මේ ලිපිය ලිව්ව පුද්ගලයා 1898 පමණ උපන් කෙනෙක්,අද වෙනකොට මේ ලිපිය ලැබුන දියණියත් ජිවතුන් අතර නැ,ඇය 87ක් පමණ ආයු වළඳලා ටික කාලයකට කලින් මියගියා ,ලියුම් කියන්නෙ මහ අරුමයක් නොවුනත් මට මේ ලියුම දාන්න හිතුනේ එ දවස් වල පවුල් වල බැඳිම් එක්කාසු කරපු ලියුම කොච්චර නම් වටිනවද කියල හිතුන නිසා...(මේක එ දියණියගේ පොතක් අස්සෙ තිබිලා හම්බවුනේ).....අනික මේ ලියුම ලිව්ව කෙනා අවුරුදු 95 දි කොතරම් අලංකාරව අකුරු ලියල තියනවද බලන්න,මොහුට පාලි,සංස්කෘත සහ ඉංග්‍රීසි චතුරව ලියන්න සහ කතා කරන්න හැකියාවක් තිබුන කෙනෙක්...ළමයි 12ස් දෙනෙක් හදපු පියෙක්,මේ පියාගේ තිබුන පොත් ගුලට 90 ගනන් වල ඔහුගේම බාල පුතෙක් ගිණි තියනවා (මානසික සිද්ධියක් හෙතුකොටගෙන) ඉතින් පෞද්ගලික ලියුමක් අපට වැදගත් නොවුනත් එ කාලයේ එ ලියුමක තිබුන රස අදටත් මේක කියනකොට දැනෙනවා නෙද ?

.