දැවන්ත ග්‍රහකයක් පෘතුවිය අසල

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
දැවන්ත ග්‍රහකයක් පෘතුවිය අසල

නාසා ආයතනයට අනුව දැවන්ත විනාශකාරි ග්‍රහකයක් පෘතුවිය අසල පවතින අතර
එය 911 of the 981 ලෙස දක්වා තිබෙනවා. මෙය අඩි 3,300 හෙවත් කිලෝමීටරයට වඩා විශාල වනතර මෙය පෘතුවිය අසල පතිත වීමෙන් 100,000 - 1,000,000 මෙගා ටොන් ශක්තියක් ජනනය විය හැකි බවත් එය ආසන්න වශයෙන් ප්‍රංශය හෝ කැලිෆෝනියා ජනපදය තරම් ප්‍රදේශයක් විනාශ කර හැකිබවත් පැවසෙනවා. කෙසේ නමුත් ඉදිරි ශතක කිහිපය ඇතුලතදි එමගින් තර්ජනයක් පෘතුවියට නොමැති බව ඔවුන් විසින් සදහන් කරනවා. ඔවුනට අනුව පෘතුවියට තර්ජනයක් කළහැකි ග්‍රාහක 19,500 පවතිනතර ඒවා ආසන්න වශයෙන් මීටර් 100 සිට කිලෝමීටර් 1 දක්වා පරාසයකට විහිදෙන අතර ඒවායෙන් දැනට සොයාගෙන තිබෙන්නේ 52,00 කට ආසන්න සංඛ්‍යාවක් බවත් වැඩිදුර ලෙස සදහන්. කෙසේ නමුත් ඉතිහාසය දෙස බැලිමේදි දැනට පෘතුවියේ ජිවින් ප්‍රධාන වශයෙන් නෂ්ඨ වීම 5කට මුහුණ පා ඇතතර එය ග්‍රාහය ගැටුම්, පරිසරයේ සිදුවන අසංතුලිත බාවය, යන්න හේතු ලෙස සදහන් කර හැක මේවා මිලයන 450කට පෙර ඇතිවු ඔඩේවිසියන්-සිලෝරියන් විනාශය, පසු ඩිවෝනියන් විනාශය ,පර්මියන් ට්‍රියාසික් විනාශය, ට්‍රියාසික් ජුරාසික් විනාශය, ක්‍රිටේසියස් ට්‍රචරි විනාශය ලෙස දක්වන්න පුලුවන්. වර්තමානයේ අප පසුකරන්නේ මීට වසර මිලියන 65කට පෙර ආරම්භවු සෙන්සොයික් යුගයේ වනතර මේ දක්වා කිසිදු ප්‍රධාන විනාශයක් සිදුවි නොමැතිබව සදහන් කළ හැක. දැනට වසන සියලුම සත්වයන් පර්මියන් විනාශයෙන් ගැලවුනු 4% පමණ ජිවීන් ගෙන් පැවතෙන අතර 96% දෙනෙක් එම විනාශයෙන් මිය යන ලදි.



cretaceous-tertiary_extinction_event_1.jpg


මිලියන 65කට ඉහත ඇතිවු ක්‍රිටේසියස් ට්‍රචරි විනාශය
මෙමගින් මිහිමත දැවන්තයන් වූ ඩයිනෝසෝරයන් විනාශ වී
ක්ෂිරපායින්ගේ යුගය ආරම්භවෙන ලදි.



- Snowl -
 
  • Like
Reactions: maduranga_it

~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
කෙසේ නමුත් ඉදිරි ශතක කිහිපය ඇතුලතදි එමගින් තර්ජනයක් පෘතුවියට නොමැති බව ඔවුන් විසින් සදහන් කරනවා.

අපිනන් ඒ වෙද්දි නෑ.ඒත් ඉතින් මොකෙක් හරි වෙලා ඉඳියි.කොහාටද දන්නෙ නෑ වැටෙන්නෙ
 

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
අපිනන් ඒ වෙද්දි නෑ.ඒත් ඉතින් මොකෙක් හරි වෙලා ඉඳියි.කොහාටද දන්නෙ නෑ වැටෙන්නෙ

ඒකනම් දාලා තිබ්බේ නෑ. වැටෙන පැත්ත හරියටම කියන්න
බරි මගදි එනකොට අනෙක් ග්‍රහයන්ගේ ගුරුත්වයට අහුවෙන්න පුලුවන්, පෘතුවියට
වැටෙන කොට එන වායුගෝලයේ තෙරපුම නිසා එන පැත්ත නෙවෙයි ආනත වෙලා
වැටෙන්න පුලුවන්, චන්ද්‍රයාගේ ගුරුත්වයට අහුවෙලා වෙන පැත්තකට යන්නත් පුලුව්න,
නැත්නම් හදටම වැටෙන්නත් බැරිනෑ. එහෙම වුනොත් සමහර ව්ට හද විනාශවෙලා
එකේ කොටස් මෙහෙට වැටෙන්න පුලුවන්.
 

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
සුන්දරවු ස්භාවධර්මය විටක දි අසුන්දර වෙලා ජීවින් නැති වෙලා යන්නේ විශ්වයේ පැවැත්මට වෙන්න ඇති.කොචිචර පොර ටොක් දුන්නත් මෙ විශ්වයේ පැවැත්මට එරෙහිව කාටවත් මොනවත් කරන්න බැ.ඒ අතින් බලනකොට විශ්වය කොචිචර බලවත් ද.......
 

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
planetx.jpg


Planet X Nibiru Explains in 2012 Dooms day theories.NASA tiring to hide these stories from world.mostly NASA have missed calculation about thses Asteroids .
Currently no threat to Earth ,if the calculations are Correct.
 
Last edited:

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය වගේ එකක් ලංකාව පැත්තට ආවොත් නම් බය වෙන්න දෙයක් නෑ.අපේ දේශපාලන මහත්තයෙක් දම්මල කතාවක් පැවත්වුවනම් ගල්පැලෙන කෙබර වලට ඕක කුඩු සංසාර වෙලා යයි :lol: