දැනෙනා_දුක මේ තරම්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැනෙනා_දුක මේ තරම්

    දැනෙනා දුක මේ තරම්.. මේ තරම්... මේ තරම්...
    කියන්න වැ‍ටහෙන් නෑ...... කියන්න වැටහෙන්නෑ....
    හඩනා හිත මේ තරම්.. මේ තරම්.. මේ තරම්...
    දකින්න කිසිවෙක් නෑ..... කියන්න කිසිවෙක් නෑ.......

    තරුකැට රෑවී අහසට ඒවී පුබුදා සොදුරු හැගුම්...
    පුන්සද යාවී මට මුමුනාවී ඔබගේ සොදුරු වතින්...
    අදුර ගලාවී එළිය මැකේවී වලාකුලින් රහසින්..
    අහිමිව යාවී දුක හිමිවේවී නෑ දැනුනේ මටනම්....

    කදුලක පාවී ඈතට යාවී නෙත මා දවන තරම්...
    සුසුමක පාවී ඈතට යාවී පැතුමන් පැතූ තරම්...
    පෙම් හිත පාවී ඈතට යාවී වියෝගයේ සුලගින්....
    අදුරට යාවී මා තනි වේවී ඔබ දුර ඈත ගිහින්.....

    නෙත් හමුවේවී අත් පැටලේවී හැන්දෑවේ සතුටින්...
    හද මැවෙනා ගී සවනට යාවී ‍කොදුරයි මියුරු සරින්..
    ඔබ මගෙමයි කී මා ඔබෙමයි කී දවසේ පිපුනු මලින්..
    හෙට සමුදෙන්නම් මගෙ රත්තරනේ හිනැහෙනු මැන සතුටින්...

    562731_468604876501793_338359395_n-740129.jpg


    මිතුරෙකුගේ ඉල්ලීමක් පිට ලියන ලද්දකි.. කරුණාකර උපුටාගැනීමෙන් වලකින්න

     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හෙට සමුදෙන්නම් මගෙ රත්තරනේ හිනැහෙනු මැන සතුටින්:sorry::(:baffled:
    Lassanata liyala thiyenava Dinusha malli!