දැම්මටත් වඩා ජන්ද, ගණිනකොට ආවේ කොහෙන්ද?
ඡන්දය අවසන් වීමට පැයකට පෙර ඡන්දය භාවිතා වී තිබූ ආකාරය ගැන පැෆ්රල් සංවිධානය මෙසේ කීය. මෙය ලංකාදීප ඇතුළු ජනමාධ්‍ය විසින් වාර්තා කර තිබිණ...
කොළඹ 44%
ගම්පහ 48%,
ගාල්ල 40%,
මාතර 40%,
හම්බන්තොට 42%-45%,
සවස 2.30 වන විට කළුතර දිස්ත්‍රික්කයේ සියයට 45 ඡන්දය ප්‍රකාශ කර ඇතැයි දිස්ත්‍රික් ලේකම් යු.ඩී.සී. ජයලාල් මහතා මාධ්‍යයට පවසා තිබිණ.
ඡන්දය අවසන් වීමෙන් පසු පැෆ්රල් සංවිධානය මාධ්‍යයට කී ආකාරයට ඡන්ද භාවිතා වී තිබූ ප්‍රතිශතය මෙසේය. මෙයද හිරු මාධ්‍ය ජාලය ඇතුළු තවත් මාධ්‍ය වාර්තා කර තිබිණ
කොළඹ දිස්ත්‍රික්කයේ 49% යි ,
කළුතර දිස්ත්‍රික්කයේ 60% යි.
ගම්පහ දිස්ත්‍රික්කයේ 50% යි,
ගාල්ල දිස්ත්‍රික්කයේ 55% යි,
මාතර දිස්ත්‍රික්කයේ 55% යි (මෙය දිසා ලේකම් තහවුරු කළා)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ 60% ත් 64% ත් අතර වේ
ඡන්දය ගැනීමෙන් පසු ඡන්දය භාවිතා කර තිබූ ප්‍රතිශතයන් සහ ඉහත කී ප්‍රතිශතයන් අතර ඇත්තේ අහසට පොළොව තරමේ වෙනසකි. ඡන්දය ගැනීමෙන් පසු මැතිවරණ දෙපාර්තමේන්තුව පවසන ආකාරයට ඡන්දය භාවිතා කර ඇත්තේ මෙසේය.
කොළඹ දිස්ත්‍රික්කයේ 65.77% යි ,
කළුතර දිස්ත්‍රික්කයේ 68.32% යි.
ගම්පහ දිස්ත්‍රික්කයේ 65.76% යි,
ගාල්ල දිස්ත්‍රික්කයේ 65.57% යි,
මාතර දිස්ත්‍රික්කයේ 66.74% යි ( දිසා ලේකම් තහවුරු කළ සංඛ්‍යාවට වඩා 11% කටත් වඩා වැඩිය)
හම්බන්තොට දිස්ත්‍රික්කයේ 67.36% යි
අනෙක් සියල්ලම පසෙක තැබුවද මාතර දිසා ලේකම් තහවුරු කළ ගණන් හිලව් වල සියයට 11 ක වෙනසක් ඇති වුයේ කෙසේද? සවස 4 වන විට භාවිත ඡන්ද සංඛ්‍යාව සියයට සියයක්ම නිවැරදිව කිව හැකිය. ඊට ඡන්දය ගණින තුරු සිටිය යුතු නැත. ඒ අනුව මාතර දිසා ලේකම් වරයා කී ගණනේ වෙනස නොතකා සිටිය නොහැක. මාතර ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව වූ 6,08,524 න් සියයට 11 ක් යනු ඡන්ද 66,937 කි. මාතර වෙරළ පාරේ රාසපුත්‍රගේ කාර්යාලයේ තිබූ අල්ලා ගත් හොර ඡන්ද පත්‍රිකා ප්‍රමාණය 40,000 ක් පමණ වේ.
කළුතර දිසා ලේකම් යූ.ඩී.සී.ජයලාල්ගේ ප්‍රකාශය ගනිමු. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ සවස 2.30 වන විට ඡන්ද දමා තිබුනේ 45%කි. කළුතර මුළු ලියාපදිංචි ඡන්ද ගණන 8,81,814කි. එනම් ඡන්ද දමා තිබුනේ ඉන් 45% ක් වන 3,96,816 කි. ඡන්ද ගණන් ගනිද්දී සවස 4 වන විට එය සියයට 68.32% එනම් ඡන්ද 6,02,463 ක් ඡන්දය දමා තිබේ. වෙනස ඡන්ද 2,05,647 කි. මෙකී 2,05,647 දෙනා පැය එක හමාරක් කාලය තුල ඡන්ද දමා ඇත. දිස්ත්‍රික්ක 6 ක ඡන්ද මධ්‍යස්ථාන 4253 ක් තිබිණ. කළුතර අවම වශයෙන් ඡන්ද මධ්‍යස්ථාන 700 ක් තිබිය යුතුය. 2,05,647 දෙනා මධ්‍යස්ථාන 700 කදී පැය එක හමාරක් තුල ඡන්ද දැම්මේ නම් විනාඩියකට 3 දෙනෙක් ඡන්ද දැමිය යුතුය. එක් අයෙක් තත්ත්පර 20 ක් තුල තම ඡන්දය දැමිය යුතුය. එසේනම් අවසාන පැය එකහමාරේ කලූතර ඡන්දය දා ඇති සියලූ දෙනා උසේන් බෝල්ට් වැනි ධාවන ශූර පොරවල්ය.
ඡන්දය ගැන කෙස් පැලෙන ගණන් හිලව් හදමින් තර්ක කරමින් ව්‍යච්ඡේදනය කිරීමට පෙර කවුරුන් හෝ බලධාරියෙක්, දේශපාලන පක්ෂයක්, නිරීක්ෂණ සංවිධානයක් මේ පැනයට උත්තර දිය යුතුය. ඡන්දය අවසන් වීමෙන් පසු මාතර දිසා ලේකම් වරයා කී භාවිත ඡන්ද සංඛ්‍යාවට වඩා ඡන්දය ගනිද්දී සියයට 11 ක් වැඩි වූයේ කුමන ප්‍රාතිහාර්යකින්ද? මාතර පමණක් නොව සෑම දිස්ත්‍රික්කයකම මෙකී ප්‍රාතිහාර්ය සිදුව තිබේ. මෙය පසුගිය මැතිවරණ වලදී ද සිදුවිය. පිළිතුරු ලැබී නැත. පිලිතුරු සොයන්නෙක් ද නැත.