දික්කසාද උන නළු නිළියෝ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,553
    72,753
    113
    මාලඹේ
    දික්කසාද උන නළු නිළියෝ

    අපේ කලා ලෝකයේ දික්කසාද වුණු තරු

    divorced-sri-lankan-celebrities-Thumb.jpg

    කලා ලෝකේ ලංකාව පිටරට කියලා වෙනසක් නෑ, මඟුල් සක්වලක් කියන මතයට හැමෝම වගේ එකඟ වේවි. අපිට වැඩිපුරම අහන්න දකින්න ලැබෙන්නේ නළු නිළි යුවළක් අද කසාද බැන්දා ,හෙට දික්කසාද වුණා කියලා. එහෙමත් නැත්නම් නළු නිළි යුවළකගේ අනියම් සම්බන්ධකමක් පිළිබඳව. ක්ෂේත්‍රය ඇතුළේ මේ වගේ දේවල් සාමාන්‍යකරණයට ලක් වෙලා තියෙනවා. මේව දිහා සාමාන්‍ය සමාජය වපරැහින් බැලුවට සමහරක් වෙලාවට මෙහෙම වෙන්න සාධාරණ හේතු පවතින්න පුළුවන් කියන එක අපි අමතක කරන්න හොඳ නෑ. ඒ වගේ ම සමහර අවස්ථාවල මේ වගේ සිදුවීම් නිසා තමන්ගේ කලා ජීවිතය වගේම සම්පූර්ණ ජීවිතයම අවුල් කරගත්ත නළුවන් සහ නිළියන් ගැනත් අපිට අහන්න ලැබුණා. නැගී එන ජනප්‍රිය නළුවෙකු වුණු දසුන් නිශාන්ගේ සියදිවි හානි කර ගැනීමට බලපෑවේ තමන්ගේ විවාහ ජීවිතය සහ තමන් ප්‍රිය කර​න නිළිය යන දෙදෙනාගෙන් කුමක් තෝරාගත යුත්තේ​ද යන්න පිළිබඳව ඇතිවුණු දෙගිඩියාවක් මත. ඒ වගේ කණගාටුදායක සිදුවීම්වලින් කෙළවර වෙනවට වඩා තමන් ප්‍රිය කරන දේ වෙනුවෙන් විවාහ ජීවිතය කැපකිරීම හොඳයි කියලා ප්‍රායෝගිකව හිතන්න පුළුවන්. ඒ නිසා අපි අද කතා කතා කරන්න යන්නේ තමන්ගේ පළමු විවාහයට සමු දීලා තමන්ගේ කටයුතු සිද්ධ කරන නළු නිළියන් කිහිපදෙනෙක් පිළිබඳව.



    1. ගීතා කුමාරසිංහ
    divorced-sri-lankan-celebrities-1.jpg

    ගීතා කුමාරසිංහ කියන්නේ අපේ රටේ ජනප්‍රිය වගේම ප්‍රවීණ නිළියක්. ඇය බෙන්තර ඇල්පිටිය ආසනයේ සංවිධායක​වරිය විදිහට දියවන්නාව තරණය කළා. නමුත් ද්විත්ව පුරවැසි භාවය ලද කාන්තාවක් වීම නිසා ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි වුණා. ඇයට ද්විත්ව පුරවැසිභාවය ලබා ගන්න සිදුවුණේ ඇය විවාහ වුනු ක්‍රිස් නැමති ස්විස්ටර්ලන්ත ජාතික සැමියා නිසා. කාලෙකට කලින් ඇය පුවත්පත්වලට ප්‍රකාශ කරලා තිබ්බේ තමන් සිය සැමියාගෙන් වෙන්ව ජීවත්වන බවක්. නමුත් පසුගිය වර්ෂයේ අග භාගයේ දී ඇය අපූරු කතාවක් මාධ්‍යයට කිව්වා. ඒ තමයි රට වෙනුවෙන් තමන් සැමියා දික්කසාද කළ බව. සමහරු ඒ ගැන හාස්‍යයෙන් කතා ක​ළත් ඇය දික්කසාදය ලබා ගෙන සම්පූර්ණ කාලයම දේශපාලනයට යොදවන්න බලාපොරොත්තු වෙනවා.



    2. උපේක්ෂා ස්වර්ණමාලි
    divorced-sri-lankan-celebrities-2.jpg

    උපේක්ෂා ස්වර්ණමාලි කියන්නෙත් කෙටි කාලයක් තුළ නිළියක් විදිහට ජනප්‍රියත්වය ලබා ගෙන, ඒ තුළින් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කිරීමට පාර්ලිමේන්තුවට ගිය කෙනෙක්. පාර්ලිමේන්තුව​ට යෑමත් සමඟ ඇගේ විවාහ ජීවිතය යම් දෙදරීම​කට ලක් වුණා. ඇයගේ සැමියා වූ මහේෂ් චමින්ද ඇයට පහර දෙන බවට ඇය පොලිසීයේ පැමිණිල්ලක් කළා. ඇතැම් අය කියපු විදිහට ඇගේ දේශපාලන වෙනස්කම් වලටත් මහේෂ් චාමින්දගේ බලපෑම සිද්ධ වුණාලු. අවසානයේ දී ඔහුගෙන් දික්කසාදය ලබා ගත් උපේක්ෂා අද වන විට සිය දෙවැනි විවාහයෙන් දරු සුරතල් විඳිමින් සිටිනවා.



    3. සාරංග දිසාසේකර සහ උමාලි තිලකරත්න
    divorced-sri-lankan-celebrities-3.jpg

    සාරංග සහ උමාලි ක්ෂේත්‍රය තුළ වඩාත්ම කතා බහට ලක් වුනු නළු නිළි යුවළක් බවට පත්වුණා. ​ඒ ඔවුන් දෙදෙනා රංගනයට පමණක් නොව ගායනය නර්තනය වැනි විවිධ ක්ෂේත්‍රවලත් දස්කම් දක්වපු නිසා. නමුත් සාරංග කියන විදිහට තුන්වැන්නෙක් ඔවුන්ගේ විවාහයට පැමිණීම නිසා ඔවුන් දික්කසාද වෙන්න තීරණය කළාලු. එක්තරා සම්මාන උළෙලක දී උමාලි සම්මානයක් ලබන විට නිවේදන කටයුතු සිද්ධ කළේ සාරංග විසින්. ඒ අවස්ථාවේදී ඔවුන් දෙදෙනාගේ ප්‍රතිචාර පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විශාල කතා බහක් ඇති වුණා.



    4. මේනකා පීරිස්
    divorced-sri-lankan-celebrities-4.jpg

    මේනකා පීරිස් නව පරපුරේ දක්ෂ නිළියක්. ඇය මීට වසර ගණනාවකට පෙර නෝර්වේ රාජ්‍යයේ ජීවත් වුණු ශ්‍රී ලාංකිකයෙකු වුණු අමර් නැමැත්තෙක් සමග විවාහ වුණා. ඇය කිව්වේ තමන් කලා ජීවිතයට සමු දීලා ඔහු සමඟ ජීවත් වෙන්න යන බවක්. නමුත් ඉන් ටික කලකට පසුව නැවතත් ඇය තනිවම ලංකාවට පැමිණියා. මේ වන විට ඒ විවාහ ජීවිතයට සමුදීලා ඇය රනිල් කුලසිංහ නම් තවත් දක්ෂ නළුවෙක් සමග සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා.



    5. සංගීත් සතරසිංහ සහ උදාරි කෞෂල්‍යා
    divorced-sri-lankan-celebrities-5.jpg

    සිදූ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් රඟපාමින් සිටි උදාරිගේ පෙම්වතාගේ චරිතය රඟපෑවේ සංගීත් සතරසිංහ. ඒ රඟපෑම ඔවුන් දෙදෙනාට කොතරම් සමීප වුණාද කියනවා නම් ඔවුන් සැබෑ ජීවිතයේ පෙම්වතුන් වෙලා විවාහ ජීවිතයට එළඹුණා. නමුත් මේ විවාහයටත් කණ කොකා හැඬුවා. සංගීත් සතරසිංහ ගේ පියා වූ ප්‍රවීණ හාස්‍ය නළු සුරංග සතරසිංහ පවා තමන්ගේ හිටපු ලේලියව විවේචනය කරලා තිබ්බා. ඉන්පසුව උදාරිත් සංගීතුත් එකිනෙකාට සමාජ මාධ්‍ය හරහා චෝදනා එල්ල කරන්න ගත්තා. ගොසිප් අඩවිවලට නම් මේ සියලු සිදුවීම් රසබර පුවත් බවට පත් වුණා.



    6. නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ
    divorced-sri-lankan-celebrities-6.jpg

    නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ නැවතත් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට පිවිසිලා ඉන්නවා. ඒ දිගු කාලයක නිහැඬියාවකට පස්සේ. ඒ ඔවුන් දීර්ඝ කාලයක් ඇමරිකා එක්සත් ජනපදයේ ගත ක​ළ නිසා. ඔවුන් දෙදෙනා එකතු වෙන්නෙත් දෙදෙනාගේම ප​ළමු විවාහවලට සමුදීලා. නෙහරාගේ පළමු සැමියා මේනකගේ හොඳම යාළුවා වුණ බවකුත් කියවෙනවා. ඒ වගේම මේනකට ඒ වන විට පළමු විවාහයෙන් දරුවෙකුත් සිටියා. නෙහාරා දික්කසාද වීමෙන් පසු මේනකත් තමන්ගේ පළමු විවාහයට සමුදීලා නෙහාරා සමඟ එකතු වුණා.



    7. ශේෂාද්‍රි ප්‍රියසාද්
    divorced-sri-lankan-celebrities-7.jpg

    අද සිංහල සිනමාවට සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට නැතිවම බැරි ප්‍රියසාද් සොහොයුරියන්ගේ දෙවැනි සොහොයුරිය වන්නේ ශේෂාද්‍රි. ඇය විවාහ වුණේ තවත් කලා ලෝකයේ පවුලකින්. ඒ ප්‍රකට අධ්‍යක්ෂකවරයෙකු වුණු රංජන් ද සිල්වා මහතාගේ පුත්‍රයා වුණු සම්පත් ද සිල්වා සමගින්. ඉතා උත්කර්ෂවත් විවාහ මංගල්‍යයකින් ඇරඹුණු මෙම විවාහයත් වැඩි කල් පැවතියේ නෑ. ශේෂාද්‍රි සහ සම්පත් නීත්‍යානුකූලව වෙන් වෙලා සිටිනවා.

    ඉස්සුවෙ ලයිෆ්.lk එකෙන්

    දික්කසාද උන එක හොදනම් අමතක නොකර REP+ එකක් එහෙම දාගෙන යන්න ඔන්න:P:P
     
    • Like
    Reactions: Hermes and tha123

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,753
    113
    මාලඹේ
    දික්කසාද උන නළු නිළියෝ 04-29-2020 10:03 PM Wena wedak nedda ponnoyo eka ekage magul gena hoyanne
    පිස්සෙක් සෙට් වෙලා මුලින්ම
    මෙය නම් කවුද කියලා පොඩ්ඩක් හොයන්න වෙනවා
    :lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    Fakeman

    Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    පොන්නයෝ මොකෝ රේප් කපනවා වැඩියිද ඇයි? අමමා අප්පා විකුනලා සල්ලි හොයද්දි ඔහොම තමා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,753
    113
    මාලඹේ
    පොන්නයෝ මොකෝ රේප් කපනවා වැඩියිද ඇයි? අමමා අප්පා විකුනලා සල්ලි හොයද්දි ඔහොම තමා

    කවුද ඇරියේ මොකෝ තිගර් වෙලා :lol::lol::lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    පොන්නයෝ මොකෝ රේප් කපනවා වැඩියිද ඇයි? අමමා අප්පා විකුනලා සල්ලි හොයද්දි ඔහොම තමා
    chitta ganu wage anuge opa dupa dala rep higa kanawa.. :lol: lat walak nadda danne na :rofl: