මෛත්‍රී-මහින්ද_හමුව

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මෛත්‍රී-මහින්ද_හමුව

    මෛත්‍රී-මහින්ද හමුවීමෙන් පසු ෆොන්සේකාගේ දිවුරුම් දීම ඇණ හිටියි.

    b7d9cc574fa8d6ca99a9daf3bc54e4ed_XL.jpg

    මෙයට දින දෙකකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා එකිනකො හමුවූයේ ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේන මහතාට අයත් නිවසකදී ය. එහිදී මහින්ද එක හෙළාම ජනාධිපතිවරයාගෙන් එක් ඉල්ලීමක් කර තිබේ. එනම්, කිසිම ආකාරයකින් නීතිය හා සාමය අමාත්‍යාංශය සරත් ෆොන්සේකා මහතාට ලබා නොදෙන ලෙස ය.

    “අපි ඕන සහයෝගයක් දෙන්නම්, රනිල්ව අගමැති තනතුරරේ තියාගෙන ඔබතුමා මේ විදිහටම කරගෙන යන්න. අපි කිසිම විදිහකින් බාධා කරන්නෙ නෑ. හැබැයි එකම ඉල්ලීම නීතිය හා සාමය, ෆොන්සේකාට නම් දෙන්න එපා. දුන්නොත් සේරම වැඩ අවුල් වෙනවා.” යැයි එහිදී හිටපු ජනාධිපතිවරයා වත්මන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

    මහින්ද රාජපක්ෂ මහතා එහිදී තවදුරටත් කියා තිබෙන්නේ, තමන් ජනාධිපතිවරයාගෙන් දැනට කරන එකම ඉල්ලීම ද එය වන බවයි.

    මීට පෙර පැවති තත්වය අනුව අඟහරුවාදා එනම් හෙට (06) තිබෙන කැබිනට් රැස්වීමෙන් අනතුරුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා දිවුරුම් දීමට නියමිත ව සිටියේය. නමුත් මේ නව කතා බහත් සමග පෙනී යන්නේ එය බොහෝවිට සිදුනොවන දෙයක් බවට පත්ව ඇති බවයි.

    මොනාක් එකේ නිවෙස් හිමි DIGලාත් කැමති නැහැ.

    මේ අතර අපට දැනගැනීමට ලැබෙන්නේ මොනාක් සුපිරි මහල් නිවාස සංකීර්ණයේ මහල් නිවාසවලට හිමිකම් කියන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යාංශය ලැබිම බියකරු සිහිනයක්ව තිබෙන බවයි.

    ඒ අනුව මෙම නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද කියමින් සිටින්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිරිසේන ජනපතිට කියූ කතාවම ය. ඔවුන්ට තිබෙන්නේත් ඒ බියම ය.

    ඔවුන්ට ආදායම් මැවූ මත්ද්‍රව්‍ය ජාවාරම් යනාදිය පිළිබඳව සරත් ෆොන්සේකා සතුව තොරතුරු තිබෙන බව ඔවුහු දනිති.

    එනිසා මහින්ද රාජපක්ෂට මෙන්ම ඔවුන්ට ද සරත් ෆොන්සේකා මහතා තමන්ගේ විෂය භාර ඇමතිවරයා බවට පත්වීම දරාගත නොහැකි අතර, එය සිදුවනවාට ඔවුන් කොහෙත්ම කැමති නැත.

    Source
    http://www.infosrilankanews.com/2018/03/47.html
    http://sinhala.lankanewsweb.net/news/special-news/item/13690-2018-03-04-18-50-48

    logo-dld.jpg

    image_c46271a0aa.jpg

    මෛත්‍රී මහින්ද හදිසි හමුවක්

    (අජන්ත කුමාර අගලකඩ)

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හදිසි හමුවක් ඉකුත් සතියේ කොළඹදී සිදුවූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා (22) කොළඹදී ප්‍රබල පෙළේ ව්‍යාපාරිකයකුගේ නිවසේදී මෙම හමුව සිදුව ඇති අතර ඊට ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරයකුද සහභාගි වූ බව එම ආරංචි මාර්ගවලින් පැවැසේ.

    ජනාධිපතිවරයාගේ සමීපතම ඥාතියකු හා හිටපු ජනාධිපතිවරයාගේ සමීපතම ඥාතියකුගේ මැදිහත්වීම මත මෙම හමුව සිදුවූ බවත් දෙදෙනා අතර සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පැවැති බවත් වාර්තාවේ.

    මෙම හමුවේදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් අනාවරණය වී නැත.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් පළාත් පාලන මැතිවරණයෙන් පසුව හමුවූ පළමු අවස්ථාව ද මෙය බව පැවසේ.

    Source
    http://www.lankadeepa.lk/sunday/main_image/මෛත්‍රී-මහින්ද-හදිසි-හමුවක්/51-525106
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,589
    113
    මේ කතාව ඇත්ත කියලා ආරංචියක් තියෙනවා , අනික ලංකාවේ දේශපාලනය කියන්නේ තනිකරම ඩීල් , අපිට පේන්න ගහමරාගත්තට ලංකාවේ පක්ෂ විපක්ෂ සියලු දේශපාලඤයන් අතර තියෙන අන්තර් සම්භන්ධතා ඉතාමත් ප්‍රභලයි ඉතින් ෆොන්සේකා කියන්නේ ඔය ඩීල් තේරුම් අරන් වැඩකරන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි , එක නිසා ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යාංශය දෙනවට UNP , ශ්‍රීලංකා, පොහොට්ටු කිසිම කෙනෙක් කැමති නෑ මොකද ඔය හැමෝගෙම කිල්ලෝටවල හුණු තියෙන නිසා.

    එකම එක උදාහරණයක් විතරක් කියන්නම් , නිකමට හිතලා බලන්න දී මු ජයරත්නගේ දූ බැඳලා ඉන්නේ මහින්දානන්ද අලුත්ගමගේ (පොහොට්ටු) දී මු ජයරත්නගේ පුතා අනුරාධ ජයරත්න(ශ්‍රීලංකා) මේ ආණ්ඩුවේ ඇමති කෙනක් , ඉතින් මස්සිනාට (මහින්දානන්දට ) ප්‍රශ්නයක් වෙනකොට අනුරාධ, මහින්දානන්දව බේරන්න උත්සහ නොකර ඉඳීවිද ? ඉතින් ෆොන්සේකා නීතිය හා සාමය ඇමති උනොත් මිනිහත් එක්ක ඔය ඩීල් අමාරුයි එකයි කට්ටිය කැමති නැත්තේ.

    අනික දැනට ගොනුකරලා තියෙන නඩු ගොඩක් ගොනුකරලා තියෙන්නේ අන්තිම මොහොතේ නඩුව විසිකරන්න වෙන විදියට (සාක්ෂි පරස්පරයි හෝ වෙනයම් හේතුවක් මත ) ඒවා තමයි ලංකාවේ දේශපාලන ඩීල්.

    අපි නිකන් බොරුවට කට්ටිය වේදිකාවේ රන්ඩුවෙන හැටි බලලා , අපි හිතනවා මුන් ඇත්තටම තරහා කාරයෝ කියලා , බලනකොට මුන් අපිව අන්දපු එක විතරයි වෙලා තියෙන්නේ
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    Maru source tika :lol::lol::lol:
    dala thiyenne nikan mahinda hari maithrima hari awilla confess kala wage, ehemath nathnam e welawe mese yata idan ahagena hitiya wena ekek wage. :lol::lol: lankawe inna bohomayak matison la owa wiswasa kalata, poddak hari mole thiyena un dannawa owa boru kiyala :yes::yes:

    මූ අමු UNP කාරයෙක්ද කොහෙද..:D
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    ඔවුන්ට ආදායම් මැවූ මත්ද්‍රව්‍ය ජාවාරම් යනාදිය පිළිබඳව සරත් ෆොන්සේකා සතුව තොරතුරු තිබෙන බව ඔවුහු දනිති.

    :lol::lol::lol::lol:

    රන්ජා ලගත් තිබ්බා..මහින්දගේ ආණ්ඩුවක් එනකන්ද ඉන්නේ පොලිසි යන්න?:rofl::rofl::rofl:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මූ අමු UNP කාරයෙක්ද කොහෙද..:D
    UNP kese wethath top class mattek ara 50kg wage :lol::lol:
    Dan kattiya muta hoda sinhalen muge boruwa wistara karanakota oka thawa tikakin meke danne menna mehema. :lol::lol::lol:

    PS;-මම කාටවත් කඩේ යනවාවත් මඩ ගහනවාවත් නෙවෙයි , මේ විස්තරය තර්කානුකුලව සත්‍යයයි සිතුනු නිසා මෙහි පලකරන ලදී.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මෙන්න මේ වගේ පිළිගන්න පුළුවන් සෝර්ස් එකක් දාපිය.

    අර්ජුන් මහේන්ද්‍රන් කොහොමහරි අත්අඩංගුවට ගන්නවා

    මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් කෙසේ හෝ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    වීරකැටිය උඩයාල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

    Last edited:

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යාංශය දෙන්නැති එක නම් හොදයි. කොහොම වෙතත් හිටපු ජනාධිපති කියල තියනවා එයා මෛත්‍රිව හමුවුනේ නැහැ කියල. ඉන්දියාවේ ඉදල ඇවිත් තංගල්ලේ ගෙදර ගිය බවයි ඔහු කියන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන් හා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතර කිසිදු රහස් හමුවක් සිදු නොවූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    එලිපිට වැඩ කිරීමට හැකියාව ඇති ජන වරමක් ජනතාව විසින් තමනට දී ඇති අවස්තාවක හොරෙන් ජනාධිපතිවරයා හමුවීමේ උවමනාවක් තමනට නැතැයිද ඒ මහතා සදහන් කරයි.

    ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා අතර සාකච්චාවක් පැවැත්වී ඇතැයි සති අන්ත පුවත්පත්වල පලවූ වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරමින් ඔහු මේ බව කියා සිටියේය.

    අචිල හමුව සිදුවූයේ 02 වනදා යයි වාර්තා කර ඇතත් තමන් ඉන්දීය සංචාරය නිමවා ලංකාවට පැමිණියේ එදින බවත් පැමිණි වහාම තංගල්ල කාල්ටන් නිවසේ සෑම පොහොය දිනම පැවැත්වෙන ‘අමා දම් සිසිල‘ ධර්ම දේශනා වැඩසටහනට සහභාගී වූ බවද ඔහු කියා සිටී.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    reputation_neg.gif
    මෛත්‍රී-මහින්ද_හමුව 03-05-2018 07:22 PM tho neda ape rep kapuwe.UNP ponnaya.idaaaaaaaaaaaaaaaaaaaaaaa

    මෙතන අපි කරන්නේ තමන්ගේ මතය ඉදිරිපත් කරන එක , අපි මත දෙකක ඉන්න එක වෙනම කතාවක් , එත් මම නම් කාගෙවත් REP කැපුවේ නෑ , ෂුවර් නැතිනම් මෙතන comment එකක් දාන්න, හෙට REP දීලා පෙන්නනම් මම නෙවෙයි ඔය වැඩේ කරේ කියලා , මොකද අදට REP ඉවරයි
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ලංකාවේ දේශපාලනය කියන්නේ තනිකරම ඩීල් , අපිට පේන්න ගහමරාගත්තට ලංකාවේ පක්ෂ විපක්ෂ සියලු දේශපාලඤයන් අතර තියෙන අන්තර් සම්භන්ධතා ඉතාමත් ප්‍රභලයි ඉතින් ෆොන්සේකා කියන්නේ ඔය ඩීල් තේරුම් අරන් වැඩකරන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි , එක නිසා ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යාංශය දෙනවට UNP , ශ්‍රීලංකා, පොහොට්ටු කිසිම කෙනෙක් කැමති නෑ මොකද ඔය හැමෝගෙම කිල්ලෝටවල හුණු තියෙන නිසා.

    එකම එක උදාහරණයක් විතරක් කියන්නම් , නිකමට හිතලා බලන්න දී මු ජයරත්නගේ දූ බැඳලා ඉන්නේ මහින්දානන්ද අලුත්ගමගේ (පොහොට්ටු) දී මු ජයරත්නගේ පුතා අනුරාධ ජයරත්න(ශ්‍රීලංකා) මේ ආණ්ඩුවේ ඇමති කෙනක් , ඉතින් මස්සිනාට (මහින්දානන්දට ) ප්‍රශ්නයක් වෙනකොට අනුරාධ, මහින්දානන්දව බේරන්න උත්සහ නොකර ඉඳීවිද ? ඉතින් ෆොන්සේකා නීතිය හා සාමය ඇමති උනොත් මිනිහත් එක්ක ඔය ඩීල් අමාරුයි එකයි කට්ටිය කැමති නැත්තේ.

    අනික දැනට ගොනුකරලා තියෙන නඩු ගොඩක් ගොනුකරලා තියෙන්නේ අන්තිම මොහොතේ නඩුව විසිකරන්න වෙන විදියට (සාක්ෂි පරස්පරයි හෝ වෙනයම් හේතුවක් මත ) ඒවා තමයි ලංකාවේ දේශපාලන ඩීල්.

    අපි නිකන් බොරුවට කට්ටිය වේදිකාවේ රන්ඩුවෙන හැටි බලලා , අපි හිතනවා මුන් ඇත්තටම තරහා කාරයෝ කියලා , බලනකොට මුන් අපිව අන්දපු එක විතරයි වෙලා තියෙන්නේ

    :yes::yes:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    තමන් හා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතර කිසිදු රහස් හමුවක් සිදු නොවූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    එලිපිට වැඩ කිරීමට හැකියාව ඇති ජන වරමක් ජනතාව විසින් තමනට දී ඇති අවස්තාවක හොරෙන් ජනාධිපතිවරයා හමුවීමේ උවමනාවක් තමනට නැතැයිද ඒ මහතා සදහන් කරයි.

    ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා අතර සාකච්චාවක් පැවැත්වී ඇතැයි සති අන්ත පුවත්පත්වල පලවූ වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරමින් ඔහු මේ බව කියා සිටියේය.

    අචිල හමුව සිදුවූයේ 02 වනදා යයි වාර්තා කර ඇතත් තමන් ඉන්දීය සංචාරය නිමවා ලංකාවට පැමිණියේ එදින බවත් පැමිණි වහාම තංගල්ල කාල්ටන් නිවසේ සෑම පොහොය දිනම පැවැත්වෙන ‘අමා දම් සිසිල‘ ධර්ම දේශනා වැඩසටහනට සහභාගී වූ බවද ඔහු කියා සිටී.

    ලංකාවේ වැඩිම අලවියක් තියෙන පත්තරේ වන ඉරිදා ලංකාදීප පත්තරේ දාලා තියෙනවා මෛත්‍රී මහින්ද හදිසි හමුවුනා කියලා ( තවත් ඉංග්‍රීසි පත්තර කිහිපයකත් තිබුනා ) , ඉතින් මහින්ද මහත්තයට පුළුවන් නේ ලංකාදීප පත්තරේට කියන්න මේ ප්‍රවුර්තිය වැරදියි එක නිවැරදි කරන්න කියලා , එහම නැතිව තැන තැන බොරුවට මෛත්‍රී මහින්ද හමුවුනේ නෑ කියලා වැඩක් නෑනේ.

    ඇයි මහින්ද මහත්තය එහෙම නීතියට අනුව කරන්නේ නැත්තේ ?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ඇයි දැන් ෆොන්සේකාගේ ලොකුද? ෆොන්සේකාගේ බොරු සිංහ හම ගැලවෙන්නේ ඕක දීලා මෙලෝ මගුලක් කරගන්න බැරි උන දවසට තමයි
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඇයි දැන් ෆොන්සේකාගේ ලොකුද? ෆොන්සේකාගේ බොරු සිංහ හම ගැලවෙන්නේ ඕක දීලා මෙලෝ මගුලක් කරගන්න බැරි උන දවසට තමයි

    ෆොන්සේකාගේ ලොකුද පොඩිද කියල නම් මම හරියටම දන්නේ නෑ, එත් ෆොන්සේකා නීතිය හා සාමය ඇමති වෙනවට කවුරුත් කැමති නැත්තේ මොකද ?

    කැමති නැති හේතුව මෙන්න මේ hi.dushan කියන member කියලා තියෙනවා , උඹ හිතනවද hi.dushan කියන member කියලා තියෙන දෙය බොරුයි කියලා ?

    මේ කතාව ඇත්ත කියලා ආරංචියක් තියෙනවා , අනික ලංකාවේ දේශපාලනය කියන්නේ තනිකරම ඩීල් , අපිට පේන්න ගහමරාගත්තට ලංකාවේ පක්ෂ විපක්ෂ සියලු දේශපාලඤයන් අතර තියෙන අන්තර් සම්භන්ධතා ඉතාමත් ප්‍රභලයි ඉතින් ෆොන්සේකා කියන්නේ ඔය ඩීල් තේරුම් අරන් වැඩකරන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි , එක නිසා ෆොන්සේකාට නීතිය හා සාමය අමාත්‍යාංශය දෙනවට UNP , ශ්‍රීලංකා, පොහොට්ටු කිසිම කෙනෙක් කැමති නෑ මොකද ඔය හැමෝගෙම කිල්ලෝටවල හුණු තියෙන නිසා.

    එකම එක උදාහරණයක් විතරක් කියන්නම් , නිකමට හිතලා බලන්න දී මු ජයරත්නගේ දූ බැඳලා ඉන්නේ මහින්දානන්ද අලුත්ගමගේ (පොහොට්ටු) දී මු ජයරත්නගේ පුතා අනුරාධ ජයරත්න(ශ්‍රීලංකා) මේ ආණ්ඩුවේ ඇමති කෙනක් , ඉතින් මස්සිනාට (මහින්දානන්දට ) ප්‍රශ්නයක් වෙනකොට අනුරාධ, මහින්දානන්දව බේරන්න උත්සහ නොකර ඉඳීවිද ? ඉතින් ෆොන්සේකා නීතිය හා සාමය ඇමති උනොත් මිනිහත් එක්ක ඔය ඩීල් අමාරුයි එකයි කට්ටිය කැමති නැත්තේ.

    අනික දැනට ගොනුකරලා තියෙන නඩු ගොඩක් ගොනුකරලා තියෙන්නේ අන්තිම මොහොතේ නඩුව විසිකරන්න වෙන විදියට (සාක්ෂි පරස්පරයි හෝ වෙනයම් හේතුවක් මත ) ඒවා තමයි ලංකාවේ දේශපාලන ඩීල්.

    අපි නිකන් බොරුවට කට්ටිය වේදිකාවේ රන්ඩුවෙන හැටි බලලා , අපි හිතනවා මුන් ඇත්තටම තරහා කාරයෝ කියලා , බලනකොට මුන් අපිව අන්දපු එක විතරයි වෙලා තියෙන්නේ
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ෆොන්සේකාගේ ලොකුද පොඩිද කියල නම් මම හරියටම දන්නේ නෑ, එත් ෆොන්සේකා නීතිය හා සාමය ඇමති වෙනවට කවුරුත් කැමති නැත්තේ මොකද ?

    කැමති නැති හේතුව මෙන්න මේ hi.dushan කියන member කියලා තියෙනවා , උඹ හිතනවද hi.dushan කියන member කියලා තියෙන දෙය බොරුයි කියලා ?

    Fonsekata HICORP case ekak tiyenawa neda???
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඇයි දැන් ෆොන්සේකාගේ ලොකුද? ෆොන්සේකාගේ බොරු සිංහ හම ගැලවෙන්නේ ඕක දීලා මෙලෝ මගුලක් කරගන්න බැරි උන දවසට තමයි

    හික්... හික්... ඒකනම් ඇත්ත. යුද්දෙට වඩා දේශපාලනේ වෙනස් මේ මනුස්සයට ඒක තේරෙන්නෙ නැහැ. නීතිය හා සාමය දුන්නොත් අර "වඳුරට දැලිපිහිය දුන්නා වාගේ" තමයි වලිගෙයි, කණයි, ලබ්බයි, නහයයි ඔක්කොම කපාගෙන දඟලයි. කළගුණ සලකන්න ඕන නිසා අමාත්‍යංශයක් හදල දීල තනියම ඉන්න ඔපීසියක් දුන්නට දේශපාලනික වශයෙන් සාර්ථක චරිතයක් නෙවෙයි. ඒ වගේම ඔහුගේ වත්මන් ඇමතිකමින් ජනතාවට සිදුවන සේවය ගැන හෝ එහි ක්‍රියාවලිය කෙතරම් ජනතාවට අවශ්‍යද යන්න ප්‍රශ්නයක්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    ෆොන්සේකාගේ ලොකුද පොඩිද කියල නම් මම හරියටම දන්නේ නෑ, එත් ෆොන්සේකා නීතිය හා සාමය ඇමති වෙනවට කවුරුත් කැමති නැත්තේ මොකද ?

    කැමති නැති හේතුව මෙන්න මේ hi.dushan කියන member කියලා තියෙනවා , උඹ හිතනවද hi.dushan කියන member කියලා තියෙන දෙය බොරුයි කියලා ?

    ඌ කියන්නේ මොකද්ද කියලානම් මම දැක්කේ නෑ. උඹ කියන්නේ ඔය නිදහස් පක්ෂේ උන් නහයෙන් අඩන්නේ මහින්දවයි ගෝඨාවයි අල්ලයි කියන දුකට කියලාද. මොන පිස්සුද බන් උන්ට නිදහසේ දේශපාලනේ කරගෙන ඉන්න පුලුවන් මහින්දයි ගෝඨායි ඇල්ලුවොත්. උන්ට තියෙන ප්‍රශ්නේ ඒක නෙමේ. ආණ්ඩුවේ ඉන්න උනුත් දන්නවා සිරිසේනත් දන්නවා ෆොන්සේකා කියන්නේ සිරිසේන වගේම කන්න දීපු පතේ පහරන එකෙක් කියලා ඒ නිසයි උන් බය උන්ටම ශොට් එක දෙයි කියලා.නැතුව ෆොන්සේකා ආවා කියලා ක්‍රියාත්මක කරන නීතියක් නෑ බන්.

    අනික නීතියෙන් මහින්දටයි ගෝඨාටයි මොනවා හරි දෙයක් කරන්න පුලුවන්නම් ෆොන්සේකා ඕනේ නෑ. කරන්න පුලුවන් දේවල් මේ වෙද්දිම කරලා. ෆොන්සේකා ඇමති උනත් ඌත් කරන දෙයක් කරන්න ඕනේ මේ නීතිය යටතෙම තමයි
     
    Last edited:

    Similar threads