මම මේක කියන්නේ ලෙඩේ හදාගන්නේ නැතුව ඉන්න එකේ වටිනාකම තේරුම් ගන්න ඕනි නිසා ...
මගේ අම්මා තමයි positive උනේ අපේ පවුලෙන්...එක උනේ බොහොම පොඩි සුළු වෙලාවක් මිනිස්සු එක්ක ගැවසුන නිසා..
ජුලි 30 දින හදිසි පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා නුගේගොඩ උඩහමුල්ල සිට මහරගමට ත්‍රිරෝද රථයකින් පැමිණ , මහරගම සිට ලියනගොඩ (993) දක්වා බස් රථයක පැමිණ තියෙනවා..ඒ හැර එයා පොදු ප්‍රවාහනයක් පාවිච්චි කරේ නෑ....
අගෝස්තු 03 අම්මට ඇගට අපහසු බවක් දැනිලා තිබ්බා ( 04 වන දින ) / එදිනම එයාට වෙනම කාමරයක් හදලා දුන්නා ..mask දාගෙන ඉන්න කිව්වා..අපිත් එක්ක දුර ඉදන් කතා කරා.
අගෝස්තු 04 උණ හැදුනා..අපි බෙහෙත් ගත්තා
අගෝස්තු 07 උණ අඩු උනා..එත් කැස්ස සහ කටහඩ වෙනස් වෙලා ඇගට අමාරු ගතියක් අවා.
එදිනම MOH වෛද්‍යවරිය අපි අදුරන කෙනෙක් නිසා එයාගේ උපදෙස් අනුව antigen test එකක් කරා රජයේ රෝහලක. අම්ම positive උනා. එයාව නිරෝධායන මධ්‍යස්ථානයට යැව්වා ..එහෙදි දින3ක් වගේ යනකොට එයාගේ රෝග ලක්ෂණ අඩු වෙලා හොද උනා..වෙන කිසිම අමාරුවක් අවේ නෑ වාසනාවට.
අගෝස්තු 07 සිට 21 දක්වා අපි ගෙදර නිරෝධායනය උනා.
මේ කාලය ගොඩක් දුෂ්කර කාලයක් උනා ...කන්න බොන්න නැතුව නෙවෙයි..මානසික පීඩනය නිසා...
මුලින්ම කරේ මම wife ඉන්න කාමරයෙන් එලියට ඇවිල්ලා ගෙදර වෙන කාමරයකට ගියා..මගේ wife ප්‍රෙග්නන්ට්..ඒ නිසා ලොකු භයක් \ අවධානමක් තිබ්බා.
මගේ තාත්තා සහ නංගි වෙනම කාමර වල ඉන්නේ..
දැන් මමයි wife දෙන්නා කෑම හදන වැඩ භාර ගත්තා. වෙන කාටවත් එන්න දුන්නේ නෑ.
හැමෝටම වෙනම සබන් \ ෂැම්පු \ අත් සෝදන දියර \ gloves ජෝඩු 4 බැගින් දුන්නා
හැමෝටම නීති දාන්න උනා...bathroom යන විධිහ, කෑම කන විදිහ, ගෙදර ඉන්න විදිහ වගේ හැම දෙයක් ගැනම.
පුළුවන් හැම වෙලාවේම උණු වතුර බිව්වා \ ලුණු වතුරෙන් උගුර හේදුවා \ විටමින් C සහා D ගත්තා \ පලතුරු කැවා \ සුවධරනි බිව්වා \ හුමාලය ඇල්ලුවා
මේ කාලය තුල හැමෝම හරියට ආරක්‍ෂිත විදිහට ඉන්නවද කියලා බලන්න උනා මට ...හැම වෙලාවේම නීති දාලා මතක් කරන්න උනා ( ගෙදර අනිත් අයට එක පට්ටම කරදරයක් උනා ඉතින් ).මගේ wife pregnant නිසා එයාගේ මානසික තත්වය හදන්න තමයි ගොඩක් අමාරු උනේ ..ප්‍රවුත්ති වල මිනිස්සු මැරෙන ඒවා , ගැබිණි අය මැරෙන ඒවා අහනකොට එයාගේ පීඩනය වැඩි උනා ..අන්තිමට අපි news බලන එක නැවැත්තුවා..
..Oximeter එකක් ගත්තා දවස් 5ක් යනකොට ..එකෙන් උදේ හවස Oxygen බැලුවා..එකෙන් මානසික පීඩනය ටිකක් විතර පාලනය උනා...මොකද හැම වෙලාවේම කැස්සක් ආවත් , පොඩ්ඩක් හුස්ම ගන්න අමාරුවක් ආවත් භය උනා හැමෝම..
කොහොමහරි දින 14 ඉවර වෙලා අද අපේ Antigen එක කරා ..හැමෝම negative කියලා අවා....අපේ අම්මත් දවස් 10 නිරෝධායන ඉවර වෙලා අගෝස්තු 16 අවා...එදා ඉදන් අද වෙනකන් එයාගේ වැඩත් තනිකරම කරේ මම...එයාගේ ඇදුම් bag එක අස් කරන්න ගත්තේ ඊයේ ( 20 - අගෝස්තු ), ඒ කියන්නේ එයා ඇවිල්ලා දවස් 4 කට පස්සේ..එකත් උණු වතුරට ඇදුම් දාලා හොදට තමබලා හෝදලා දැම්මේ...
අපේ අම්මා Sinopharm 1 Dose එක අරගෙන සති 3න් වගේ තමයි හැදුනේ
අපි හැමෝම සති 3 - 2 වගේ වෙනවා 1 dose අරගෙන.
ඉතින් මම විස්වාස කරනවා, අම්මගේ vaccine 1 dose එකේ පොඩි හරි බලපෑමක් නිසා එයාට අමාරු වෙන්නේ නැතුවම ඉක්මනට සනීප උනා වෙන්න පුළුවන් ( නිරෝධායන වෙද්දී කිසිම බෙහෙතක් දීලා නෑ. Vitamin C විතරයි ..steam කරන්න දීලා )..අපිටත් හැදිලා සනීප උනා වෙන්නත් පුළුවන් ..නැත්තන් අපි මුලදීම ලෙඩේ ගැන සැක හිතිලා ආරක්ෂා වෙන්න වැඩ කරපු නිසා ලෙඩේ හැදෙන්නේ නැතුව බේරුනා වෙන්න පුළුවන්.
අවසානයේදී කියන්න තියෙන්නේ ඔයාලට, ලෙඩේ හදාගෙන පරිස්සම් වෙන්න දුක් විදිනවට වඩා ලක්ෂ වාරයක් හොදයි ලෙඩේ හදාගන්න එක වලක්වා ගන්න උත්සහ කරන එක..මේ දින 14 ලෙඩේ හදාගන්නේ නතුවෙන්න අපිට පුදුම කට්ටක් කන්න උනා ...තම පවුලේ සාමාජිකයින් හැමෝම ආරක්ෂා කරගෙන විශේෂයෙන් pregnant කෙනෙක් එක්ක මේ ගත කරපු කාලය හරිම අමාරු එකක් උනා..එක නිසා මචන්ලා පරිස්සම් වෙයන් ......
ලංකාවේ අද මේ රෝගය නිසා දුක් විදින හැමෝම ඉක්මනටම සනීප වේවා කියල ප්‍රර්ථනා කරනවා..ඒ වගේම ජිවිතයෙන් වන්දි ගෙවපු හැමෝටම නිවන් සුවය ප්‍රර්ථනා කරනවා...!