දිනපොත

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    ඇයගේ දිනපොත...


    මම හිතුවෙ මගේ husband අද රෑ අමුතු විදියට හැසිරුනා කියලා... අද අපි හිතන් හිටියේ රෑ කෑමට එළියට යන්න. මම අද දවසම යාළුවොත් එක්ක shopping කරා, ඉතින් මම හිතුවෙ මම එන්න වෙලා ගිය හින්දා එයා upset වෙන්න ඇති කියලා, ඒත් එයා ඒ ගැන මුකුත් ම කිව්වෙ නෑ. අපි අද කතා කරන්න පටන් ගත්තත් එයාට ඕන වුනේ නෑ කතා කරන්න, ඉතින් මම කිව්වා අපි දෙන්නා නිදහස් තැනකට යමු එතකොට අපිට නිදහසේ කතා කරන්න පුළුවන් කියලා. එයත් හා! කියලා ගියා. ඒත් එයා වෙනදා වගේ එච්චරම කතා කරේ නෑ. මට තවත් ඉවසන්න බැරි උනා, මම ඇහුවා "ඇයි අනේ! ඔයාට මොකද වෙලා තියෙන්නෙ?" කියලා. එයා කිව්වෙ "මුකුත් නෑ" කියලා විතරයි. ඊට පස්සෙ මම ඇහුවා "ඔයා upset එකෙන් ඉන්නෙ මම හින්ද ද?" කියලා. එයා එතකොට කිව්වෙ "නෑ, එහෙම මුකුත් නෑ. ඒ නිසා ඔයත් ඒ ගැන වැඩිය හිතන්න එපා" කියලා. අපි දෙන්නා ආයෙත් ගෙදර එනකොට මම කිව්වා "I love you so much" කියලා. ඒත් එයා කට කොනින් හිනා වුනා විතරයි. මට එයාව තේරුම් ගන්න බෑ. මට හිතා ගන්න බෑ වෙනදා "I love you too" කියන කෙනා අද මුකුත් කිව්වෙ නැත්තෙ ඇයි කියලත්. අපි ගෙදර ආවට පස්සෙ එයාට මාත් එක්ක තවත් ඉන්න ඕන නෑ කියලා මට දැනුනා ම මට හිතුනා එයාව මට නැති වුනා කියලා. එයා TV එක දාලා ඒක දිහා ඔහේ බලාගෙන හිටියා. එයාට ඕන උනේ මගෙන් තව ටික වෙලාවකට හරි ඈත් වෙලා ඉන්න වෙන්න ඇති. මම බැරිම තැන ඇඳට ආවා නිදාගන්න. මට නින්ද ගියෙත් නෑ. මම ඇවිත් පැය භාගෙකට විතර පස්සෙ එයත් TV එක off කරලා ආවා ඇඳට. මට දැනුනා එයාගෙ හිත තිබුනෙ වෙන කොහෙදෝ ඈතක කාගෙ ළඟ හරි කියලා. එයාට එහෙම ම නින්ද ගියා. දැන් නම් මම අඬලා අඬලා මගෙ ඇස්වල කඳුළුත් නෑ... මට නම් දැන් ජීවිතේ එපා වෙලා තියෙන්නෙ... ඇයි ඒ වගේ දෙයක් වුනේ කියලා මට තාම හිතා ගන්න බෑ.




    ඔහුගේ දිනපොත....


    උදේ බයික් එක start උනේ නෑ. අවුල මොකක් ද කියලා හිතා ගන්ඩ බෑනෙ.
     

    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    ඔව් බං, ගෑණු කොහොමත් හිතනව වැඩියි. සමහර වෙලාවට ඒක හොඳයි වගේම සමහර වෙලාවට ඒක මළ ඇනයක් වෙලා නැති ප්‍රශ්න ඇති වෙනව.
     

    Sodrenzlas

    Member
    Jul 28, 2013
    39
    1
    0
    Great
    flags_0
    flags_0
    5d2zhaxt0de.png