දිනුවත් අගමැතිකම නොදෙමි.-මෛත්‍රී

Jul 5, 2012
1,773
265
0
දිනුවත් අගමැතිකම නොදෙමි.-මෛත්‍රී

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මීට ස්වල්ප වේලාවකට පෙර කුරුණෑගල දිස්ත්‍රික් එජනිස අපේක්ෂක මැදමූලනේ මහින්ද රාජපක්ෂ වෙත තීරණාත්මක ලිපියක් යවා තිබේ. මෙම ලිපිය යවන්නේ ජනාධිපතිවරයා ලෙස නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස බව ආරම්භයේදීම පවසා තිබේ. එජනිසය ජයග්‍රහණය කළත් ඔබට අගමැති ධූරය නොදෙන බවත්, ඔබ කෙරෙන් වෛරය ක්‍රෝධය ඉහවහා ගිය මමත්වය පළවන බවත් මහින්ද රාජපක්ෂට පවසා ඇති ජනාධිපතිවරයා ඉදිරි දින කීපයේ ජාතිවාදය පතුරුවන්නේ නැතිව බුද්ධියෙන් වැඩ කරන ලෙසත් අවවාද කර ඇත.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා තව එක් දිනක් පමණක් ඉතිරිව තිබියදී ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂට යැවූ ලිපිය ඔහු නාමයෝජනා දීමෙන් පසු කරන ලද ජාතිය ඇමැතීමේ ප්‍රකාශයේ දිගුවක් ලෙස සැලකිය හැකිය.


President_Letter_to_MR5.jpg