දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම_01
“මේ තරම් දුෂ්ට දෙයක් කර දෙවිට විරුද්ධව මම පව් කරන්නේ කොහොමද?”—උත්. 39:9.
පොතිෆර්ගේ බිරිඳ කීප සැරයක්ම යෝසෙප්ව දුරාචාරයේ යෙදෙන්න පොලඹවාගන්න හැදුවා. දවසක් පොතිෆර්ගේ බිරිඳ යෝසෙප්ගේ ඇඳුමෙන් අල්ලලා එයාව තමන් ළඟට ගන්න හදද්දී යෝසෙප් එතනින් දිව්වා. වරදක් කරන්න පෙලඹීමක් එද්දී ඒකට විරුද්ධව සටන් කරන්න ඕනෙ කියන පාඩම යෝසෙප්ගෙන් අපි ඉගෙනගන්නවා. (හිතෝ. 1:10 - "මාගේ පුත්‍රය, පව්කාරයන් ඔබව නොමඟ යවන්න උත්සාහ කළහොත් ඔවුන්ට හසු නොවන්න.") සාක්ෂිකරුවෙක් වෙන්න කලින් සමහරු අධික කෑමට, බීමට ලොල් වෙලා හිටියා. දුම්පානය, මත්ද්‍රව්‍ය, දුරාචාරය වගේ නරක දේවලට ඇබ්බැහි වෙලා හිටියා. එහෙම කෙනෙක්ට බව්තීස්ම වුණාට පස්සෙත් කලින් කරපු නරක දේවල්ම කරන්න පෙලඹීමක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ පෙලඹීමකට අහු නොවී ඉන්න නම් යෙහෝවා දෙවි එක්ක ඔයාට තියෙන බැඳීමට වෙන්න පුළුවන් හානිය ගැන කලින්ම හිතන එක උදව් වෙයි. වරදක් කරන්න ඔයා පෙලඹෙන්න පුළුවන් අවස්ථා හඳුනගන්න. ඒවා මඟහරින්න ඔයාට පුළුවන් කොහොමද කියලා හිතන්න. (ගීතා. 26:4, 5 - "වංක මිනිස්සුන් සමඟ හිඳ නොගත්තෙමි. තමන් කවුදැයි සඟවන අය සමඟ ඇසුරු නොකළෙමි. නපුරු මනුෂ්‍යයන්ගේ ආශ්‍රයට මම ද්වේෂ කළෙමි. දුෂ්ටයන් සමඟ හිඳ නොගන්නෙමි"; හිතෝ. 22:3 - "බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති. නමුත් අද්දැකීම් අඩු අය ඒ දෙසටම ගමන් කර ප්‍රතිඵල විඳිති.") වරදකට වැටෙන්න ඉඩ තියෙන අවස්ථාවකට ඔයා මුහුණ දුන්නා කියලා හිතන්න. ප්‍රඥාව සහ ඔයාව පාලනය කරගන්න අවශ්‍ය ශක්තිය ඉල්ලලා දෙවිට යාච්ඤා කරන්න.
www.jw.org/si