උඹලටත් මෝඩ පංඩිතයො සෙට් වෙලා තියනවද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    අපි මොකක්හරි field එකක ඉදලා අවුරුදු ගානක් අත්දැකීම්, දැනුම එක්ක ඒ දේ හොදට දන්නවනෙ. අපි මෙහෙම උදාහරණයක් ගමු. Motor mechanic හරි welder කෙනෙක් ගමු. අන්න එහෙම කෙනෙක්ට උපදෙස් දෙන්න යන මෝඩ පංඩිතයො ගැන මේ කියන්නෙ. උන් හොදට දන්න field එකක් ගැන එහෙන් මෙහෙන් බලන් ඉදල ඕක ඔහොම නෙවෙයි මෙහෙමයි කියන මෝඩ පංඩිතයො උඹලට සෙට් වෙලා තියනවද? උන් නොදන්න දේකුත් නෑ හැම එකටම පංඩිතකම් කියනවා...හැබැයි ඒ වැඩේ practically කරන්න කිව්වොත් එහෙම රෙද්දෙ රෙවෙනවා
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    නාකි මෝඩ පණ්ඩිතයෙක් set වෙලා තියෙනවා කසිප්පු අසොක කියල :lol:
     
    • Haha
    Reactions: max_pain

    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    අපි මොකක්හරි field එකක ඉදලා අවුරුදු ගානක් අත්දැකීම්, දැනුම එක්ක ඒ දේ හොදට දන්නවනෙ. අපි මෙහෙම උදාහරණයක් ගමු. Motor mechanic හරි welder කෙනෙක් ගමු. අන්න එහෙම කෙනෙක්ට උපදෙස් දෙන්න යන මෝඩ පංඩිතයො ගැන මේ කියන්නෙ. උන් හොදට දන්න field එකක් ගැන එහෙන් මෙහෙන් බලන් ඉදල ඕක ඔහොම නෙවෙයි මෙහෙමයි කියන මෝඩ පංඩිතයො උඹලට සෙට් වෙලා තියනවද? උන් නොදන්න දේකුත් නෑ හැම එකටම පංඩිතකම් කියනවා...හැබැයි ඒ වැඩේ practically කරන්න කිව්වොත් එහෙම රෙද්දෙ රෙවෙනවා
    ළඟින්ම දන්නවා.හැබැයි උගේ charisma හොදයි ටිකක්, ඌ කියන ගොඩක් බයිලා පිළිගන්නවා වැඩිහිටි උන් එහෙමත්,කෙල්ලෝ සෙට් එකක්ම ඉන්නවා යාළුවෝ(උන්ටත් පොර උපදෙස් දෙනවා උබ කියලා තියෙනවා වගේ 😂).රෙද්ද ගැලවුන තැන් තියෙනවා ගොඩක් ඌට ගානක් නෑ,දන්නෙත් නැතුව ඇති

    මටත් හැම එකටම උපදෙස් දෙන්න එනවා,මම ඌ ටිකක් හරි දන්නවා කියලා හිතන subject එකක් නම් හිතලා හරි බලනවා,අනිත් උපදෙස් නම් ඇහෙන්නෙත් නෑ වගේ 😆
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,916
    1
    58,209
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අද මගේ වත්තෙ ගහක් කැපුව ඒ ෆීල්ඩ් එකේ අවුරුදු 15ක් එක්ස්පීරියන්ස් තියෙනවා කියපු එකෙක්.

    මම බලද්දී ගහේ අත්තක් අල්ලපු ගෙදර වහලෙට වැටෙන විදිහට කපනවා. අන්තිමට මම කියපු විදිහට කපන්න වුනා ඌට
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,883
    10,070
    113
    අඩෝ මමත් එහෙමද එතකොට? 🤔
    බාස් කෙනෙක් ඇවිත් කොන්ක්‍රීට් එකක් දැම්මා මමත් වැඩේට සෙට් වෙලා උදව් කරා. මේ පොර ඒක හැන්දෙන් මට්ටම් කරනවා විතරයි finishing එක එන්න.
    මම කිව්වා කොන්ක්‍රීට් එකක් දානකොට කරන්න ඕනෙ ඒකට ලීයකින් අනින එක නේද, එතකොටනෙ වායු බුබුලු අයක වෙලා ශක්තිය වැඩි වෙන්නෙ කියල. පොරට ඒකට ටිකක් අවුල් ගියා.
    නොකියත් බෑ මගෙ වැඩේනෙ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,641
    28,645
    113
    මේ වගේ උන් මේකේ සෙට් වෙලා තියනවා :lol:

    jYCs1vw.jpeg

     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මම නම අදාල field එකේ professional කෙනෙක් වැඩක් කරද්දී මගේ පාඩුවේ ඉන්නවා. මොකක් හරි තියෙනවා නම් shape එකේ අහනවා..
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,540
    113
    අවුරුදු ගානක් ඉගෙන ගත්තත්, පලපුරුද්ද ලැබුවත් ඒක අවසානය නෙමේ, බුද්ධිමත් අයෙක්ට ඊට එහා වෙනත් විශ්ලේෂණාත්මකව දෙයක් දැකිය හැකියි. ඔය දෙකම වැදගත් තීරණයක් ගැනීමට.
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    අවුරුදු ගානක් ඉගෙන ගත්තත්, පලපුරුද්ද ලැබුවත් ඒක අවසානය නෙමේ, බුද්ධිමත් අයෙක්ට ඊට එහා වෙනත් විශ්ලේෂණාත්මකව දෙයක් දැකිය හැකියි. ඔය දෙකම වැදගත් තීරණයක් ගැනීමට.
    එහෙම අය විරලයි. වැඩියෙන් ඉන්නේ තමන් එහෙමයි කියලා හිතන් ඉන්න අය.

    මම නම් දන්නවා මට එච්චර බුද්ධියක් නෑ කියලා. ඒ නිසා වැඩේ දන්නා එකා කරණකම් බලන් ඉන්නවා
     
    • Like
    Reactions: kingcapton

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    අපිට බේසික් ට්‍රෙනින් කියලා කැමිපස් ඒකේ කරන්නේ ඕක තමා බන්. වැඩක් කරන කොට කන්න වෙන කට්ට ගැන කියලා දෙනවා. එතකොට අති පණ්ඩිත ඔස්තාර් කෙනෙක් ආවත් වැඩේ වෙන විදිහ ගැන අයිඩියා එකක් තියන හින්දා නාන් නැතුව ගොඩ දාගන්න පුළුවන්. නැතුව ඉතින් ඒක දවසක් වෑල්ඩින් කරලා වෑල්ඩින් බාස්ට උගන්නන්න යන්නයෑ.

    කොහොමත් අති පණ්ඩිත ඔසිතාර් ලා සෙට් එකක් එක්ක මේ දවස්වල වැඩ කරන්න වෙලා තියෙන ඉන්නේ. ඉලෙක්ට්‍රෝන හොයාගත්තා ලෙවල් එකේ උන්. පුකෙන් හිනා යන්නේ නැති ටික විතරයි සමහර වෙලාවට. ළඟදි හෙඩ් ඔෆ් ඉංජිනියරින් පට්ටම තියන එකෙක් කියනවා em wave ( FM signal) යන්නේ නැත්තේ රික්තයක් හරහා විතරලු. වටේ ඉන්න හැත්තත් කියනවා ඔව් කියලා. තව එකෙක් ආවා RJ45 ගහන හැටි උගන්නන අපේ CCTV කරන එකෙක්ට. පස්සේ ආරංචි උනා එක පැත්තක b configurations එකෙන් යද්දි මූ කේබල් එකේ අනිත් පැත්ත a configuration එක්‍රන් ගහලා වෙන කොම්පැණි එකක. තව එකෙක් internal network IP conflict එකකට අපි ඉස්සරලාම service provider ට කතා කරලා firewall එකට ලොග් වෙලා හදලා දෙන්න කියපි. අපි පුල් හොල්මන්. මූව රස්සාවට ගත්තේ මොකාද කියලා.