දියකර බී ඇත්තේ "කිරි" ම නොවේ
NZMP Fat Filled Milk Powder (මේදය පිටතින් පිරවූ කිරිපිටි)
NZMP Fat Filled Milk Powder (මේදය පිටතින් පිරවූ කිරිපිටි)
ඔබ කිරි කිරි යැයි සිතා
දියකර බී ඇත්තේ
"කිරි" ම නොවේ.
![]()
නවසීලන්තයෙන් වාර්ෂිකව මෙරටට ආනයනය කෙරෙන කිරිපිටි ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 83,000කි. එය මෙරට කිරි පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයෙන් 80% කි.
ලංකාවට එවා ඇත්තේ නවසීලන්තයෙන් ලස්සන කඳුකර වල නිල් වන් තණ කොල කන එළදෙනුන්ගේ නැවුම් පිරිසිදු කිරි නොවේය. නවසීලන්තෙන් එකී නැවුම් කිරි බටහිර සහ යුරෝපයේ සංවර්ධිත රට වලට යවා ශ්‍රී ලංකාව වැනි තුන් වන ලෝකයේ රට වලට ජනතාවට දරා ගත හැකි මිලකට ලැක්ටෝස්, ෆාම් තෙල්, මෙලමයින් අඩංගු කෘතිමව වැඩි දියුණු කල කිරි නොවන කිරිපිටි මිශ්‍රණයක් සැකසු වර්තා වේ.
1 ලැක්ටෝස්
2 ෆාම් ඔයිල්
3 මෙලමයින්
කෘතිම වැඩිදියුණු කරන ලද මෙම කිරිපිටි යැයි හදුන්වා දෙනු ලබන මිශ්‍ර්‍රණයේ අඩංගුව ඇතැයි සදහන්වේ. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍ය සංගමය විසින් 2013 වසරේදී ආනකායිනික කිරිපිටිවල විෂ රසායනික අඩංගු බවට හෙළිදරව් කරනු ලැබුවත් එයට බහුජාතික සමාගම් වලට එරෙහිව ප්‍රතිරෝධය ගොඩනැගීමට තරම් ශක්තිය නොවීය. මෙවැනි අමුද්‍රව්‍ය මිශ්‍රකර දැරිය හැකි මිලකට කිරිලබා දීමට තමන්ගේ අරමුණ වූ බව එම සමාගම් විසින් ප්‍රකාශය කරනු ලැබුවත් මෙරට සෞඛ්‍ය බලධාරීන් තවමත් මර නින්දේය.
NZMP Fat Filled Milk Powder ලෝකය පුරා භාවිතයට ගැනීම සිදු වේ. නමුත් මෙහි ඇති ගැටළුකාරී ස්වභාවය එය පාරිභෝගිකයාට වසන් කිරීමයි. නැවුම් යොදය ගැන සහ පිරිසිදු තෘණ බිම් වෙළද දැන්වීම මගින් පෙන්වමින් පාරිභෝගිකයාට කලවම් මිශ්‍රණයක් අලෙවි කිරීම කෙතරම් ප්‍රෝඩාකාරීද? සම්පූර්ණ යොදය සහිත Full cream milk powder පිළිබදව දැනුවත්ව එය යැයි සිතා වෙනත් රාසායිනක මිශ්‍රණයක් දිය කර බී අප කෙතරම් කාලයක් මෙකි වංචාවට නතුව ඇද්ද?
කිරිපිටි මිත්‍යාව පිළිබදව ඉතා පුළුල් කතිකාවක් ඇති මේ මොහොතේ වෛද්‍යවරුන් දැනුම ඇති විශේෂඥයන් ගෙනයන මෙහෙවරට කෘතඥ විය යුතුය. හැකි පමණින් එම දැනුම බෙදාගැනීම සහ ප්‍රවර්ධනය කිරීම අප සැමගේ යුතුකමයි.
දරුවෙකු කුසට ආදා සිට මවගෙත් දරුවාගෙත් පෝෂණයට අවශ්‍ය දෑ ලබා ගැනීමට අධික මිල ගණන් යටතේ අලෙවි වූ කිරිපිටි බිමේ මුදල්වලින් වැකුණු ව්‍යාජ සංස්කෘතියක් අතීතයේ වූයේ නැත. බිළිඳාගේ සිට මියැදෙන්නට ආසන්නව සිටින මහල්ලා දක්වා ආනයනික කිරිපිටි භාවිත කරනුයේ අවශ්‍යතාවයට එහා ගිය පුරුද්දකට ඇබ්බැහිවීම තුළය.
