දැන අවබෝධයෙන් යුතුව බුදුන් වඳිමු 02 (නව අරහා&#

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දැන අවබෝධයෙන් යුතුව බුදුන් වඳිමු 02 (නව අරහා&#

    බුදුපියාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ ගුන නවයකින් යුතුවූ සේක.එම ගුණ නවය අපි ගාථා කියන දිනයන්හී අනිවාර්‍යයෙන් සජ්ඣායනා කරන්නෙමු. ඉතින් අද දිනයේ වෑයම කලින් ත්‍රෙඩ් වගේම අවබොධයෙන් යුතුව බුදුන් ඇදහීමයි.එම ගුණ නමය අපිට මෙනෙහි කරනු ලබන්නේ ඉතිපිසෝ භගවා අරහං යන ගාථාවෙනි.එසේනම් අද දින එම ගාථාවේ තේරුම විමසා බලමු.

    ඉතිපි සො භගවා - අරහං - සම්මා සම්බුද්ධෝ
    ව්ජ්ජාචරන සම්‍පන්නො - සුගතෝ - ලෝකවිදූ
    අනුත්තරෝ - පුරිස ධම්ම සාරථී
    සත්තා දෙව මනුස්සානං බුද්ධෝ භගවාති.


    නව අරහාදී බුදු ගුණ

    1.අරහං - නිකෙලෙස් බුදුරජාණන් වහන්සේ රාග ද්වේෂ මෝහ යන අකුසල් මුල් සිඳ දැමූ හෙයින් ද රහසින්වත් පව් නොකරන හෙයින් ද දෙවි මිනිසුන් සියල්ලන්ගෙ පූජාවට සුදුසුවන හෙයින්ද අරහං නම් වන සේක.

    2.සම්මා සම්බුද්ධෝ - කිසිවකුගේ උපදේශයකින් තොරවම පරම සත්‍යය අවබෝධකොට ගත් හෙයින් ද ඒ අවබෝධකරගත් ධර්මය මනාකොට දේශනා කරන ලද හෙයින් ද සම්මා සම්බුද්ධ වන සේක.

    3.විජ්ජා චරන සම්පන්න - පුබ්බේ නිවාසානුස්සති
    චුතූපපාත
    ආසවක්ෂය
    පරචිත්ත විජානන
    දිබ්බ චක්කු
    දිබ්බ සොත
    ඉනද්‍රිය පරෝපරියත්ත
    ඉද්ධිවිද
    යන මෙ අෂ්ඨ විද්ධ්‍යා ‍වන්ගෙන් සමන්විත හෙයින් ද චරන හෙවත් ශිලයෙහි පිහිටා සිටි බැවින්ද විජ්ජා වරන සම්පන්න ව‍න සේක.

    4.සුගත -ආර්ය අෂ්ඨාංගික මාර්ග දහම අවබෝධ කොටගත් හෙයින් සුගත නම් වන සේක.

    5.ලෝකවිදූ - බඹ දෙව් මනිස් ප්‍රේත අපා ආදී කොට ඇති සියලු ලෝකයන් මැනවින් දත් හෙයින් ද ඒ සියලු ලෝකයන්ගෙන් ම්දුන හෙයින් ද ලෝකවිදූ නම් වන සේක.

    6.අනුත්තර පුරිසධම්ම සාරථි - අනුශාසනා ආදේශනා සහ ඉර්ධිප්‍රාතිහාර්ය යන ත්‍රිවිධ ආකාරයෙන් සියලු ආකාරයේ පුද්ගලයින් දමනය කිරීමට සමත්වන හෙයින් පුරිසධම්ම සාරථී නම් වනසේක.

    7.සත්තා දේව මනුස්සානං - දෙව් මිනිස්සුන්ටත් ගුරුවරයා වූ නිසා සත්තා දේව මනුස්සානං වන සේක.

    8.බුද්ධෝ - චතුරාර්්‍ය සත්‍ය ධර්මය අවබෝධකොට දේශනා කරන ලද හෙයින් බුද්ධෝ වන සේක.

    9.භගවා - සියලු ගුණ දරාසිටින බැවින් භගවා නමි වන සේක.

    ඒ තිලොවග බුදු පියාණන් වහන්සේ නිවනින් සැනසෙන තුරා මම සරණ කොට ගනිමි.යන අධිෂඨානය පෙරදැරි කොටගෙන අපි පහත ගාථා කොටසත් සජ්ඣායනය කරනු ලැබුවත් බහුතරයක් මෙය මෙන්හි කරන්නේ නැත.

    බුද්ධං ජීවිත යාව නිබ්බානං සරණං ගච්ඡාමි.
    යෙච බුද්ධා අතීතාච - යෙච බුද්ධා අනාගතා
    පච්චුප්පංනාචයේ බුද්ධා - අහං වංදාමි සබ්බදා
    නත්තිමෙ සරණං අංඤං - බුද්ධෝමෙ සරණං වරං
    එතෙන සච්ඡවජ්ජේන - හොතුමෙ ජය මංගලං
    උත්තමං ගෙන වංදෙහං - පාදපං සුවරුත්තමං
    බුද්දොයො කලිතො දොසො - බුද්ධො කමතුතං මමං.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙ දර්ම දානය මතු මගේ නිවන් දක්මට හේතු වෙව.... මෙයට සෝම හිමියන්ගේ පොත පත ඇසුරු කරෙමි. එනිසා උන් වහන්සේට නිවන් සුව ලැබේවා.....

    මම මෙ බුඩු ගුන වර්නනාව දාන්න ගත්තෙ අපේ හාමුදුරු නමක් කියපු නිසා. මගේ අපල දුරු වෙලා ශාන්තියක් ලැබෙන්න. පුදුමයි ඒ දේ දැන් ටික ටික වෙමින් යනව....

    බුදු ගුන අනන්තයි..... අශ්චර්යයි......


    මෙ බුඩු ගුන ටිකම තමා උඩින් අපේ සහොදරයත් දල තියෙන්නෙ. මෙ පින්තුර වශයෙන් තියන නිසා ප්‍රින්ට් එකක් උනත් දාල වයසක අයට දෙන්න පුලුවන්නේ. එකයි මෙහෙම දම්මේ. මෙ ත්‍රේඩ් එක අයිති සහොදරයාට මෙ ධර්ම දාන පින අයිති වේවා

    1474518_742942099053322_948592644_n.png


    993733_742942019053330_686858993_n.jpg


    1455000_742942055719993_996263742_n.jpg


    1424370_742942252386640_290550881_n.png


    579321_743269075687291_1470933388_n.png


    1394428_744688065545392_140618481_n.png


    1425795_746730522007813_884299218_n.png


    1422571_747567111924154_1092789464_n.png


    1474518_742942099053322_948592644_n.png