දියුණු රටවල පුරවැසියෝ දේශපාලනය, ආගම, රැකියාව, ජීවිතය, සංස්කෘතිය නිවස, පවුල හා පරිසරය etc.,සමග "සමාන්තරව" ජීව්ත් වෙති. දියුණු යනු භොතික දියුණුව පමණක්ම නොවේ.
1) දේශපාලන පක්ෂ බදා වැළඳ ගෙන සිටින්නේ නැත. දේශපාලකයින්ට විශේෂ සැලකිල්ලක්ද නැත.දේශපාලනය අන් සියල්ලට ඉහළින් වැජඹෙන දෙයක්ද නොවේ.ඡන්දයක්දී ඒ ඒ පක්ෂ වල ප්‍රතිපත්තී බලා (මේ හැම ප්‍රතිපත්තියක්ම තියෙන්නෙ ජාතික ප්‍රතිපත්තී ඇතුලේ)තමන්ගේ ඡන්දය පාවිච්චි කරයි.
2)තමන්ගේ ආගම තමන් අදහයි.ආගම් අනුව සියල්ල පැහැදිලි කරන්නට යන්නේ නැත.අන් අය තේරුම් නොගත් දෙයක් තමන් ආගම ඔස්සේ තේරුම් ගත් බවට පාරම් බාන්නෙද නැත.අන් අය මත බලෙන් පොවන්නට යන්නේද නැත.තමන්ගේ සියලු කටයුතු වල අඞක එක ආගම කර ගන්නේද නැත.
3)රැකියාව හෘද සාක්ශියට එකඟව සිදු කරයි.එහිදී බොරු නොකරයි. නොකරම බැරි නිසා "සේවය" සපයන තත්ත්වයේ නැත.ජීවත් වන්නේ රැකියාව සඳහද නොවේ.
4)ජීවත්වීම යනු 'මහා ලොකු' දෙයක් කරගෙන..අනිත් අය කපා කොටා හෝ තමන් පමණක් ජීවත් වන මානසිකත්වය නැත.නැතහොත් අඩුය.ජීවිතය සරල දෙයක් ලෙස ගනී.ඒ නිසාම බැඳීම්ද අඩුය.
5)සංස්කෘතිය හා "සමාන්තරව" ජීවත් වෙයි. සංස්කෘතිය තුල බද්ධ වී ඇලී ගැලීමද සංස්කෘතිය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමද අන්ත දෙකකි.
6)පරිසරයේ වැදගත් කම දැනුවත්ය.ඒ ගැන විමසිලිමත්ය.මිනිසා නිසා පරිසරය විනාශ වේ.අනිත් අතින් මිනිසුන් ජීවත් විය යුතුද වේ. එහෙත් එය සමතුලිත කර ගෙන ජීවත් වෙති.
අපි පසුගාමී මේ නිසා නේද
------ Post added on May 11, 2022 at 9:41 AM