දියගොඩඋයන

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ගෲනර් සී උද්‍යානය


    ඔස්ට්‍රියාවේ ස්ටයිරියා ප්‍රාන්තයේ පිහිටන ගෲනර් සී උද්‍යානය වැන්නක් ලොව වෙනත් කිසිදු පෙදෙසකින් සොයාගත හැකිවේදැයි සැකය.
    මේ උද්‍යානය වසරේ එක් කාලයක් පවතින්නේ සම්පූර්ණයෙන්ම පාහේ දිය යටය .එසේ තිබී වසරේ අවසාන භාගය එළැඹෙන විට එහි ඇවිද යා හැකි සාමාන්‍ය උද්‍යානයක් බවට පරිවර්තනය වේ.
    ගෲනර් සී පිහිටා තිබෙන්නේ හිමෙන් වැසී ගිය හොච්ස්වැබ් කදු පාමුලය.
    සෑම වසන්ත සමයකදීම හිරුගේ උණුසුමින් දියවී යන හොච්ස්වැබ් කදු මුදුනේ රැදී තිබෙන හිම නතර වන්නේ පාමුල ඇති උද්‍යානයේය.මෙනිසා වසන්තය ඇරඹී සති කිහිපයක ඇවෑමෙන් උද්‍යානය දිස්වන්නේ විසල් ජල තටාකයක් මෙනි.මාළුවෝ ඒ මේ අත පිහිනති.ජලජ ශාකද ඕනෑ තරම් දැකිය හැකිය.උද්‍යානයේ තිබූ බංකු ආදී සියලූ දේ ජලයේ ගිලී පවතින්නේ හදිසි ජල ගැල්මක් සිදුවී සියලූදෙනා උන්හිටි තැන් අතහැර ගොස් ඇති බවක් පෙන්වන්නාක් මෙනි.
    මේ සමයේ ගෲනර් සී කිමිදුම්කරුවන් අතර ජයප්‍රියය.
    වසන්තය ගෙවී ගිම්හානය එළැඹෙන විට හිරුගේ රැස් ක්‍රමයෙන් දුර්වල වීමට ගනී.හොච්ස්වැබ් කදු මුදුනෙන් ගලන දිය පහරද නවතී.දැන් උද්‍යානයේ පරිවර්තනය සිදුවන කාලයයි.උද්‍යානයේ රැදී තිබෙන ජලය සියල්ල ක්‍රම ක්‍රමයෙන් ඉවත්ව යෑම සිදුවන්නේ මේ සමයේදීය.ගිම්හානයේ අවසන් භාගය වන විට උද්‍යානයේ දිය බිදක් හෝ තිබුණු බව සොයාගැනීමටවත් නොහැක.
    දැන් උද්‍යානයේ සක්මන් කළ හැකිය.මෙතෙක් කල් දියේ ගිලී තිබූ බංකු වලටද අලූත් පණක් ලැබී ඇත්තාක් මෙනි.පරිසරයද සුන්දරය.මේ සමයේ ගෲනර් සී ජනප්‍රිය වන්නේ කදු නගින්නන් හා කූඩාරම් සංචාරයන්හි යෙදෙන්නන් (කෑම්පර්ස්) අතරය.
    සීත සෘතුව ගෙවෙන තෙක්ම මෙසේ පවතින ගෲනර් සී වසන්තය එළැඹිමත් සමග නැවත දියෙන් පිරේ.
    උද්‍යානයේ ඇති ශාඛ පවා මේ විපර්යාසයට ගැලපෙන සේ හැඩගැසී තිබෙන බව සදහන්ය.එම ශාක වලට දිය යට ගිලී පැවතීමේ හැකියාව මෙන්ම සාමාන්‍ය පරිදි ජීවය පවත්වාගැනීමටද හැකියාව ඇතැයි පැවසේ.


    237461A400000578-2847258-Trees_have_adapted_to_being_underwater_for_upwards_of_a_month_ev-16_1416834234411.jpg


    237461A800000578-2847258-Pic_shows_The_Green_Lake_in_the_village_of_Trag_in_Styria_n_nSpe-11_1416834234294.jpg


    237461AC00000578-2847258-Two_of_Austria_s_leading_underwater_photographers_Gerald_Kapfer_-17_1416834234427.jpg


    2374617C00000578-2847258-The_images_show_how_a_summer_park_becomes_a_lake_each_spring_com-15_1416834234384.jpg


    2374619D00000578-2847258-The_Green_Lake_in_the_village_of_Trag_in_Styria_is_only_around_a-13_1416834234318.jpg


    2374618000000578-2847258-The_photographs_are_part_of_the_project_to_highlight_Austria_s_i-14_1416834234347.jpg


    2374619200000578-2847258-A_School_of_common_bleaks_in_Altersee_these_spectacular_images_s-21_1416834234500.jpg


    video-undefined-23768A1F00000578-799_638x369.jpg