දියරකුසා: තෝර්ගේ ළිඳ

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    දියරකුසා: තෝර්ගේ ළිඳ

    සොබාදහම අතිශය දක්ෂ විජ්ජාකරුවෙකි. වරෙක එය විසින් ඉර, හඳ, තරු පිළිබඳව පවා මිනිසා නම් ජීවියා තුළ ඇති කළේ අසීමිත කුහුලකි. කාලයක් ඇවෑමෙන් ක්‍රමක්‍රමයෙන් සොබාදහම ගවේශනය කිරී‍මට මිනිසා යොමුවීමත් සමග සොබාදහම ද සිය රහස් එකින් එක අනාවරණය කිරීම ආරම්භ කළේ ය. ඔරිගන් වෙරළ අසබඩ විවේක ගන්නා ඕනෑම සංචාරකයෙකුගේ දෑස් මොහොතකින් යොමුවන්නේ තවත් එවන් විසඳාගත යුතු අභිරහසක් වෙත ය. දැන් ඔබ ඔබේ සියලු ගමන්මලු, බඩු බාහිරාදිය සූදානම් කරගත යුත්තේ සුන්දර ඔරිගන් වෙරළ තීරයේ නිවාඩුවක් ගත කිරීම සඳහා පිටව යාමේ බලාපොරොත්තුවෙනි. එහෙත් ගමන කැඳවාගෙන යාමට පෙර ඔබට සිහිපත් කළ යුතු යමක් ඇත. වෙරළෙහි සුන්දරත්වය පසුපස එක්වරම නොපෙනෙන භයානකත්වයක් පවත්නා බැවින් ඔබ මඳක් පරීක්ෂාකාරී විය යුතුව ඇත.
    ggFna2TLoZE8yXtf_2-%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%20%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%20%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%20%E0%B7%85%E0%B7%92%E0%B6%B3%20%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%20%E0%B6%86%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%20%28Photography%20-%20Nick%20Nieto%20Photography%29.jpg

    සාගරය සන්සුන් දිනෙක තෝර්ගේ ළිඳ දිස්වන ආකාරය (Nick Nieto Photography)ඔරිගන් වෙරළ තීරයට පැමිණ ගිමන් හරින ඔබේ දෑස් තෝර්ගේ විල වෙත යොමු වන්නේ නිරායාසයෙනි. ඒ තුළට අඛණ්ඩව සහ වේගවත්ව ගලා බස්නා මුහුදු දිය දහර කිසි විටෙක නිමාවට පත් නොවන බවත්, තෝර්ගේ අද්භූත විල කිසි කලෙක නොපිරෙන්නක් බවත් මඳ වේලාවකින් ඔබට වැටහෙනු නොඅනුමාන ය. සැබවින්ම එය බියකරු ආගාධයකි. ඒ තුළට ගමන් ගන්නා ජලය ගමන් කරන්නේ කොහේටදැයි ඔබ විසින් මවිතයට පත් වනු නොඅනුමානය. ඇතැමුන් එය හඳුන්වන්නේ “අපායට දොරටුවක්” ලෙසිනි. ඇතැමුන් එය විවර සොරොව් බේසමක් ලෙසත්, පැසිපික් සාගරයේ අපදිය නළය ලෙසත් හඳුන්වයි. ත්‍රාසජනය ඡායාරූපකරණය විෂයයෙහි ඇල්මක් දක්වන්නෙක්ට නම් මෙම ස්ථානය සිය කැමරා කාචයට මහත් සම්පතකි. නමුත් යම් හෙයකින් කුඩා හෝ අතපසුවීමක් සිදුවුවහොත් මෙකී ආගාධයක් විසින් ඇසත්, කැමරා කාචයත් සදහටම සඟවාගනු නොඅනුමාන ය.
    Pq1ySvsQEFKIGgcN_3-%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%20%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B7%99%E0%B7%84%E0%B7%92%20%E0%B6%B8%E0%B6%B1%E0%B7%84%E0%B6%BB%20%E0%B7%80%E0%B6%A7%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%8F%E0%B7%80%20%28Fine%20Art%20America%29.jpg

    තෝර්ගේ ළිඳෙහි මනහර වටපිටාව (Fine Art America)එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයේ යහොට්ස්හි දක්ෂිණ දෙසින් සැතපුම් තුනක් ඔබ්බෙන් පර්පෙචුවා තුඩුව ආශ්‍රිතව පිහිටා තිබෙන තෝර්ගේ විල, රළු බැසෝල්ට් වෙරළ කලාපය තුළ පිහිටා තිබෙන රවුම් භාජනයක හැඩය ගත් කුහරයකි. Coast Explorer සඟරාවෙහි කර්තෘ වන ගැරී හේයස් පවසන්නේ මෙහි සමාරම්භය සිදු වී තිබෙන්නේ මුහුදු ගුහාවක් තුළට දිය රළ නිරන්තරයෙන් කඩාවැදීමත් සමග බව යි. මෙකී මුහුදු ගුහාවෙහි වහලය නිරන්තර රළ ඛාදනය හේතුවෙන් කඩාවැටීමත් සමග මෙය බාහිරට බොහෝ සේ විවර වූ ළිඳක ව්‍යුහය ගත් බව ඔහු දක්වා සිටී. මේ තුළට ගමන් ගන්නා පැසිපික් සාගරයේ සැඩ රළ පහර විසින් එය පිරවෙන බවක් පෙනී ගිය ද, එසැණින්ම මහත් චණ්ඩ විලසින් ඉන් පිටතට දිය විදීමක් සිදු වේ.
    wP9o8dhIDh8gZaAT_4-%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%20%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B6%A7%20%E0%B6%85%E0%B6%A9%E0%B7%92%20%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A%20%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7%20%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%20%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%20%E0%B6%86%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%20%28WltzngMatVan%20-%20WordPress.com%29.jpg

    තෝර්ගේ ළිඳෙන් පිටතට අඩි ගණනක් ඉහළට වතුර විහිදෙන ආකාරය (WltzngMatVan - WordPress.com)තෝර්ගේ විල සැබවින්ම භයංකර ස්ථානයක් ද යන පැනයට පිළිතුරු සපයන ජ්‍යෙෂ්ඨ අඩවි වන නිලධාරිනී විකී පෙන්වෙල් ප්‍රකාශ කර සිටින්නේ එය අනතුරුදායක සහිත ස්ථානයක් වන්නේ පොදු ජනයා විශ්වාස කරන හේතු නිසා නොව, වෙනත් විශේෂිත හේතූන් නිසා බවත්ය.
    AppQgE915TKTAgQ0_5-%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%20%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%99%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%20%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%20%E0%B7%85%E0%B7%92%E0%B6%B3%20%28Mesa%20Verde%20National%20Park%29.jpg

    දිය පිරෙමින් පවතින තෝර්ගේ ළිඳ (Mesa Verde National Park)පෙන්වෙල් පවසන්නේ විවිධ අවස්ථාවන්හි දී මෙකී ස්ථානය නරඹමින් සිටි පුද්ගලයන් වෙත දැවැන්ත, වේගවත් රළ පහරවල් වැදුණු බවයි. මෙකී රළ පහරවල් විසින් එම පුද්ගලයන්ව පොළෝ කුහරය තුළට ඇද නොගන්නා ලද නමුදු, ඔවුන්ව වීසි වී ගොස් ආග්නේය පාෂාණයන්ගෙන් සැකසී තිබෙන දැවැන්ත පරයන්වල හැපී සීරීම්වලටත්, කැපුම් තුවාලවලටත් ලක් වූ බව ඇය පවසයි. අවසාන වශයෙන් පෙන්වෙල් පවසා සිටියේ එය තෝර්ගේ ළි‍ඳෙහි ගැටළුවක් නොවන බවත්, සාගර ක්‍රියාකාරීත්ව‍ය විසින් නිර්මාණය කරන අනතුරක් පමණත් වන බවත් ය. ඔරිගන් වෙරළේ රැඳී හිඳිමින් සයුරෙහි සුන්දරත්වය විඳීන සංචාරකයින් එහි සැඩ පහරට ගොදුරු විය හැකි වේලාව කවරේදැ යි නිශ්චිතව පැවසිය නොහැකි ය. එහෙයින් ඔබ එහි රැඳී සිටිය යුත්තේ මහත් වූ අවධානයෙනි.
    igCbOganAK9EdayT_6-%E0%B6%A2%E0%B6%BD%20%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%20%E0%B6%88%E0%B6%AD%E0%B6%A7%20%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%20%E0%B6%86%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%20%28Judy%27s%20Jetset%20Photo%20Journal%20-%20WordPress.com%29.jpg

    ජල විහිදීම් ඈතට දිස්වන ආකාරය (Judy's Jetset Photo Journal - WordPress.com)කෙසේ නමුත් මිනිසා වූ කලී සහජයෙන්ම විපරම්ශීලී සත්ත්වයෙකි. කුහුල දනවන කාරණාවන් කෙ‍තරම් භයංකර වන්නේදැ යි යන්නවත් නොතකා ඒවා පසුපස හඹායමින් අධ්‍යයනය කිරීමත්, ත්‍රාසජනක අත්දැකීම්වලට මුහුණදීමටත් මිනිසා සහජයෙන්ම ප්‍රිය කරයි. තෝර්ගේ විලෙහි අභ්‍යන්තර ස්වරූපය වඩා හොඳින් දැකබලා ගැනීමට, ඒ වෙත එබෙමින් ඡායාරූපගත කිරීමට මේ අනුව බොහෝ සංචාරකයෝ ඒ වෙත සමීප වෙති. අදාල ප්‍රදේශය පුරා සංචාරක ආකර්ෂණයට බඳුන් වන ස්ථානයන් බොහෝ පැවතිය ද ‍තෝර්ගේ විල ඒ අතරින් වඩාත් විශේෂ වන්නේ ය. ඊට හේතුව වන්නේ එය තරමක් කුතුහලය දනවන ස්ථානයක් වීම යි. මතුපිටින් සෘජුව දිස්වන දෑ අධ්‍යයනය කිරීමට වඩා, අඩ වශයෙන් පෙනෙන නමුදු කොටසක් රහසිගත කරුණු අධ්‍යයනය කිරීමට මිනිසා මහත් අභිරුචියක් දක්වන අතර තෝර්ගේ විල ද ඒ හේතුවෙන්ම සංචාරක ආකර්ෂණය වඩවන ස්ථානයක් බවට පත් වී ඇත.
    tsJix5Pow0BuTHzX_8-%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%20%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%20%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%20%E0%B7%85%E0%B7%92%E0%B6%B3%20%28OrangeSmile.com%29.jpg

    දිය පිරෙන තෝර් ළිඳ (OrangeSmile.com)පතුල නැති කුහරයක් මෙන් පෙනුනත්, තෝර්ගේ විල අඩි විස්සක් පමණක් ගැඹුරු බව හඳුනාගෙන ඇත. මෙහි ක්‍රියාකාරීත්වය වඩාත් දර්ශනීය වන්නේ කුණාටු අවස්ථාවන්හි දී යි. එවිට ළිඳ තුළට ප්‍රචණ්ඩ ලෙස ඇද වැටෙන දිය දහරාවන් ළි‍ඳෙහි පුනීලාකාර මුවෙන් වේගයෙන් පිටතට විදින්නේ මහත් උස් වූ ජල ප්‍රවාහයක් ප්‍රදර්ශනය කරමිනි. එවිට භිතියට පත්වන බොහෝ සංචරතයන් ඈතට දිව යන්නේ කුණාටුව විසින් එකී දියකඳ අතරට තමන්ව ඩැහැගනිතැයි යන සාධාරණ බියෙනි. ලංකාවේ හුම්මානයෙහි ද දක්නට ඇත්තේ තෝර්ගේ ළිඳට සමාන ක්‍රියාකාරීත්වයකි. තෝර්ගේ ළිඳ දිය උරාගනිමින් ද යළිත් දිය පිටකරමින් ද යළිත් උරාගනිමින් ද අඛණ්ඩ ක්‍රියාකාරීත්වයෙහි නියැලෙමින් සිටී. බැලූ බැල්මට පෙනෙන්නේ මෙකී සිදුර විසින් පැසිපික් සාගරය ගිලගන්නා බවකි.
    ClJmXvPUz1kbGTov_9-%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%20%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%20%E0%B7%85%E0%B7%92%E0%B6%B3%E0%B7%99%E0%B7%84%E0%B7%92%20%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%92%20%E0%B6%A2%E0%B6%BD%20%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%20%28The%20Outbound%20Collective%29.jpg

    සන්සුන් තෝර් ළිඳෙහි කෙටි ජල පහරක් (The Outbound Collective)වසර දහස් ගණනකට පෙර නිර්මාණය වූ මෙය ලක්ෂ සංඛ්‍යාත සංචාරකයන්ට ආස්වාදය ගෙන දුන් ස්ථානයකි. මෙහි විචිත්‍රත්වය වඩාත් දිස්වන්නේ පැසිපික් සාගරය ප්‍රචණ්ඩව පවත්නා අවස්ථාවන්හි දී ය. සෙසු අවස්ථාවන්හි දී මින් උරාගෙන පිටතට විහිදුවා හරින දිය පහරවල්වල එතරම් සැඩ බවක් නොපෙනේ. සාගරය චණ්ඩ අවස්ථාවන්වල නම් මින් වේගයෙන් වතුර උරාගනිමින් අනතුරුව එක්වරම අඩි සිය ගණනක් ඉහළට වතුර විහිදුවාල යි.
    අද අපත් සමග මේ චාරිකාවේ යෙදුනු ඔබ දිනෙක සැබැවින්ම එහෙ නොයන්නේ ඇයි?
    gIGfPXRutvIlqaHe_7-%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%20%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1%20%E0%B6%AD%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%20%E0%B7%85%E0%B7%92%E0%B6%B3%20%28Photographic%20Moment%20-%20Blogger%29.jpg

    දිය විහිදුවන තෝර්ගේ ළිඳ (Photographic Moment - Blogger)

    Roar
     

    ksavi1990

    Member
    Jul 24, 2018
    80
    13
    0
    වඩේ වඩේ වඩේ වඩේ වඩේ .......

    ටොපියක් පෙපර්මින්ට් එකක් කඩල පැකට් එකක්... කඩලේ කඩලේ කඩලේ කඩලේ කඩලේ

    rep ++
     
    Last edited: