දින 19කදී ජනපතිගේ ඡන්ද ප්‍රතිශතය 31% කින් බසී
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වය දින 19කදී 31%කින් පහත වැටී ඇති බව දිනමිණ පුවත්පත පෙන්වාදෙයි. 2009.11.30 දින දිනමිණ පුවත්පතේ පළවු පුවතක සදහන්වූයේ මහින්ද රාජපක්ෂ මහතා 93%ක ඡන්ද ප්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බවයි. කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ ආචාර්ය කේ.කරුණාතිලක මහතා මෙහෙයවූ සමීක්ෂණයක් මගින් ඒ බව අනාවරණය වූ බවද එම පුවතේ සදහන් විය.
මේ අතර අද දින නිකුත්වූ දිනමිණ පුවත්පතේ සදහන් වන්නේ ජනාධිපතිවරයාට ලැබෙන්නේ 62%ක ඡන්ද ප්‍රතිශතයක් බවයි. පුවත්පත වාර්තාකරන ආකාරයට මේ බව හෙළිදරව්වී ඇත්තේපසුගිය මැතිවරණවලදී එක්සත් ජනතා නිදහස් සන්ධානය අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් දිස්ත්‍රි නවයක් පදනම් කර ගනිමින් සිදුකළ සමීක්ෂණයකදීය.
මේ අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වය දින 19ක් තුළදී 31%කින් පහත වැටී ඇති බව රජය පිළිගෙන තිබේ. ජනාධිපතිවරණය සදහා තව දින 37ක් ඉතිරිව තිබේ.
LT