දැනෙන දහමෙන් බිදක්

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    දැනෙන දහමෙන් බිදක්

    M : බුදු හිමියනි. මට බරපතල බණ කියන්න එපා. මට සරලව කියන්න ඔබවහන්සේ දේශනා කරන්නේ කුමක්ද ?

    B : හොඳයි. මම ඔබට සරලව තේරුම් කර දෙන්නම්. ඔබට පුතෙක් ඉන්නවා නේද?

    M : ඔව්, ඉන්නවා.

    B : ඔබේ සහෝදරයාටත් පුතෙකු ඉන්නවාද ?

    M : ඔව්. ඉන්නවා.

    B : ඔබේ අසල්වැසියාටත් පුතෙකු ඉන්නවාද ?

    M : ඉන්නවනේ හිමියනි.

    B : ඔබ නොදන්නා අයටත් පුත්තු ඉන්නවා නේද ?

    M : එසේය හිමියනි.

    B : ඔබේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ ?

    M : ස්වාමීනි, මට දරා ගන්න බැරි තරම් දුකක් ඇති වෙනවා. මගේ මුළු ලෝකයම කඩන් වැටෙනවා. මට මොනවා වේවිද දන්නේ නෑ.

    B : ඔබේ සහෝදරයාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

    M : ස්වාමීනි, යම් දුකක් ඇති වෙනවා. එත් මගේ පුතා මැරුණු තරම් දුකක් ඇති වෙන්නේ නෑ.

    B : ඔබේ අසල්වැසියාගේ පුතා මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

    M : ස්වාමීනි, ඉතා සුළු දුකක් ඇති වෙනවා. එත් සහෝදරයාගේ පුතා මල තරම් දුකක් ඇති වෙන්නේ නෑ.

    B : ඔබ නොදන්නා කෙනෙකුගේ පුතෙක් මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?

    M : ස්වාමීනි, කිසිම දුකක් ඇති වෙන්නේ නෑ

    B : එහෙනම් දුක කුමකට සාපෙක්ෂයිද?

    ( මදක් කල්පනා කළ මිනිසා මෙසේ පිළිතුරු දෙයි )

    M : ස්වාමීනි, දුක මම, මගේ කියා සිතින් අල්ලාගන්නා මට්ටමට සාපේක්ෂය.

    B : බොහොම හොඳයි. ඔබ ඔය පුතා පොඩි කාලයේදී මූදු වෙරළට ගිහින් වැලි මාළිගා හදල සෙල්ලම් කළා නේද ?

    M : ඔව් ස්වාමීනි. එහෙම කළා.

    B : මූදේ රැලි ඇවිත් වැලි මාළිගා කැඩිලා යද්දී පුංචි පුතා ඇඩුවාද ?

    M : ඔවුනේ ස්වාමීනි.

    B : ඔබත් ඔහුත් එක්ක ඇඩුවාද ?

    M : නෑ ස්වාමීනි.

    B : ඇයි ඔබ ඇඩුවේ නැත්තේ ?

    M : ස්වාමීනි, දරුවා අඩන්නේ ඔහු වැලි මාලිගා නිත්‍ය යයි සිතා ඒවායේ ලස්සන දැක ඊට සිතින් දැඩිව බැඳෙන නිසාය. මම වැලි මාලිගාව හදද්දීම එය නිත්‍ය නැති බව දන්නවා. එනිසා එය වැනසී යන විට මා අඬන්නේ නෑ.

    උපුටා ගැනිමකි.මුල් හිමිකරුට පිං.ඔබත් ධර්ම දානයකට කැමතිනම් Copy N paste:love:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සරලයි... පැහැදිලියි....
    ස්තුති අපි එක්ක බෙද ගත්තට
     
    • Like
    Reactions: Darkline

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    font1 podi kranna yaluwe

    තැන්ක්ස් ....හිතට දැනුන මගෙත් ඒක...ඇත්තටම දුකින් ඉදපු හේතුවක් සරලව මගේ විස්දුනා
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    හැමදාම රෑට නින්දට යන්න කලින්...ඒ වගෙම උදේ වැඩට යන්න කලින් මේක කියවල හිතට අරන් යන්න..❤️
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    කරුනාකරලා ත්‍රිපිටකයේ මොන සූත්‍රයේද මේක තියෙන්නේ කියලත් දාන්න. සමහර අය මේ වගේ ඒවා හදලත් දානවා, බුද්ධ වචනයට එහෙම වචන අලුතින් දාන එක වැරදියි, ඔබට පින්.
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    කරුනාකරලා ත්‍රිපිටකයේ මොන සූත්‍රයේද මේක තියෙන්නේ කියලත් දාන්න. සමහර අය මේ වගේ ඒවා හදලත් දානවා, බුද්ධ වචනයට එහෙම වචන අලුතින් දාන එක වැරදියි, ඔබට පින්.




    මහත්තයො, ඔය කියල තියන දෙබස සූත්‍ර වල නැති බව අපි කවුරුත් දන්නවනෙ, ඉතින් මේ වගේ අවස්ථා වල සූත්‍ර reference ඉල්ලන එක වැරදියි කියලයි මම හිතන්නේ. මේ මහත්තය කියල තියෙන්නෙ "දැනෙන දහමෙන් බිදක්" මිසක් "බුදු දහමෙන් බිදක්" කියල නෙමෙයිනෙ. මේ ඒ originally ලියපු මහත්තයට හරි නෝනට හරි දැනුණ හැටි. වැදගත් දේ තමයි වැරදි වැරදි හරි ධර්මය අසල හැසිරීම, එතකොට හරි ධර්මය යම් දවසක ඇසෙන්න තියන ඉඩ වැඩියි.
    - my 2 cents :)
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,302
    2,156
    113
    කරුනාකරලා ත්‍රිපිටකයේ මොන සූත්‍රයේද මේක තියෙන්නේ කියලත් දාන්න. සමහර අය මේ වගේ ඒවා හදලත් දානවා, බුද්ධ වචනයට එහෙම වචන අලුතින් දාන එක වැරදියි, ඔබට පින්.

    Meka kohomatat (anthima tika) buddha wachanaya newei...Budn pancha(upa)sakandhawala (sanskara) anicca/anitya misak bawthika dewal wala athi aniyta bhawayen athiwana dukak gana newei ne kata kale..