දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම_07
‘ඔහු ඔබේ දොරටුවල අගුල් ශක්තිමත් කළේය. ඔබේ පුත්‍රයන්ට ඔහු ආශීර්වාද කළේය. ඔබේ දේශ සීමාව තුළ ඔහු සමාදානය ඇති කළේය.’—ගීතා. 147:13, 14.
දෙවි නුවරේ දොරටු ශක්තිමත් කරපු නිසා ඔහු තමන්ගේ සෙනඟව ආරක්ෂා කරනවා කියලා ගීතිකාකරුට ස්ථිර වුණා. ඒකෙන් එයාට ලොකු සුරක්ෂිතබවක් දැනුණා. ඔයා අද්දකින දුෂ්කර දේවල් නිසා සමහරවිට ඔයාට කනස්සල්ලක් දැනෙයි. ඒත් ඒවාට සාර්ථකව මුහුණ දෙන්න ඔයාට අවශ්‍ය ප්‍රඥාව දෙන්න යෙහෝවා දෙවිට පුළුවන්. ගීතිකාකරු මෙහෙම කිව්වා. දෙවි “පොළොවට ආඥාවක් නිකුත් කරන්නේය. ඔහුගේ වදන් පොළොව පුරාම වේගයෙන් ඉටු වන්නේය.” ඊළඟට හිම, පිනි කැට සහ හිම කැට ගැන කතා කරන ගීතිකාකරු ‘දෙවි ගෙනෙන සීතල දරාගත හැක්කේ කාටද’ කියලා අහනවා. දෙවි “අණ දෙන විට ඒවා දිය වී යන්නේය” කියලා එයාම උත්තර දෙනවා. (ගීතා. 147:15-18) හිම කැට වගේ දේවල් වුණත් පාලනය කරන්න පුළුවන්, හැම දේම දන්න, ඕනෑම දෙයක් කරන්න හැකියාව තියෙන දෙවිට බැරිද ඔයාගේ අභියෝගය ජය ගන්න ඔයාට උදව් කරන්න?
www.jw.org/si