දැවැන්ත කඩා වැටීමක අසුබ පල
ජනපති මෛත්‍රීපාල විසින් පසුගිය දා ලංකාවට පැමිණි ඇමරිකානු නාවුක හමුදාවට අයත් බ්ලූ රිජ් නම් යුධ නෞකාවට ගොඩ වීම ලංකා විදේශ ප්‍රතිපත්ති අංශයේ දැවැන්ත කඩා වැටීමක අසුබ පල පෙන්වන්නකි. මෙය දැනට විදේශ අමාත්‍යාංශයේ මතු වී ඇති රනිල්-මංගල-මෛත්‍රී පිල්වල එකිනෙකාට එරෙහි කඹ ඇදීම ඇමරිකාව විසින් ප්‍රයෝජනයට ගත් අවස්ථාවක් ලෙස ද දැකිය හැකි ය. එවන් අරාජික පසුබිමක ඇත්ත වශයෙන් ම නැව ලංකාවට පැමිණීම හා ජනපතිවරයා ඊට ගොඩකිරීම සැලසුම් සහගත ව කළ ඇමරිකානු මෙහෙයුමකි. ඇමරිකාවට ඉන් අවශ්‍ය වූයේ චීනයට පණිවුඩයක් යැවීම ය. දැන් ලංකාව අප දිනාගෙන ඇති බව චීනයට කීම ය.
මෛත්‍රීපාල ඊට හසුවිය. ඔහු සතුව නීරෝගී උපදේශකයින් සිටියා නම් කලාපයේ මෙන් ම අද ලෝකයේ ම ආර්ථික ජනන යන්ත්‍රය මතු නොව අපගේ දුක සැප දෙකේ දීම වෙනස් නොවූ මිතුරු චීනය උරණ කර ගනිමින් මෙවන් පුස් වෙඩිවල උණ්ඩයක් වීමට ශ්‍රි ලංකා ජනපතිවරාට ඉඩ දෙන්නේ නැත. ඇමරිකානු තානාපති අතුල් කෙචප් ඉතා සූක්ෂම ලෙස ක්‍රියා කරමින් ලංකාවේ නොබැඳී විදේශ ප්‍රතිපත්තිය ජනපතිවරයා ලවා ම කෙළසීමට ඉඩ දීම අපි හෙළා දකිමු.
by Mahinda Pathirana