දින 100 වැඩපිළිවෙල කාගේද කියලා හොයාගෙන

Djsash

Member
Jun 1, 2018
274
9
0
දින 100 වැඩපිළිවෙල කාගේද කියලා හොයාගෙන

යහපාලන ආණ්ඩුවේ දින 100 වැඩපිළිවෙළ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට එක් වූ කණ්ඩායමේ වැඩක් බවත් එය හුදෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නොවන බවත් එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරනවා.


ඔහු මේ බව සඳහන් කළේ සිරිකොත මූලස්ථානයේ පැවැති වැඩසටහනකට සහභාගි වෙමින්.


දින 100 වැඩපිළිවෙළ මගින් ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට නොහැකි වූයේ රාජපක්ෂ කල්ලිය සමග සමහර පිරිස් මුක්කු ගැසීම නිසා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.