පසුගිය වසර පහළොවක විස්සක කාලයේදී සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය නොකිරීම, ගබඩා පුළුල් නොකිරීම, තෙල් නළ අලුත්වැඩියා නොකිරීම නිසා ගැටලු රැසක් පැන නැගී ඇති අතර එම කටයුතු සඳහා දස අවුරුදු සැලසුමක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
ඉන්ධන මිල පහළ දැමීමෙන්
තෙල් සංස්ථාවට බිලියන 4 ක පාඩුවක්!
http://www.divaina.com/2015/05/07/news02.html



ඉන්ධන මිල ගණන් ළගඳීම ඉහළ දැමීමේ සූදානමක් පවතින බවට වී ප්රවෘත්ති වෙත තොරතුරු වාර්තා වනවා. ලංකා ඛණිජ තෙල් සංස්ථාව පාඩු ලැබීම මත පදනම්ව බොරතෙල් ආනයනයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි තෙල් සංස්ථා ආරංචි මාර්ග අනාවරණ කලේ. මෙම ගැටළුව පිළිබඳව ඊයේ රැස්වූ ඛණිජ තෙල් තොග සමාලෝචන කමිටු රැස්වීමේදීද දීර්ඝ ලෙස සාකච්ජා වී තිබෙනවා. ඒ අනුව දැනට රුපියල් 117 කට අලෙවි කරන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් රුපියල් 21 යි ශත 81 ක පාඩුවක් ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 15 යි ශත 15 ක පාඩුවක් ද භූමිතෙල් ලීටරයකින් රුපියල් 16 යි ශත 57 ක පාඩුවක් ද ලබන බවයි එහිදී සාකච්ජා වී ඇත්තේ.
තෙල් සංස්ථාව ලබන එම පාඩුවට හේතුව බොරතෙල් සඳහා අය කරන බදු ප්‍රතිශතය ඉතා ඉහළ අගයක පැවතීමයි. එම බදු ප්‍රතිශතය පහළ දමන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් පසුගියදා මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් ද සිදු කර තිබෙනවා. එහෙත් ඊට යහපත් ප්‍රතිචාරයක් හිමිවී නැහැ.
පසුගිය ජනවාරි 21 වනදා සිට කි‍්‍රයාත්මක වන පරිදි පහත දැමූ ඉන්ධන මිල ගණන් මත පදනම්ව ඛණිජ තෙල් සංස්ථාව මේ දක්වා ලබා ඇති පාඩුව රුපියල් මිලියන හයදහසක් පමණ වනවා. මෙම තත්ත්වයත් සමග උතුරු නැගෙනහිර පළාත් වල මේ වන විට ඉන්ධන හිගයක් ද පවතින බවයි තෙල් සංස්ථා ආරංචි මාර්ග අනාවරණ කලේ. සෙසු පළාත් වලට ද එය ඉදිරි දින වලදී බලපානු ඇති බව එම ආරංචි මාර්ග පැවසුවා. දැනට පවතින එම තත්ත්වය සැලකිල්ලට ගෙන ඔක්ටේන් 92 හා 95 යන පෙට්‍රල් වර්ග දෙකම හා ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 14 බැගින් ඉහළ දැමීමට අවශ්‍ය අනුමැතිය ලබා දෙන ලෙසටයි තෙල් සංස්ථාවේ තොග සමාලෝචන කමිටුව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත්තේ. ඊට අදාල ලිපිය එහි ලේකම්වරයා වෙත භාර දී ඇති බවද තෙල් සංස්ථා ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණ කළා.
ඉන්ධන මිල පහළ දැමීමෙන්
තෙල් සංස්ථාවට බිලියන 4 ක පාඩුවක්!
http://www.divaina.com/2015/05/07/news02.html





මේ බන් අපිට කියපන්කො උඹ දැන් වාහනේට හරි බයික් එකට පෙට්‍රල් ගහලා ගෙවන්නේ අලුත් ගානද එක්කෝ මහින්ද ඉන්නකොට තිබුන ගානද?![]()

