරුණකි. අපෙ ශරීරයට ශක්තිය අවශ්‍ය වන්නේ දෙආකාරයක කටයුතු සඳහාය. ඉන් පළමුවැන්න ශරීරයෙ සෛල ගොඩනැංවීමය. එසේම විවිධ ශක්ති විශේෂ නිපදවීම සහ විවිධ ශරීර පද්ධතීන් කි‍්‍රයාත්මකව පවත්වා ගැනීම වේ. මෙය පාදස්ථ පරිවෘත්තිය වශයෙන් ද හඳුන්වනු ලැබේ. මෙහිදී ශරීරය විසින් ශක්තිය භාවිතා කරන වේගය පාලනය කිරීමට අපේ ශරීරයේ ප‍්‍රමාණය, වයස හා ස්තී‍්‍ර පුරුෂ භාවය සාධකයකි. තයිරොයිඩ් ග‍්‍රන්ථීයේ බලපෑම ද මෙයට අවශ්‍ය වේ. එසේම අප ජීවිතයෙ එදිනෙදා කටයුතු කර ගැනීම සඳහා ද ශක්තිය අවශ්‍ය වේ. මෙය දෙවැන්නයි.
    කැලරි පෝෂණය හා ශක්තිය ගැන කරුණු සෙවීමේ දී කැලරි ඛ්චතධපර යනු කුමක්දැයි දැන සිටීම වැදගත්ය. අප ගන්නා ආහාර ශරීරය තුළ දහනය වී තාපය හා ශක්තිය ඇතිවේ. අප ගන්නා එම ආහාරවල වටිනාකම ගණනය වන්නේ ඉන් ලැබෙන උෂ්ණය අනුවය. මෙම ආහාරවලින් ඇතිවන උෂ්ණත්ව තාපය මැනීම කරනුයේ මෙම කැලරි වලිනි. කැලරියන් යනු ජලය කිලෝ ග‍්‍රෑම් 1 ක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1 කින් ඉහළ නැංවීමට අවශ්‍ය උෂ්ණත්ව ප‍්‍රමාණයයි. නැතහොත් කැලරියක් යනු ජලය කිලෝ ග‍්‍රෑමයක උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකට නැංවීමට අවශ්‍ය ශක්තියයි. මෙය මනිනු ලබන්නේ කිලෝ ජූල් ම්බ් නම් ඒකකයෙනි. උඳුනක් කි‍්‍රයාකරවීමේදී අවශ්‍ය තාපය ලබා ගැනීම සඳහා ඉන්ධන එක් කරන්නේ යම්සේ ද අප ශරීරයේ සිදුවන අනිච්ඡානුග කි‍්‍රයාවන් හා ඉච්ඡානුග කි‍්‍රයාවන් සඳහා ශක්තිය ලබා ගැනීමට අවශ්‍ය තාපය ලබා ගන්නේ ආහාර වලිනි. මෙම ආහාර ජීර්ණය වී අවශෝෂණය කරගෙන විවිධ රසායනික ප‍්‍රතිකි‍්‍රයාවන්ට භාජනය වී අවසානය අපට ශක්තිය ලබා ගැනීමේ ද තාපය ලෙස පිටවේ.
    ආහාර වර්ග සියලුම ආහාරවල කැලරි ඇත. ඒ විවිධ ප‍්‍රමාණවලිනි. වැඩිපුර කැලරිඇති ආහාර අධි කැලරි ආහාර ලෙසත් අඩුවෙන් කැලරි ඇති ආහාර අඩු කැලරි ආහාර ලෙසත් හැඳින්වේ




    උපුටා ගැනීම


    :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: senarathna123

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    දරුවාට පණු බේත් ලබා දියයුත්තේ කෙසේද?


    කුඩා දරුවන්ට ඇතිවන පණු රෝග සුලබව කතා බහට ලක්වන මාතෘකාවක්. පණු රෝග ඇතිවන්නේ ඇයි? එවන් තත්ත්වයක් ඇතිවීම කෙරෙහි බලපාන හේතූන් මොනවාද?එමෙන්ම දරුවාට පණුබෙහෙත් ලබාදිය යුතු ආකාරය සහ කාලසීමාවන් පිළිබඳවත් ඇතැම් විට ගැටලු පැනනැගෙන අවස්ථාවන් තිබෙනවා. මෙවර ළමා සුවසෙත තුළින් අප ඒ පිළිබඳව කතාබහ කරන්නටයි මේ සූදානම. කුඩා දරුවන්ට පණු රෝග ඇතිවීම කෙරෙහි බලපාන හේතු සාධක දෙස විමසා බැලීමේදී පරිසරයේ අපිරිසුදු බව, දරුවන් මළපහ කරවීමේදී වැසිකිළි භාවිතා නොකිරීම, ආහාර පිළියෙල කිරීමේදී මෙන්ම ආහාර ගැනීමට පෙරත් දෙඅත් පිරිසුදු කර නොගැන්ම ආදිය හේතුවන බව පෙනී යයි.සමහරවිට නිවෙස අලංකාරව තබා ගැන්මට උත්සහ කළත් තමන් වෙසෙන අවට පරිසරය පිරිසුදුව පවත්වා ගැන්ම කෙරෙහි ඇතැම් අය දක්වන්නේ අඩු අවධානයක්. බෙහෝ විට කුඩා දරුවන් මළපහ කරවීමේදී වැසිකිළි භාවිතා නොකිරීමත් ගෙවත්තේ මළපහ කරවීම හෝ අසූචි ගෙවත්තට විසිකිරීමත් නිසා පරිසරය අපවිත‍්‍ර විය හැකියි.බොහෝ දරුවන් වැලි සෙල්ලම් කිරීමට කැමැත්තක් දක්වයි. මෙහිදී අපිරිසුදු ද්‍රව්‍ය දරුවන්ගේ නිය අතර රැඳීමට තිබෙන ඉඩප‍්‍රස්ථාවන්ද වැඩියි. ආහාර දීමට පෙර දරුවන්ගේ අත් සෝදා හොඳින් පිරිසුදු නොකිරීමෙන් නිය අතර රැඳෙන අපිරිසුදු දෑ සමඟ පණු බිත්තර ශරීරගත විය හැකියි. ගස්යට වැටෙන පලතුරු වැනි ගෙඩි වර්ග සෝදා ආහාරයට නොගැනීම නිසාද එවැන්නක් සිදුවිය හැකියි. එබැවින් දරුවන් මළපහ කරවීම සඳහා වැසිකිලි භාවිතයට හුරු කිරීම හෝ බැහැරලන මළකොටස් නියමිත පරිදි වැසිකිළිය තුළට දැමීමට සැලකිලිමත් වීමත් වැදගත්.කුඩාම දරුවන්ට පණු බෙහෙත් ලබාදිය යුතුද? එසේ පණු බෙහෙත් ලබා දෙනවානම් මාස තුනෙන් මාස හයෙන් දරුවන්ට පණු බෙහෙත් දිය යුතුද යන්න. බොහෝවිට මවුවරුන්ට ඇතිවන ගැටලුවක්. මෙහිදී අනුගමනය කළ යුතු නිවැරැදි කි‍්‍රයා පිළිවෙත කුමක්ද යන්න දැන් විමසා බලමු.මාස තුනෙන් මාස හයෙන් පණු බෙහෙත් ලබාදිය යුතු බව සමහර මවුවරුන් සිතනවා. ඒ ආකාරයෙන් දරුවන්ට පණු බේත් ලබාදීමක් අවශ්‍ය නැහැ. හේතුව මවුකිරි බොන දරුවකුට පණු බිත්තර ශරීර ගතවීමේ ඉඩකඩක් නොමැතිවීමයි. එම නිසා සාමාන්‍යයෙන් අවුරුදු දෙකකට වඩා අඩු දරුවන්ට පණු බේත් ලබාදීමක් අවශ්‍ය වන්නේ නැහැ.
    ඇතැම්විට වඩාත් අපිරිසුදු පරිසරවල ජීවත්වන වැසිකිළි භාවිතා නොකරන දරුවන්ට පණුබේත් ලබාදීමට අවශ්‍ය විය හැකියි. එසේ නොමැතිව සාමාන්‍ය පරිසරයක සිටින දරුවන්ට මාස 3 කට සැරයක් හෝ මාස 6 කට සැරයක් පණු බේත් ලබාදිය යුතුය යන්නෙහි පදනමක් නැහැ.දරුවකුට පණුබේත් ලබාදිය යුතුය යන්න අප තීරණය කරනු ලබන්නේ එම දරුවාට පණුවන් සිටිනවා නම් පමණයි. මෙහිදී රෝග ලක්ෂණ වශයෙන් ගුද මාර්ගය ආශ‍්‍රිතව කැසීම, පණුවන් වැඩි වශයෙන් සිටියි නම් කෑම අප‍්‍රිය වීම තිබිය හැකියි. කොකු පණු රෝගයෙන් පෙළෙන දරුවකුට ලේ අඩුකම නිසා මාන්දම වැනි තත්ත්වයක් ඇතිවිය හැකියි. එවන් දරුවකුගේ අසූචි පරීක්ෂාකර පණුබිත්තර තිබේද යන්න බැලිය යුතුයි.දරුවා කෙට්ටුවන්නේ පණුවන් නිසා බව ඇතැම් අම්මලා සිතනවා. නමුත් සාමාන්‍යයෙන් පණුවන් නිසා කෙට්ටුවීම දුර්ලභ දෙයක්. එවන් බලපෑමක් ඇති වන්නට නම සිරුර තුළ අධික ලෙස පණුවන් සිටිය යුතුයි. සමහර විට විශේෂ පණු වර්ග සිටිනවා. එවන් පණුවන් සිටින විට ගුද මාර්ගයෙන් පහළට බසින්නට පුළුවන්. එවිට ගුද මාර්ගයේ පණුවන් එල්ලී සිටින ආකාරය දැකිය හැකියි. එවන් විටෙකදී ඒ සඳහා ප‍්‍රතිකාර ලබා දිය යුතුයි. නමුත් එය දුර්ලභ තත්ත්වයක්. එසේ නොමැතිව දරුවාට පණුවන් සිටින බව අනුමාන කරනවා නම් අප බොහෝ විට පවසන්නේ දරුවාගේ අසූචි පරීක්ෂණයක් කරන ලෙසයි. අසූචිවල පණු බිත්තර වේ නම් පණු බෙහෙත් ලබාදිය යුතුයි.මාස 3 කට වතාවක් පණු බෙහෙත් ලබා දීම අවශ්‍ය නැහැ. නමුත් අපිරිසුදු පරිසරයක සිටින දරුවකුට නම් මාස තුනකට හෝ හයකට වතාවක් අප පණු බෙහෙත් ලබාදෙනවා.
    පණු බෙහෙත් ලබාදිය යුතු ආකාරය පිළිබඳව සඳහන් කරනවා නම්?සාමාන්‍යයෙන් අවුරුදු දෙකට වඩා අඩු දරුවන්ට පණු බෙහෙත් ලබා දෙන්නේ නැහැ. එම වයසේ පසුවන දරුවන්ට පණු බෙහෙත් දෙනවා නම් විශේෂ පණු බෙහෙත් තිබෙනවා. එය දියයුතුද යන්න වෛද්‍යවරයකු විසින් නියම කළ යුතුයි. සාමාන්‍යයෙන් එවන් ඖෂධ පාමසියකින් ලබාදීම සුදුසු වන්නේ නැහැ. පණුවන් සිටින බව අනුමාන කරනවා නම් වෛද්‍යවරයකු හමුවී අසූචිත පරීක්ෂා කරවා පණු බෙහෙත් දීමයි වඩාත් සුදුසු වන්නෙ.සමහර අය තුළ තිබෙන මතයක් නම් දරුවාට පණු බෙහෙත් දුන් විට නෑවීම, ඇඹුල් සහ පැණිරස ආහාර ආදිය දීම නුසුදුසු බව එහි සත්‍යයක් තිබනවද?එහි කිසිම සත්‍යතාවයක් නැහැ. පණු බෙහෙත් වුවත් අනෙක් බෙහෙත් මෙන් සාමාන්‍ය බෙහෙතක් මෙහිදී කෑමෙන් පරෙස්සම් කිරීමට හෝ යම් යම් ආහාර දීමෙන් වැළකී සිටීම අවශ්‍ය නැහැ. මේ සමග ආහාර වල සම්බන්ධතාවයක් නැහැ. පණු බෙහෙත් ලබා දුන් දරුවකුට සාමාන්‍ය පරිදි ආහාර දීමට පුළුවන්.බොහෝ විට දැන් තිබෙන පණු බෙහෙත් එක පෙත්තක් වශයෙන් පමණයි දිය යුතු වන්නේ. දිගටම දෙන්න අවශ්‍ය්‍ය නෑ. සිරප් එක වුවත් එක් වරක් පමණයි දිමට අවශ්‍ය වන්නෙ.කිරිපණු රෝගයද මේ දරුවන් අතර බහුලයි. මෙයද ඇති වන්නේ පණු බිත්තර මගින් ගුද මර්ගය ආශ‍්‍රිත ඇතිවන කැසීම නිසා මෙහිදී දරුවන් අසහනකාරී තත්ත්වයට පත්වන්නට පුළුවන්. එවන් තත්ත්වයන්හිදී ඒ සඳහා ප‍්‍රතිකාර ලබාදිය යුතුයි.


    ලිව්වේ
    මංජුලා මල්කාන්ති


    උපුටා ගැනීම
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    :Dදරුවාට අමතර විටමින් අවශ්‍යද?


    “ඩොක්ටර් බබාට මොනවහරි හොඳ විටමින් එකක් ලියලා දෙන්න. බබා හරිම කෙට්ටුයි. කෑම කන්නත් හොරයි. ඉස්සරහ ගෙදර බබා නම් මහතයි. එයා බොන්නේ මෙන්න මේ විටමින් එක. ඩොක්ටර් අපේ බබාටත් මේ විටමින් එකම ලියලා දෙන්නකො.”මේ ආකාරයෙන් වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීම් කරන මවුවරුන් බොහෝ ඇත. දරුවාට විටමින් අවශ්‍ය්‍ය වේද, නොවේද යන කාරණය කෙසේ වෙතත් විටමින් පසුපස හඹා යෑම ඇතැම් මවුවරුන්ගේ පුරුද්දක්. දරුවා ආහාර අපි‍්‍රය කරන නිසා හෝ, කෙට්ටු වන නිසා හෝ තවත් දරුවෙකුට එම විටමින් වර්ගයම දෙන නිසා හෝ තම දරුවන්ටත් විටමින් දිය යුතුමද?දරුවාට නිසි පෝෂණය ලබාදීම කෙරෙහි සැලකිලිමත් වනවා නම් දරුවා කි‍්‍රයාශීලී නිරෝගිමත් දරුවකු නම් එවන් දරුවකුට අමතර විටමින් දීම අවශ්‍යද?බාල වියේදී විටමින් වර්ග දීමට අවශ්‍ය යැයි සැලකෙන දරුවන්ද සිටිනවා. මෙහිදී අඩු බරකින් යුතුව අඩු මාසයෙන් ඉපදෙන දරුවන්ට විටමින් ලබාදිය යුතු අවස්ථාවන් තිබෙයි. ඇතැම් විට මවගෙන් දරුවාගේ වර්ධනයට ලැබෙන විටමින් ප‍්‍රමාණයෙහි ඌණතාවයකින් යුතුව ඉපදෙන උපත් බර අඩු දරුවන්ට විටමින් ලබා දීමක් සිදු කෙරෙයි.
    සාමාන්‍ය පරිදි නිසි කාලසීමාවන් තුළ උපත ලබන සාමාන්‍ය බරකින් යුත් දරුවන්ට අවශ්‍ය පෝෂණය නියමිත ආහාර වේල් තුළින් ලැබේ නම් අමතර විටමින් දීමක් අවශ්‍ය නොවේ.බොහෝ විට වෛද්‍යවරයකු දරුවෙකුට අමතර විටමින් වර්ග දිය යුතු බව නිගමනය කරනු ලබන්නේ එම දරුවාට නිසි පෝෂණය ලැබේද යන්න ගැන සැකයක් මතුවන විටයි.සමහර මවුවරුන් දරුවාට දෙනු ලබන යම් යම් ආහාර සීමා කිරීමක් හෝ දීමට සුදුසු නුසුදුසු වශයෙන් තේරීමක් කරනු ලබන අවස්ථාවන් දක්නට ලැබෙනවා. මෙසේ තෝරා බේරා ගනිමින් ආහාර දීම නිසා ඇතැම් එළවළු, පලා වර්ග, පලතුරු ආදිය අවශ්‍ය පරිදි දරුවාට නොලැබිය හැකියි. එවන් තත්ත්වයක් යටතේ දරුවාට විටමින් ඌණතාවයක් වන බව නිගමනය වුවහොත් අමතර විටමින් ලබාදීමේ අවශ්‍යතාවයක් මතු කෙරෙයි.ඒ හැරෙන්නට සමබල ආහාරයක් ලබා ගන්නා දරුවෙකුට අමතර විටමින් වර්ග දීමේ අවශ්‍යතාවයක් නොවෙයි.දරුවන්ට දෙනු ලබන කිරි පිටි බොහෝමයක ඔවුන්ට අවශ්‍ය විටමින් වර්ග අඩංගුව පවතින බැවින් අමතරව විටමින් දීම අවශ්‍ය නොවන අතර මව්කිරි බොන දරුවන්ට අනෙක් ආහාරත් සමබර ආකාරයට දෙනවා නම් වෙනත් අමතර විටමින් අවශ්‍ය නැත.විශේෂයෙන්ම දරුවාට විටමින් වර්ගයක් දිය යුතු නම් ඔවුන්ට පළවෙනි අවුරුද්ද ඇතුළත ලබාදෙන මල්ටි විටමින් ඩ්‍රොප් එකක් තිබෙයි. එය නියමිත මාත‍්‍රාව අනුව දුන් විට දරුවාට දිනකට අවශ්‍ය විටමින් එහි අඩංගුව පවතියි. මෙහිදී විටමින් වර්ග කීපයක්ම එක දිගටම ලබාදීමක් අවශ්‍ය වන්නේ නැහැ.මෙහිදී කිසිදු විමසා බැලීමකින් තොරව දිගින් දිගටම විටමින් ලබාදීමට යාමෙන් ඉන් හානිකර තත්ත්වයක් වුවද ඇතිවීමට ඉඩ තිබෙන බව සඳහන් කළ යුතුයි.
    තෙල්වල දියවන සමහර විටමින් වර්ග එනම් විටමින් ඒ, බී, ඩී, ඊ, කේ ආදිය වැඩිපුර දීමෙන් එය අක්මාවේ තැන්පත් වී යම් යම් ප‍්‍රශ්න ඇතිවිය හැකියි. සාමාන්‍යයෙන් විටමින් ලබා දෙනවා නම් දිය යුත්තේ අවශ්‍ය විටමින් ප‍්‍රමාණය පමණයි.දරුවා කෑම නොකන නිසා විටමින් එකක් දිය යුතු බව සිතන මවුවරුන් සිටිනවා. මෙහිදී කිව යුත්තේ එය අනවශ්‍ය දෙයක් බවයි. එලෙසින් දරුවකුට විටමින් ලබා දුන්නද ඉන් දරුවාට අවශ්‍ය ආහාර ප‍්‍රමාණය සපුරාලීමක් සිදු නොවේ. තවත් කරුණක් නම් ආහාර වල අඩංගු අනෙකුත් කොටස්ද විටමින් වලින් සැපයෙන්නේ නැති බවයි. මෙය මව්වරුන්ගේ සිතේ ඇතිවන සිතුවිල්ලක් පමණයි.කිසියම් ලෙසකින් දරුවා ආහාර අපි‍්‍රය කරනවා නම් ආහාර නොකනවා නම් එයට හේතුව කුමක්ද යන්න ගැන මෙහිදී පරීක්ෂාකාරී වීම වැදගත්. සමහරවිට දරුවාට ආහාර දෙන ආකාරය සහ ආහාර දෙන වේලාව වෙනස් කළ විට රුචිකත්වය උපදවන සේ ආහාර දුන් විට ඉහත කී තත්ත්වය වෙනස් විය හැකියි.එසේ නොමැතිව දරුවාට විටමින් දුන් පමණින් ආහාර නොගැනීමේ අඩුව මඟ හැරී යාමක් හෝ විටමින් වලින් බඩගින්න ඇතිවීමක් සිදු නොවන බව වටහා ගැන්ම වැදගත්.


    ලිව්වේ
    මංජුලා මල්කාන්ති


    උපුටා ගැනීම
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    තම දරුවාටම වින කටින මවුවරු


    “අනේ අම්මේ මට ජීවත් වෙන්න ඉඩ දෙන්න. මාව මරන්න එපා. මටත් ආසයි ලෝකය දකින්න තම කිරිකැටියා ජීවිතය ඉල්ලා යදින හඬ නොඇසී ඔහු විනාශ කිරීමට මවක් අනුබල දෙන්නේ නම්...”මිනිස් පවුලේ ඉතාමත් දුර්වල හා හඬක් නැගීමට නොහැකි සාමාජිකයාගෙන් ජීවත් වීමේ අයිතිය පැහැර ගැනීමක් බඳු වූ ගබ්සාව පිළිබඳ කතා කිරීම බොහෝ අංශයන්ගෙන් විවාදාත්මක වනු ඇත.ගබ්සාව නීති විරෝධී යැයි බොහෝ දෙනෙක් හඬ නගති. එහෙත් එය නීතියට අනුකූල වීම හෝ නොවීම කෙසේ වුව ද එහිදී විනාශ වී යන්නේ් පණ ඇති ජීවියකු බව නම් බොහෝ මවුවරු නොදන්නවා ඇත. මාස දෙකකට හෝ ඊට අඩු කාලයක දී සිදු කැරෙන ගබ්සාවක දී සිදුවන්නේ හිතන්නේ නැති මාංශයක් විනාශ කිරීමක් නොව මිනිස් ජීවිතයක් නසා දැමීමකැයි කීවොත් නිවැරැදිය.දරුවකු මවු කුස පිළිසිඳ ගැනීමේ මොහොතේදීම ජෛව භාවය ඇතිවන අතර එතැන් සිට සිදුවන්නේ වර්ධන කි‍්‍රයාවලියකි. එසේ නොමැතිව පිළිසිඳ ගැනීමෙන් පසුව මනුෂ්‍ය භාවය ඇති වේ යැයි කිව නොහැකි ය.පිළිසිඳ ගැනීමෙන් දින 18 ක් පමණ කාලයක දී ජීවියාගේ හෘදය ස්පන්දනය ආරම්භ වන බව නවීන විද්‍යාවට අනුව තහවුරු වී තිබේ. ඇතැම් විට දින 18 ක් වන විට කාන්තාවකට තමා ගර්භනී යැයි දැනගෙන නොසිටිය හැකිය.කළලයට මාසයක් ගතවන විට එම ජීවියාගේ ‘වේදනාව දැනීමේ’ ස්නායු පද්ධතිය වර්ධනය වන බවද පිළිගෙන ඇති අතර, ගබ්සා කිරීමේ පීඩාකාරී බව අනිවාර්යයෙන්ම දැනෙන බව ද ඒත්තු ගන්වයි. එහෙයින් මේ අවස්ථාවේදී ගබ්සා කැරෙන්නේ පණ හැඟෙන මනුෂ්‍ය ප‍්‍රාණියෙකි. ඔහුගේ වේදනාකාරී වැලපීම පිටතට නො ඇසෙන හෙයින් නිහඬ මරණයකට රහසේම ගොදුරු වීමට සිදුවේ.
    සති හයකදී දරුවා ශරීරය චලනය කරන අතර මොළයේ කි‍්‍රයාකාරිත්වය තුළ යම් දේවල් තේරුම් ගැනීමේ හැකියාව ද ඇති බව ඔප්පු වී තිබේ. සති 11 ක දී ශරීරයේ කි‍්‍රයාකාරිත්වය සම්පූර්ණ වන අතර, හුස්ම ගැනීම ද්‍රවශීලීව, දිරවීම, මුත‍්‍රා පහ කිරීම ද සිදු කැරේ. මේ අවස්ථාවේදී රිදුමට හා ශබ්දයට සංවේදියා තමන්ට අන්තරාවක්යැයි හැඟෙන විට ඉන් බේරීමට ඉබේටම ගැබ තුළ පහසු තැනක් සොයාගනී.මේ අවස්ථාවේදී ගබ්සා කැරෙන දරුවා මිය යන්නේ මරණයේ වේදනාව දැනී දැනීමය. බොහෝ දෙනකු සිතා සිටින්නේ ගබ්සාව යනු නූපන් දරුවකු එලෙසින්ම පිටතට ගෙන ඉවත් කරන බව හෝ යම්කිසි ක‍්‍රමයකින් කුස තුළම දියකර හැරීමක් ලෙසය. එහෙත් සැබෑ තත්ත්වය ඊට වඩා බෙහෙවින් කුරිරුය. අවදානම් සහගතය.ගර්භාෂයට ඇතුළුකරන අඬු, බෙහෙත් සිරින්ජර වැනි උපකරණ මගින් දරුවා එළියට ඇද දැමේ. සති 12 දී සිදුකරන ගබ්සාවකදී මුවහත් තොණ්ඩුවක් වැනි ගිහියක් යෝනි මාර්ගය ඔස්සේ යවා බිළිඳාකොටස් වශයෙන් කපා ඉවත් කරන බව ඔබ නොදන්නවා වියහැකිය. මෙවැනි අවස්ථාවකදී සිදුවන අධික රුධිර වහනය ඇතැම් විට මවට ද මරණය කැඳවීමට තරම් වේ.වැඩුණු දරුවකු ගබ්සා කැරෙන විට අත් පා ආදී වශයෙන් වෙන් වෙන්ව ද අවසානයේ මුදු දෙකකින් සහිත අඬුවක් වැනි උපකරණයකින් කැබලි කළ හිස ද කුසයෙන් ඉවත් කරනු ඇත. ඇතැම් විට මේ කිරිකැටියා ඊළඟට කුණු බාල්දියකට ද එතැනින් අයාලේ යන බල්ලන්ට ආහාරයක් ද වනු ඇත. බොහෝ කාන්තාවන් ගබ්සාවේ මේ පිළිකුල් සහගත අමානුෂික පැත්ත ගැන නොදන්නවා විය හැකිය.නවීන විද්‍යාවේ දියුණුවට අනුව මාස 4 1/2 ක දී උපදින දරුවකු වුවද ජීවත් කළ හැකි ය. එහෙත් ඇතැම් මවුවරු මාස 3 ක දී ද දරුවන් ගබ්සාව කිරීමට පෙළඹේ. මෙය මවට ද බෙහෙවින් අවදානම් තත්ත්වයකි.හොර රහසේ ගබ්සා හල්වල සිදුකැරෙන ගබ්සාවක දී භාවිතා කැරෙන උපකරණ මගින් විෂ බීජ ඇතුළු වී විවිධ අතුරු ආබාධයන්ට ගොදුරු වීමට තිබෙන ඉඩකඩ වැඩිය. මේ උපකරණ නිසා ගර්භාෂය සිදුරු වීමට ද ඉඩ ඇත. එහෙත් ඒ බව නොදැන සිටීම නිසා මවගේ මරණය ද සිදුවනු ඇත.
    අධික රුධිර වහනය, ආසාදන හා හදිසි කම්පනවලට පත්්වීමට ද ඉඩ ඇති අතර, ශ්‍රෝණි ආසාදනවලට ද මේ කාන්තාවන් ලක්වීමට ඉඩ ඇත.ශ‍්‍රී ලංකාවේ දිනකට නීති විරෝධී ගබ්සාකිරීම් 1200 ත් 1500 ත් අතර ප‍්‍රමාණයක් සිදුවන අතර වසරකට සදුකැරෙන ප‍්‍රමාණය 240,000 ක් පමණ වේ. කොළඹ දිස්ති‍්‍රක්කය තුළ පමණක් මෙවැනි නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථාන 20 ක් පමණ පිහිටා ඇතැයි වාර්තා වී තිබේ.විනාඩි දහයක් විස්සක් වැනි සුළු කාලයකදී පවා සිදුකැරෙන මේ ගබ්සා ඛ්ලම් සඳහා තරමක ලොකු මුදලක් අයකරයි. ශ‍්‍රී ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම ගබ්සාවෙන් පොහොසත්වන ජාවාරම් කරුවෝ බහුලය. ඇතැම් රටවල මේ කළල විවිධ නිෂ්පාදන සඳහා යොදා ගන්නා හෙයින් ඒවායේ කොටස් විවිධ මිල ගණන් යටතේ අලෙවි වන බව ද පැවැසේ.ලොව පුරා සෑම වසරකදීම මිලියන 45 ක් පමණ ගබ්සා කිරීම් සිදුවන අතර, එයින් මිලියන 20 ක් පමණ නීති විරෝධී වේ. වැරැදී මිලියනයක් පමණ මවුවරු මියයති.ශ‍්‍රී ලංකාවේදී නම් ගබ්සාවට මූලික හේතු වන්නේ අවිවාහක මාතෘත්වයයි. සමාජයට මුහුණ දීමට නොහැකි තත්ත්වයන් මත ගබ්සා කිරීමට මවුවරු පෙළබේ. එයින් බොහෝ දෙනෙක් වයස අවුරුදු 18 සිට 25 දක්වා වයසේ තරුණ තරුණියන් වන අතර ඒ අතරින් වැඩි ප‍්‍රමාණයක් පාසල් සිසුවියන් හා නිදහස් වෙළෙඳ කලාප සේවිකාවන් හා නගර කාර්යාල සේවිකාවන් වේ.මෙවැනි ගබ්සාවලින් පසුව සැබෑවටම ඔවුනට දරුවකු අවශ්‍ය මොහොතක් වන විට දරුවන් නොලැබී යන බව ප‍්‍රත්‍යක්ෂ වූ අවස්ථා බොහෝ ය. එයින් වැඩි දෙනෙකු වඳ භාවයට පත්වන අතර, ගබ්සාව පියයුරු හා ගැබ්ගෙල පිළිකාවට මූලික හේතුවක් ලෙස ද අනාවරණය වී තිබේ.ගබ්සාවකින් පසුව බරකින්, අවමානයකින් නිදහස් වූවාය යන සිතින් කාන්තාවකට සැනසිල්ලේ පසුවනු ඇතැයි ඇතැම් විට ඔබ ද සිතනු ඇත. එහෙත් ඒ සිදුවීම කාන්තාවක් දීර්ඝ කාලීන මානසික පීඩනයකට ලක්කරයි. වසරින් වසර ගෙවෙන විට විනාශ කළ දරුවාගේ වයසේ දරුවන් දකින සෑම විටම ඇය හදවතින් දැවේ. එය කාන්තාවට පමණක් නොව පුරුෂයාට ද මානසික පීඩනයක් වන බව උපදේශන සේවාවන් මගින් හෙළි දරව් වී තිබේ. කුස තුළ සිටින දරුවා මිය යන්නේ ද මහත් වේදනාවකිනි. මවගේ උණුසුමේ, තුරුලේ නැළවිය යුතු දරුවා රුධිරයෙන් නැහැවී කැබලී වී කුණු බාල්දියකට වැටේ.සිඟිත්තකුට ඇති ආරක්ෂාව රැකවරණය තම මවයි. ඇයම ඒ සිඟිත්තා මරා දැමීමට අනුබල දෙන්නේ නම් තියුණු කතුරු තුඩකට හසුවී කැපී මිය යන දරුවාට ඒ මොහොතේ දැනෙන හැඟීම හා වේදනාව හඳුනා ගැනීමට මවකට හැකි නම්, ගබ්සාව මේතරම් ප‍්‍රචලිතවී නොයනු ඇත.

    ලිව්වේ
    රසිකා ඔලබොඩුව


    උපුටා ගැනීම
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    දරුවාගේ උගුරේ යමක් හිර වුණොත්


    කිරි කැටියකුගේ රෝගී තත්ත්වයකදී මවුපියන් මොන තරම් කලබල වෙනවාද? තමන් හුස්ම ගන්නා බවවත් බොහෝ මවුපියන්ට අමතක වන්නේ දූ දරුවන් ඔවුන්ගේ ජීවිත බවට පත්ව ඇති නිසයි.කොතරම් සෙනෙහස දැක්වුවත්, ඇසක් මෙන් රැක බලා ගත්තත් කුමන මොහොතේ සිඟිති දරුවකු අනතුරකට ගොදුරු වේදැයි කියනු බැහැ. දරුවන් අතර සුලබ අනතුරක් වන්නේ උගුරේ යමක් සිරකර ගැනීමයි. උගුරේ යමක් සිරවීම මාරාන්තික ප‍්‍රතිඵල ගෙන දෙන්නකි. මව, පියා, එසේත් නැත්නම් නිවෙසේ සිටිනා වෙනත් අයකු එවැනි අවස්ථාවක කළ යුතු දේ ගැන දැනුමක් ඇති කෙනකු නම් සිඟිත්තා අනතුරෙන් බේරා ගැනීම අසීරු නැහැ.
    උගුරේ යමක් සිරවී ඇති බව දැන ගන්නේ කෙසේද?කැස්ස, හුස්ම ගැනීම අසීරු වීම, බෙල්ල, මුහුණ රතු පැහැවීම, උගුරෙන් ශබ්දයක් පිටවීම හෝ කිසිදු හඬක් පිට නොකිරීම යමක් සිරවී ඇති බවට ලකුණුය.බිලිඳාගේ කැස්සෙන්, සිරවූ දෙයින් ආහාර මාර්ගය අවහිර වී නැති බව අපට අනුමාන කරන්න පුළුවන්.බිලිඳා කහින්නේ නැත්නම් කැස්ස ඇති කළ යුතුයි.ඔබේ අතට ගොටුවක් මෙන් සකස් කර සෙමෙන් පිටට ගසන්න. කැස්ස ඇතිවේවි.මාස දොළහකට අඩු බිලිඳකු යමක් සිර කරගත් විට, මුලින්ම මුහුණ පහතට සිටින සේ පහළට හරවන්න. බිලිඳාගේ හිස ඔබගේ වම් අතේ පහළට වනසේ තබා ගන්න.ඉන්පසු සෙමින් සෙමින් පිටට පස්වරක් තට්ටු කරන්න. දරුවා උඩු අතට හැරුණු පසු තම දබර ඇඟිල්ලෙන් දිව පහත් කර හොඳින් බලන්න. මේ අවස්ථාවේදී මවගේ අත් හොඳින් පිරිසුදුව තිබිය යුතුයි.උගුරේ යමක් තිබෙනවාක් මෙන් පෙනෙයි නම් මව තම සුළැඟිල්ල කොක්කක් මෙන් නවා තිබෙන දෙය ප‍්‍රවේශමෙන් පිටතට ගන්න.දරුවාගේ පිටට තට්ටු කර කිසිදු ප‍්‍රතිඵලයක් නැත්නම් බිලිඳා උකුළේ උඩු අතට, හිස පහතට සිටින සේ තබන්න. එසේ තබා, ඔබගේ ඇඟිලි දෙකක් දරුවාගේ පපුවේ මැද (තනපුඩු යටින්) තබන්න. එම ඇඟිලි ;දකෙන් තදට තුන්වරක් තෙරපන්න. තත්පර 3 - 5 කට වරක් එසේ කර උගුර පරීක්ෂා කර බලන්න. එවිටත් සිරවූ දෙය සොයා ගත නොහැකි නම් කලින් ක‍්‍රමය නැවත අනුගමනය කරන්න. කිසිවකින් ප‍්‍රතිඵලයක් නැත්නම් දරුවා වහාම රොහල්ගත කළ යුතුයි.
    තරමක ලොකු ළමයකුට නම් සිරවී ඇති දෙය පිට කිරීමට උනන්දු කළ හැකියි. තනිවම එය කළ නොහැකි නම් දරුවාට ඉදිරියට නැමෙන්න යයි පවසා පිටට පස් හය වරක් ගසන්න. කට ඇර හිරවූ යමක් පෙනෙයි නම් ඔබේ සුළැඟිල්ලෙන් එය ඉවත් කරන්න.මේ සිරවී ඇති දෙයක් තරමක් වැඩුණු දරුවකුගේ තවත් ආකාරයකට ඉවත් කළ හැකියි. දරුවා කෙලින් සිටුවා ඔබ දරුවාගේ පිටුපසින් සිට ගන්න. අත මිට මොළවා පපු ඇටයේ පහළ කොටස මත තබන්න. ඒ අත අනෙක් අතින් තදින් අල්ලා ගන්න. දෑතින් තද කරන්න. දරුවාගේ කට ඇර සිරවී ඇති දෙය පෙනෙනවාදැයි බලන්න. එයින් ප‍්‍රතිඵල නැත්නම් නැවතත් ළමයා පිටුපස සිටගෙන, පපු කූඩුවට පහළින් පෙකණියට උඩින් අත මිට මොළවා තබා අනෙක් අත ඒ මත තබා පපුව දිශාවට දෑත් අදින්න. තත්පර තුනකට වරක් පස් වරක් මෙසේ කර දරුවාගේ උගුර බලන්න. නැවතත් එයම කර ප‍්‍රතිඵලයක් නැත්නම් වෛද්‍ය උපදෙස් පතන්න
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    දරුවා අසහනයට පත් කරවන බඩ වියළීම



    කුඩා දරුවන් අසහනයට පත්කරවන රෝග තත්ත්වයන් අතරින් වඩාත් බහුලව දැකිය හැකි තවත් තත්ත්වයක් නම් බඩ වියළීමයි. වෛද්‍ය ප‍්‍රතිකාර කරා රැගෙන එන දරුවන් අතරින් බඩවියළීමේ තත්ත්වය එසේත් නැතිනම් මළ බද්ධය නිසා අසහනයට පීඩාවට පත්ව සිටින දරුවන්ද වැඩි වශයෙන් දක්නට පුළුවන්. සාමාන්‍ය ආකාරයට දරුවාට මළපහ පිටවනවානම් එහි ප‍්‍රශ්නයක් නැහැ. නමුත් දරුවා නිසි පරිදි මළ පහ පිට නොකිරීම පිටවන මළ අධික ලෙස වියළි ස්වභාවයකින් තද බවකින් යුක්තවීම ප‍්‍රශ්නයක් මතුකරන තත්ත්වයක්.සාමාන්‍යයෙන් මවුකිරි බොන දරුවකු ගතහොත් දවසට වැඩිවාර ගණනක් මළපහ පිටවීම සාමාන්‍ය තත්ත්වයක්. දරුවා ක‍්‍රමයෙන් වැඩෙන විට දවසට වරක් හෝ දෙවරක් පමණ මළ පහ කළ හැකියි. එම තත්ත්වය සාමාන්‍යයයි.දරුවාට පිටවන මළපහ වියළි සහ වඩාත් ඝන බවකින් යුක්තවීම මළබද්ධය වැනි තත්ත්වයක් ලෙස අපට අනුමාන කළ හැක්කේ දරුවා මළපහ කරන වාර ගණන අඩුවීම සහ මළකොටස් වල ඝන ස්වභාවයක් දක්වන විටයි.මේ ආකාරයෙන් මළ කොටස් වඩාත් ඝනවීම නිසා මළපහ කරන අවස්ථාවේදී දරුවාගේ ගුද මාර්ගය තුවාල විය හැකි අතර ඉන් දරුවාට අධික ලෙස වේදනාවක් දැනිය හැකියි. එම වේදනාකාරී බව අත්විඳීමට ඇතිබිය නිසා ඇතැම් විට මළපහ කිරීමේ අවශ්‍යතාවය ඇතිවුවත් එය බැහැර කිරීමෙන් වැළකී සිටීමට පෙළඹෙන්නට පුළුවන්. ඉන් සිදුවන්නේ මළ වියළීම සහ ඝන වීමේ තත්ත්වය තව තවත් වැඩි වීමයි.දරුවා ඉපදුණු අවධියේ සිටම දරුවාට මළ පහ පිටවීමේ ප‍්‍රශ්නයක් තිබුණේ නම් ප‍්‍රතිකාර සඳහා වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතුයි. එසේ නොවුණහොත් එම තත්ත්වය නිසා දරුවාගේ බඩවැලේ ප‍්‍රශ්න ඇතිවීමට ඉඩ තිබෙයි.
    මේ හැරෙන්නට දරුවාට පසුකාලීනව අධික ලෙස බඩ වියළීමත්, මළ බද්ධය වැනි තත්ත්වයක් ඇතිකරලීම කෙරෙහි දරුවා ගනු ලබන ආහාර පාන වල ස්වභාවයන්ද මුල්විය හැකියි.තන්තු ආහාර නොගැනීම නිසි පරිදි වතුර පානය නොකිරීම වැනි දෑද මළබද්ධයට හේතුවන්නට පුළුවන්. විශේෂයෙන්ම බිස්කට්, චොක්ලට්, කිරි ආදිය ප‍්‍රධාන ආහාර ලෙස ගන්නා දරුවන්ගේ මළපහ වඩාත් තද ගතියක් සහ වියළි බවක් දක්වයි. එම නිසා නිතර දරුවාගේ බඩ වියළීමේ ස්වභාවයක් වෙත්නම් එවන් ආහාර දීමේදී සැලකිලිමත් විය යුතුයි. දරුවා වයසින් වැඩෙත්ම දරුවාට දෙනු ලබන ආහර වල ඝන ස්වභාවය සහ කැබලි ස්වභාවය වැඩිකරන්නට සැලකිලිමත් වීමද මෙහිදී වැදගත්.එළවළු, පලතුරු ආහාරයට එක්කර ගැන්මත් හොඳින් ජලය පානය කිරීමත් කරනු ලබන සාමාන්‍ය පරිදි ආහාර වේලක් ගන්නා දරුවන්ට මළ බද්ධය වැනි තත්ත්වයන් ඇති නොවේ.බොහෝ මවුවරුන් දරුවා තුළ නිසි පරිදි මළපහ කිරීමේ පුරුද්දක් ඇතිකරවීම කෙරෙහි සැලකිලිමත් බවක් දක්වන්නේ නැහැ. එම නිසා කලට වේලාවට මළපහ කිරීමේ සූදානමක් පුරුද්දක් දරුවන් තුළ දක්නට නැහැ.
    කුඩා වියේ සිටම දරුවා තුළ එවන් පුරුද්දක් ඇතිකරවීම ඉතා වැදගත්. මෙහිදී දරුවා ආහාර ගත් පසුව මළපහ කරවීම සඳහා එයට යොදාගනු ලබන ආධාරකය මත (potty) දරුවා මද වේලාවක් හිඳුවා තබන්න. එසේ හිඳුවා තැබීමෙන් දරුවාට නිසි වේලාවට මළපහ කිරීමේ අවශ්‍යතාවක් සහ පුරුද්දක් ඇතිකරවිය හැකියි.ඇතැම් විට දරුවාගේ කී‍්‍රඩාශීලී බව සහ ඒ කෙරෙහි වන වැඩි නැඹුරුතාවය මත මළපහ කිරීමේ අවශ්‍යතාව නොතකා හරින අවස්ථාවන් තිබිය හැකියි. එවිට මළ කොටස් වල පවතින වතුර ගතිය සහ තෙත් බව සිඳී වියළීමකට ලක්වීමෙන් එහි වඩාත් ඝන ස්වභාවයක් සහ තද බවක් ඇතිවීමට පුළුවන්. එම නිසා විශේෂයෙන්ම කුඩා දරුවන්ට ආහාර දීමෙන් පසු මළපහ කරවීමේ පුරුද්දක් වශයෙන් අදාල ආධාරකය මත වාඩිකරවා තැබීම සුදුසුයි.බඩවියළීම, මළබද්ධය වැනි තත්ත්වයන් වළක්වාලීමට නම් දරුවාට ප‍්‍රමාණවත් පරිදි ජලය පානය කිරීමට දීම, එළවළු, පලතුරු (විශේෂයෙන්ම තන්තු ආහාර) මිශ‍්‍ර ආහාර ලබාදීම, බඩ වියළීම ඇතිකරවන ආහාර දීමෙන් වැළකීම ආදිය වැදගත් කොට සැලකිය යුතුයි
    .


    ලිව්වේ
    මංජුලා මල්කාන්ති
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    SubscribeViaEmail.gif



    THANKS ALL COMMENTS, REP++
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    දුරකථනය එදා සහ අද

    දුරකථනය එදා සහ අද

    21 වන සියවසට පා තබන ලෝකයට අද නැතුවත් බැරි ඇතුවත් බැරි තාක්ෂණය දුරකථනය ලෙස නම් කළාට වරදක් නැතැයි සිතේ. ලෝකය පුරා සෑම රටකම කාර්යාලීය අඩුවැඩි වශයෙන් යොදා ගත්තත් අත්‍යවශ්‍ය භාණ්ඩ අතරට අද දුරකථනය එක්වී තිබීම එහි අත්‍යවශ්‍යතාවය මැනවින් පිළිබිඹු කරයි. දුරකථනයෙන් නිතරම කතා කරන ඔබට එහි උපත සහ එහි කි‍්‍රයාකාරිත්වය පිළිබඳව බොහෝ දේ නොදැන සිටින්නට පුළුවන. ලෝකය තාක්ෂණ ජාලාවකින් වෙළාගත් අවදියක සන්නිවේදන ජාලය පුළුල් වත්ම තලබානුව (දුරකථනය) ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම්බෙල් එය සොයා ගත්තත් සමග ලෝකයේ සන්නිවේදනය අපූරු මගකට යොමුවීමෙන් දුරකථනයට අද්විතීය ස්ථානයක් නිතැතින් හිමි විය. තවද මෙය විවිධ හැඩයන්ගෙන් හා විවිධ වර්ණවලින් විවිධ ප‍්‍රමාණවලින් නිර්මාණය කර ඇති අතර, ඕනෑම තැනකට අතේ ගෙන යා හැකියාව ද ඇත.
    ඔබ දන්නවාද දුරකථනයේ ඇමතුම් පැඩලයෙන් (DIALING PAD) රිසිවරය අතට ගෙන හිතවතෙකුට ඇමතීමට සූදානම් වන විට විදුලි තරංගයක් විදුලි සංදේශ මධ්‍යස්ථානය වෙත ගමන් කරනු ලබයි. එවිට රිසීවරයෙන් කතා කිරීමට හැකිවන හඬක් නිකුත් වේ. (DIAL TONE) එවිට අප ඇමතුම් ලබා ගැනීමට සූදානම් බව ඇඟ වූ විගස අවශ්‍ය අංකයන් කරකවා මුඛය තබන කොටස (MOUTH PIECE) මගින් කතා කළ යුතුය.මුව තබන කොටස සියුම් පටලයකින් වැසී ඇති අතර, ඒ තුළ කුඩා කාබන් කැට ඇත. අප කතා කරන විට හ‍‍ඬේ දෙදරීම මෙම කැටවල වදින විට සංකෝචනය (හැකිලීම) හා ප‍්‍රසාරණය (විශාලවීම) සිදුවනු ලබයි.මෙය සිදු වන්නේ කට හ‍‍ඬේ අඩු වැඩිවීම අනුවයි. මෙහි දී පුංචි ඔබ කතා කරන හඬ ඔබ අමතන අනෙක් පාර්ශවයට ඇසෙන්නේ කණ තබන කොටසිනි.අප අංකයක් කරකැවූ විගස විදුලි සංදේශ මධ්‍යස්ථානයේ ඇති පරිගණක මගින් හඳුනා ගැනීම සිදු කරන අතර, ස්වයංකී‍්‍රය යතුරු ක‍්‍රමය මගින් අපට අවශ්‍ය පුද්ගලයාට ඇමතුම සම්බන්ධ කෙරේ. විශාල ආයතනවල මෙවැනි මධ්‍යස්ථාන ඇති අතර, දුරකථන කි‍්‍රයාකරවන්නෙකු ද සිටියි. ඔහු විසින් සියලුම ඇමතුම් සම්බන්ධ කරනු ලබයි.නව තාක්ෂණ ජාලයත් සමග තම නිවසේ සිට ඕනෑම තැනකට හෝ රටකට කතා කිරීමට හැකිවන අතර පෙර මෙන් ඩයලය කරකවනවා වෙනුවට අවශ්‍ය අංකය මත ඇඟිලි තුඩු තබා තද කිරීම තුළින් අවශ්‍ය කාර්යය සිදු කර ගත හැකි වේ. මෙහි දී මේ සඳහා මෙතෙක් යොදා ගත් කේබල්වලට අමතරව (ඔප්ටිකල් පයිබර්) තුළින් විශාල වශයෙන් පණිවුඩ යැවීම සිදු කරනු ලබයි.
    ලෝකය පුරා දුරකථන පණිවිඩ යැවීම ව්‍යාප්තවීමත් සමග අප රටේ ද 1976 වසරේ නොබැඳි සමුළුවත් සමග චන්ද්‍රිකා මධ්‍යස්ථාන දෙකක් පිහිටු වූ අතර ප‍්‍රථම මධ්‍යස්ථානය පාදුක්කේ පිහිටවනු ලැබීය. ඉන් පසු පිහිට වූයේ කොටුවේ චන්ද්‍රිකා මධ්‍යස්ථානයයි. මෙමගින් ලෝකයේ අනෙකුත් රටවල් අපට ද දුරකථන මගින් සම්බන්ධවීමට අවස්ථාව උදා විය. තව දුරටත් මෙම ක‍්‍රමය වේගවත් දියුණුවක් ඇති කිරීම සඳහා මුහුදු යටින් රට රටවල් හරහා කේබල් ඇද ඒ තුළින් පණිවිඩ හුවමාරුව වේගවත් වන්නට විය.ඔබ දන්නවාද අප රට තුළ අද වන විට ගෘහස්ථ දුරකථන සමාගම් 03 ක් හා ජංගම දුරකථන සමාගම් 04 ක් පිහිටුවා ඇති බව. මේ සියලුම සමාගම්වලට තමන්ට උවමනා අයුරින් කටයුතු කළ නොහැක. මෙම සමාගම් පාලනය වනුයේ විදුලි සංදේශ කොමිසම මගිනි. මෙම දුරකථන කි‍්‍රයාවලියේ දී කතා කිරීමේ දී අය කරන ගාස්තු අඩු වැඩි කිරිම හා දුරකථන සම්බන්ධව වැදගත් තීරණ ගැනීමේ සියලුම අයිතිය විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සතු වේ. අප රට තුළ සෑම අස්සක් මුල්ලක් නෑර දුරකථන පහසුකම් ව්‍යාප්ත කිරීම සඳහා සම්පෙ‍්‍ර්ෂණ කුළුණු උපයෝගී කර ගනිමින් තරංග කි‍්‍රයාකාරිත්වය වැඩි දියුණු කොට දුරකථන පහසුකම් සලසා ඇත. මේ සියලුම දුරකථන පණිවිඩ සිදුවනුයේ ස්වයංකී‍්‍රය විනිමය මධ්‍යස්ථාන තුළිනි.
    අපගේ ගෘහයන් සඳහා දුරකථන ගැනීමේ දී බොහෝ දුරට උපයෝගී කර ගන්නේ කම්බි මගින් වුවද එම කම්බි ප‍්‍රධාන මාර්ගයේ ගමන් කරන කම්බිවලට සම්බන්ධ කළ යුතු වන්නේ පුඩු / ලූප්ස් මගිනි.ඔබ සමහර විට නොදන්නවා විය හැකියි අප රට තුළ දුරකථන මුලින්ම පැමිණීම හා ව්‍යාප්ත වූ අයුරු.තව දුරටත් එම ව්‍යාපෘති ආරම්භ කළ වර්ෂයන් ද පහත දැක්වේ.1. 1858 ප‍්‍රථම විදුලි සංදේශ පරිපථ සම්බන්ධතාවය කොළඹ සිට ගාල්ල අතර ඉදි කරන ලදී.2. කොළඹ සහ ඉන්දියාව අතර ප‍්‍රථම විදුලි සංදේශ පරිපථය 1858 රටවල් දෙකේ එකඟතාවය මත ගොඩනගන ලදී.3. 1880 වේ දී තැපැල් සහ විදුලි සංදේශ ආයතන දෙක ඒකාබද්ධ කර රජයේ සේවාවට එක් කරන ලදී.4. 1895 දී ප‍්‍රථම සබ්මැරීන් කේබලය (මුහුද යටින්) ඉන්දියාව සහ ලංකාව අතර ඇද දුරකථන පණිවිඩ හුවමාරුව විධිමත් කරන ලදී.5. 1896 දී ඔරියන්ටල් දුරකථන සමාගම සමග එහි ස්වයංකී‍්‍රය නොවූ විනිමය මැනුවෙල් (MANUAL EXCHANGE) ලංකා රජයට පවරා ගැනීම සිදු විය.6. 1911 සී. ටී. ඕ. (C. T. O.) මධ්‍යම විදුලි පණිවුඩ හුවමාරුව ආරම්භ කරන ලදී.7. 1931 ස්වයංකී‍්‍රය විදුලි සංදේශ විනිමය මධ්‍යස්ථානය කහවත්තේ දී ආරම්භ විය. (රත්නපුර දිස්ති‍්‍රක්කය)8. 1935 විදේශ අන්තර් ජාතික දුරකථන සේවාව ආරම්භ කිරීම සිදුවීම.9. 1941 විදුලි සංදේශ සේවාව කේබල් සහ වයර්ලස් (CABLE AND WIRELESS) සමාගමට භාර දෙනු ලැබීම.10. 1951 දී කේබල් සහ වයර්ලස් සමාගම රජයට පවරා ගන්නා ලදී.11. 1963 දී ටෙලෙක්ස් සේවාව අප රටට හඳුන්වාදීම (විදුලි පණිවිඩ හුවමාරුව)12. 1976 අප රටේ ප‍්‍රථම චන්ද්‍රිකා මධ්‍යස්ථානය පාදුක්කේ පිහිටුවීම.13. 1980 තැපැල් සහ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ආයතන දෙකක් බවට පරිවර්තනය කිරීම.14. 1981 ප‍්‍රථම ස්වයංකී‍්‍රය ප‍්‍රධාන විනිමය (MASTER EXCAHANGE) ස්ථාපනය කිරීම.15. 1985 SEA - ME - WE 1 අන්තර් ජාතික සබ්මැරීන් කේබලය සමග සම්බන්ධවීම (මෙතුළින් අන්තර් ජාතික සම්බන්ධකම් වැඩි දියුණුවීමට හේතු විය.)16. 1991 ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සංස්ථාවක් වශයෙන් ස්ථාපනය කරන ලදී.17. 1993 දෙවෙනි පෘථිවි චන්ද්‍රිකා මධ්‍යස්ථානය කොළඹ - කොටුවේ පිහිටවනු ලැබීම.18. 1994 SEA - ME - WE 2 අන්තර් ජාතික සබ්මැරීන් කේබල හා එක්වීම තුළින් දුරකථන පහසුකම් වැඩි දියුණු විය.19. 1995 මුළුමනින්ම (ඩිජිටල් 3 වන පෘථිවි මධ්‍යස්ථානය පාදුක්කේ දී ආරම්භ විය.)20. 1996 ඉන්ටනෙට් සහ ඊමේල් සේවාව හඳුන්වාදීම ඊට අමතරව ටෙලිකොම් සමාගමක් ලෙස පරිවර්තනය කිරීම.21. 1999 SEA - ME - WE 3 ඩිජිටල් දෘෂ්‍ය තන්තු(DIGITAL CAPTICOL FIBRE) අන්තර් ජාතික කේබලය හා එක්වීම තුළින් නව තාක්ෂණ ජාලය කරා ගමන් කිරීම

     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    මුද්දරයේ ආරම්භය..........

    ශී‍්‍ර ලංකාවේ මුද්දර භාවිතය එන්නට පෙර ලිපි කටයුතු හුවමාරුව සඳහා කළේ දින මුද්‍රාවක් ලිපිය මත සටහන් කිරීමකි. ඒ කාලයේ බි‍්‍රතාන්‍ය රජය හමුදා භටයින් අතර සිදු කෙරුණු තැපැල් සේවාවේ දී යොදාගත් දින මුද්‍රා සහිත ලියුම් එදාට වඩා අද වටිනාකමක් ඇති ඒවා හැටියට ගණන් ගැනේ.ලෝකයේ මුල් වතාවට තැපැල් මුද්දරයක් නිකුත් කළේ 1840 මැයි මාසයේ පළමුවැනිදාය. එයින් වසර 17 කට පසු 1857 අප්‍රේල් පළමුවැනිදා ශී‍්‍ර ලංකාවේ තැපැල් මුද්දර භාවිතයට පත් විය. වික්ටෝරියා මහේෂිකාවගේ උඩුකය ඡායාරූපයක් සහිත පැන්ස හයක වටිනාකමින් යුත් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම මුද්දරය මුද්‍රණය කළේ එංගලන්තයේය. අද මෙන් මුද්දර වෙන් කිරීමට සිදුරු පේළියක් එදා තිබුණේ නැහැ. ඒ වෙනුවට කළේ කතුරකින් කපා වෙන් කර ගැනීමයි.
    සිදුරු පේළි සහිත මුද්දරය මුලින්ම පාවිච්චි කළේ 1861 දීය. මුල්ම යුගයේ මුද්දරයේ වටිනාකම පැන්ස හයක් විය. කෙසේ නමුත් ලෝකයේ මුල්වරට තැපැල් මුද්දරයක් හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ සර් රෝලන්ඩ් හිල් නැමැත්තාටය.එදා බි‍්‍රතාන්‍යයේ සිටි රෝලන්ඩ් හිල් නැමැත්තා නොසිටින්නට ලෝකයේ මුද්දර භාවිතය තවත් බොහෝ කල් පමාවන්නට තිබුණි. ඒ ඒ රටට විශේෂිත අරමුණු පෙරදැරි කරගෙන වර්තමානයේ මුද්දරවල විශේෂිත චිත‍්‍ර නිර්මාණය වේ.



    රූපාන්ති බුලත්සිංහල
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    ලෝක ළමා දිනය බිහිවූයේ මෙහෙමයි


    පුංචි ඔයාලා වෙනුවෙන් වෙන්වූ විශ්ව ළමා දිනයක් ඔක්තෝම්බර් පළමුවැනිදාට යෙදී තිබෙනවා. මෙම දිනය සැමරූ අප සැමගේ මූලික අරමුණ වූයේ කුඩා දරුවන් “ළමා මෙහෙකාර සේවයෙන්” මුදවා ගැනීමයි. ඒ දිනය පිළිබඳ පුංචි ඔබව දැනුවත් කරන්න අපි හිතුවා. ලෝක ළමා දිනය සැමරූ පළමුවෙනිදා වගේම පළමු ලෝක යුද්ධයද අපට අමතක කරන්න බැහැ. 1914 දී ඇරඹුණු ලෝක යුද්ධය 1918 දී අවසන් වුණේ ලෝකයටම මහත් විනාශයක් සිදුකරමින්ය. මෙහි ප‍්‍රතිඵලය ලෙස 1919 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවුණා. මෙම යුද්ධයෙන් බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර බොහෝ පිරිසක් අබාධිත වුණා. මෙයින් විශාලම හානිය වූයේ කුඩා දරුවන්ටයි.
    දරුවන්ට වූ හානිය සලකා 1923 දී “එග්ලන්ටයින් ජෙබි” මහත්මිය සමීක්ෂණයක් කළා. එම සමීක්ෂණයෙන් වගන්ති 5 න් යුතු ළමා අයිතිවාසිකම් ප‍්‍රකාශය බිහි වුණා. 1924 වසරේදී මෙම එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොව පුරා කි‍්‍රයාත්මක ප‍්‍රකාශයක් ආකාරයට පිළිගත්තා. මෙහි මූලිකම අරමුණ වූයේ ළමයින්ට රැකවරණය හා විශේෂ සැලකිල්ලක් ලබා දීමේ අවශ්‍යතාවයයි.නමුත් ලෝක යුද්ධය අවසාන වූයේ නැත. 1939 නැවත ලෝක යුද්ධය ආරම්භ වී එයින් දරුවන්ට විශාල හානියක් සිදු වුණා. ඉන්පසු නැවතත් 1945 වන විට නැවත එක්සත් ජාතීන්ගේ සංවිධානය අළුතින් බිහිවුණා. 1959 දී මෙම සංවිධානය විසින් වගන්ති 10 න් සෑදී තිබූ ළමා අයිතිවාසිකම් පිළිබඳ දෙවන ප‍්‍රකාශය පිළිගනු ලැබුවා. 1979 වන විට ජාත්‍යන්තර ළමා වර්ෂය හා අයිතිවාසිකම් පද්ධතිය කෙටුම්පත් කරන්න අවශ්‍ය කටයුතු යෙදුනා. එක්සත් ජාතින්ගේ මංඩලය එය පිළිගැනීමෙන් පසු ජාත්‍යන්තර නීතියක් ලෙස බලගැන්වූයේ 1990 දෙසැම්බර් 20 දාය. මේ සඳහා 1991 ජූලි 12 වනදා ලංකාවත් අත්සන් තැබුවා. ඒ තමයි ජාත්‍යන්තර ළමා දිනය බිහි වූ ආකාරය.වර්ෂයක් පාසා මෙම දිනය අපේ රටේද සැමරුවත් ළමා මෙහෙකාර සේවය අපරටේ ද දක්නට ලැබෙනවා. පුංචි ළමයින්ගේ ප‍්‍රධාන අයිතිවාසිකම් වන අධ්‍යාපනය මේ හේතුව නිසා ඔවුන්ට අහිමි වි තිබෙනවා. දියුණ‍්‍ර රටවල දරුවන්ගෙන් සියයට 98 - සියයට 99 ප‍්‍රාථමික අධ්‍යාපනය හදාරනවා.
    නමුත් අපේ රටේ මේ අයිතිවාසිකම් හිමිව ඇත්තේ සියයට 12 වැනි සංඛ්‍යාවකටයි. මෙයට හේතුව වී ඇත්තේ කුඩා දරුවන් මෙහෙකාර සේවයට යොදා ගැනීමයි. එයට හේතුව නම් දෙමව්පියන්ගේ රැකවරණය දරුවන්ට නොලැබී යාමත් පවතින ආර්ථික අපහසුතාවයත්ය. මෙම තත්ත්වය මඟහරවා ගන්න පුංචි ඔබටත් ඔවුන් වෙනුවෙන් යුතුකම් වගකීම් රැසක් ඉටු කරන්න පුළුවන්. ඔබේ නිවසේත් එවැනි දරුවන් මෙහෙකාර සේවය සඳහා යොදාගෙන ඇත්නම් ඒ බව ඔබේ දෙමාපියන්ට පහදා දෙන්න. එමෙන්ම ඔබට හැකි පමණින් දිළිඳු හිත මිතුරන් සඳහා උදව් උපකාර කරන්න. එසේ වෙනවිට ළමයින්ගේ ලෝකය සුන්දර වේවි. සෑම කෙනෙකුටම නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකිවේවි. ළමා දිනය එක් දිනයකට පමණක් සීමා නොවී හැමදාමත් සුන්දර වේවි.