මේ කියන්නේ අපි ගොඩ දෙනෙක් දන්නේ නැති දියතලාවේ තිබුන POW (Prisoner of War) කඳවුරක් ගැන.
මේ කෑම්ප් එක ආරම්බ වෙන්න මුලින්ම හේතු උනේ එවකට බ්‍රිතාන්‍යන් හා දකුණු අප්‍රිකානු සන්නද්ධ කණ්ඩායමක් අතර ඇති වෙලා තිබුන දෙවන බෝර් යුද්දයයි. මේ යුද්ධේ 1899 ඔක්තෝම්බර් 11 වෙනිදා ඉඳලා 1902 මැයි 31 වෙනිදා වෙනකන් පැවතුනා. අන්තිමට බ්‍රිතාන්‍ය හමුදා යුද්දෙන් දිනුවට පස්සේ ඔවුන් අල්ලගත්තු සතුරු හමුදා එළිමහන් සිරමැදිරි වලට යොමු කරනු ලැබුවා. සාන්ත හෙලේනා නම් දූපත එවකට ඒ වෙනුවෙන් යොදාගත් අතර හිරකරුවන් 5000 එහි යවනු ලැබුවා. ඒ එක්කම සාන්ත හෙලේනා දූපතේ ඉඩ මදි නිසාවෙන් තවත් හිරකරුවන් 5000ක් විතර අපේ ලංකාවේ දියතලාවේ කඳවුරක් පිහිටවලා මෙහෙ රඳවලා තිබුණා.
කඳවුර ඇතුලත පමණක් හුවමාරු උන මුදල් නෝට්ටුවක්
දත්ත වලට අණුව යුධ සිරකරුවන් 5,126 ලංකාවේ පිහිටුවලා තිබුණ එළිමහන් සිරකඳවුරු වල ස්ථාන ගත කරා. දියතලාව, ගල්කිස්ස, රාගම, ඌරගස්මන්හන්දිය, හම්බන්තොට, නුවරඑළිය හා වැලිකඩ ඒ ස්ථාන උනා.
පළමුවන සිරකරුවන් ලංකාවට ගොඩ බැස්සේ 1900 අගෝස්තු 9 වෙනිදායි. ඒ පැමිණි සිරකරුවන් යැව්වේ දියතලාවේ පිහිටි කඳවුරටයි.
දියතලාවේ හිටපු මෙයාලට එක හට් එකක සිරකරුවන් 40ක් පමණ සිටියා. මෙයාලා කෑම්ප් එකේ ඉන්න කාලේ පොත පත මුද්‍රණය කරලා තියෙනවා.
මුද්‍රණය කරපු පත්තරයක්. දියතලාව ඩම් ඩම්
දියතලාව දුම්රිය ස්ථානය
කඳවුරේ අලුත් කුටි ඉදිකිරීම්
අන්තිමට ගොඩ දෙනෙක් කාලයත් එක්කම මියගිහින් තියනවා. සමහරු මේ කෑම්ප් එකෙන් පැනලා ගිහින් රුසියාවට ගියා කියලත් තියනවා. සමහරු රාගම පදිංචි වෙලාලු, හිටපු ලොක්කෙක් යාල වනෝද්‍යානයේ සේවය කරන්න බැඳුනාලු. අන්තිමට මේ කෑම්ප් එකේම කොටසකලු දැනට තියන දියතලාව යුධ හමුදා කඳවුර වෙලා තිබෙන්නේ.

