පර්මනන්ට් - ෂෝට් ටයිම් පටල බද්ද කරගන්න
මම සෝපාව කෙරෙන් නැඟී සිටියා. ඒ; එහි වාඩිලා විඩාව නිවාගත් බවත් මම දැන නොසිටියා සේ. සැබෑ ලෙසම මම සෝපාවටත් වඩා අකැමැති වුණේ එහි වාඩි වුණාට පසු ඉදිරියෙන් පෙනෙන්ට තිබූ දේවලටය. කොටින්ම කිවහොත් මා ඉදිරියේ වූ වීදුරු අශ්වයාට මම අකැමැතියි. අශ්වයාගේ හිසට ලම්බකව තිබූ වීදුරු ගෝලවලටත් මම අකැමැතියි. ඉදිරියෙන්ම නොවෙයි, පැත්තකට වෙන්න තිබූ සුදු යකඩ කෝට් රඳවනයේ ප්‍රතිබිම්බය තුන් පැත්තකින් පෙනීම පිළිබඳවත් මා සිටියේ නුරුස්සාවෙන්. ඒත් ඇත්තටම මට කරන්න කියල දෙයක්වත්, ක්‍රියාවට නඟන්න විකල්පයක්වත් තිබුණේ නැහැ. පිවිසුම් ස්ථානයේ තිබූ එකම දාරුමය වස්තුව වන සඟරා රඳවනය දෙස මම ඇස යොමු කළේ පැනනැඟ තිබූ නොසන්සුන්කම සන්සුන් බවට හරවා ගැනීමට. එකණෙහිම පිවිසුම් ස්ථානයේ ෙදාර විවර කර තරබාරු මේට්‍රන්වරියක් සෝපාවට බර දමා සිය පළමුවැනියා ඇතුළකට රැගෙන ගියා. මහත කතුන් සාමාන්‍යයෙන් යහපත් පැවැත්මෙන් යුතුයි යන නිගමනයට මා එළැඹියේ තරබාරු මේට්‍රන්වරිය ඉතා ඉක්මනින් ඇතුළට රැගෙන ගියවුන් පිටතට දමන්නට ක්‍රියා කළ නිසා. දැන් මා ඇතුළට යා යුතු මොහොත උදා වෙමින් තිබෙන්නේ.
ඇතුළට යන්න කලින් මෙහෙම ඇතුළුවීමකට මඟ සැකසුණේ කොහොමද යන්න ඔබට කීම සත්පුරුෂවත් වැඩක් කියලයි මම හිතන්නේ. ඒක ඇත්තටම අහම්බයක්. සාමාන්‍ය අති සරල විදියට කිව්වෝතින් පොට පෑදුණේ කෝල් එකකින්. පුවත්පත් පිටු අරුමෝසම් භාණ්ඩයක් බවට පත් කරන කළණ මල්ලි තමයි ෆෝන් එකට ආන්සර් කළේ ෆෝන් එක ඇතුළෙන් හඬවල් දෙකක් ගලාගෙන ආවා. පොඩි මික්ස් ගතියක් තිබුණ නිසා ඇත්තටම මමත් උනන්දු වුණා. සිත්ගන්නාසුලු වගේම සිත කලඹනාසුළු ගතියකුත් ඒ හඬවල අන්තර්ගත වුණා. දැන් මම නිවීහැනහිල්ලේ ඒ ගැන කල්පනා කරනකොට පාදා ගන්න පුළුවන් අදහස් දෙකක් ඒ කටහඬවල ගැබ් වුණා නේද කියල හිතෙනවා.
පිරිමි කටහඬ - පොඩි අයදින ස්වරූපයක් එක්ක රළු පරොලු ගතියක් ගැබ්ව තිබුණා. හැකි ඉක්මනින් උත්තරයක් බලාපොරොත්තු වන ආකාරයත් එක්ක පොඩි කුකුළු කේන්තියකුත් ඒ කටහෙ¾ඩ් තිබුණා.
ගැහැනු කටහඬ - උදාසීනයි ඒ කියන්නෙ; මේ දැන් මගේ විළිබිය සිඳෙයි වගේ තැනක ඒ කටහඬ තිබුණේ. කිසිවක් බාහිර ලෝකයට නොපැවැසීම උත්කෘෂ්ට ගුණාංගයක් ලෙස ඒ කටහඬ අදහස් කළා.
මේ කටහඬවල් දෙක කැළැත්තුණේ පසුබිම සංගීතයක් තිබුණු කාමර පොඩ්ඩක කියලයි මගේ අදහස. බාගදා ඒ සංගීතය ලැප් එකකින් නැත්නම් ටැබ් එකකින් නික්මුණා වෙන්න පුළුවන්. හැබැයි නිච්චියටම කියන්න පුළුවන් සංගීතය පිට වුණේ හෑන්ඩ් ෆෝන් එකකින්නම් නෙවෙයි කියල. යුරෝපීය බැරොක් මුලයන් තිබූ ඒ ශබ්ද රසය විධිමත් සංගීතයේ ව්‍යුත්පත්තියක් කියල හඳුන්වන්න ඇහැකි. මට මේක පොඩි වින්දනීයත්වයක්. පිරිමි කටහඬ මට කිව්වෙ මෙහෙම දෙයක්.
අනේ නැහැ... මිස්ටර්... සොරි. මම ඔයාගේ පාඨකයෙක්. කතා කරන්නේ පානදුරේ ඉඳල. පහු ගිය සතියක පළ වුණු ඇබෝෂන් පෙති දෙක ගැන ලිපිය අපි කියෙව්වා. ඇත්තම කතාව අපිටත් ඒ පෙති දෙකක් ගන්න ඕනෑ. අපි දෙන්නා මාර ප්‍රශ්නයක හිර වෙලා ඉන්නේ. ඒකයි. මොකද මගේ ළමයා ගොඩක් ලස්සනයි. ඒ හින්ද ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කගෙන යන්න බයයි. පුළුවන්නම් මේ උදව්ව කරන්න. අපිට පෙති අරගත්තට පස්සෙ අලුත් ලෝකයක් විවෘත වෙනවා. ඉන්න මම මේක විශ්වාස කරන්න ඔයා අකැමැතිනම් ළමයා අතට ෆෝන් එක දෙන්නම්.
හෙලෝ... සොරි කරදර කළාට. ඔයාට පුළුවන්නම් මේ උදව්ව කරන්න. ඒක අපිට ලොකු උදව්වක්. අපි එක ප්‍රශ්නයක් විස¼ද ගන්න හදද්දි තමයි මේ ප්‍රශ්නය ආවේ. ඒකයි ඔයා නොදන්න කෙනෙක් හින්ද අපි උදවු ඉල්ලමු කියල කල්පනා කළේ. ප්ලීස් අපිට උදවු කරන්න.
මහා සහ චූල සරයන්ගෙන් සමන්විත වුණු ස්වරතාවක් අඩංගු සංගීතය එක පාරම අතුරුදන් වුණා වගේ වුණේ. ඊට පස්සේ කතා කරන්න ගත්තේ පිරිමියා. එයා මට මෙහෙම කිව්ව.
මගේ ළමයාගේ අම්මයි, තාත්තයි ගුරුවරු. ඒ දෙන්න මෝල්ඩියුස්වල වර්ක් කරන්නේ. අපේ වෙඩින් එකට ඒ අය ලබන මාසේ ලංකාවට එනවා. එතකොට ප්‍රෙග්නට් කියල දැනත්තම අපි ලොකු අමාරුවක වැටෙනවා. අනෙක මම කෑගල්ල පැත්තේ ඩොක්ටර් කෙනෙක්ට මෙයාගේ වර්ජින් ටිෂූ එක හදන්නත් ඇඩ්වාන්ස් කරල තියෙන්නේ. ඒ ඩොක්ටර් කිව්වෙ ලොකු ඩැමේජ් එකකට යන්නේ නැතිව කොහොම හරි මේ ප්‍රශ්නය විස¼දාගෙන එයා ගාවට එන්න. සතියක් එයාට ඇති. වැඩේ කරල දෙන්නම් කියල.
මේකත් කරලා ඒකත් කරගන්නද ඉන්නේ වගේ උත්තරයක්ද කොහෙද පවසලා මම දුරකතනය විසන්ධි කළා. දිගින් දිගටම කන්තෝරුවේ දුරකතනය හඬ තැළුවත් මම ඒක කමකට ගත්තේ නැහැ. පිටතින් එන ඇමැතුම්වලට මාව සම්බන්ධ නොකරන්න කියල තිළිණි, වාසනා, හිමේෂා සොහොයුරියන්ටත් කීවා. මුල් පැය ගෙවුණේ සාමාන්‍ය ඇමැතුමකට මම ඇහුම්කම් දුන්නා වගේ. ඊට පස්සේ පැයකින් විතර මට අර ගෑනු කටහඬ ඇහෙන්න ගත්තා. ආයේ ඒකෙන් වැඩක් නැහැ කියල හිතුණේ පසුබිමේ සංගීතය අර යෝදයා නවතා දැමුවා නේද කියල හිතුණට පස්සේ. මම කොහොමත් කන්තෝරුවේදී කාලය ගත කරන්නේ හැබෑවටම කාලය කාදමමින් නිසා මම දන්නවා ආයෙත් මට ඒ ඇමැතුම මතක් වෙනවා කියලා. තව පැයකින් විතර ඒ ගෑනු කටහඬ මට පැවැසුවේ මුසාවක් නොවෙයි කියා සිතුණා.
මොකද කාන්්තා සිත් එක අරමුණකට ඇවිත් කළමනාකරණය වෙද්දී එයට ආවේණික අනමි්‍ය විධිවිධාන තිබෙනවා. ඕනෑම ගෑනු පරාණයක් එක්ක පොඩි හරි පයුරුපාසානමක් පවත්වනවා නම් ඇය හඹා යෑම හෝ ඇයගේ මතය විවාද කිරීමෙන් අගය නොකළ යුතුයි නේද කියන මගේ තර්කයත් මට වද දෙන්න වුණා. තාත්තා පොඩි කාලේ ටොක්කක් අනිනවා වගේ හැඟීමක් ඇති වුණේ ඒ ගෑනු හඬ යටපත් කරපු පිරිමි හඬ (පසුබිම සංගීතයත් තහනම් කරපු) වර්ජින් ටිෂූ එකත් එක්ක කෑගල්ල බද්ධ කළා නේද කියල හිතුණට පස්සේ. දැන් මම හිතන්නෙම කෑගල්ලේ වර්ජින් ටිෂූ එකලස් කරන කර්මාන්ත ශාලාව ගැන. දන්න කියන කෑගල්ලේ නොදන්න කියන මෙහෙව් තැනක් තිබෙන්නට හැකියාවක් නැති නිසා මම ඒ පිළිබඳ හොඳටෝම දන්න කියන පාර්ශ්වයකින් කරුණු විමසන්න තීරණය කළා.
එහෙම තීරණයක් ගන්න ප්‍රධාන වුණු හේතුව තමයි, මේ දෙන්න නැවත කිසිදු විටෙකදී මා නොඅමතන බව හැඟීයෑම.
මම කරුණු විමසපු අෑයෝ කෑගල්ල පිළිබඳ සුරක්ෂිතාගාර සේවකයන් කියල මම හිතාගෙන හිටිහැටි වැරදියි කියල තේරුම් ගන්න හැකි වුණෙත් එකකට එකක් නොපෑහෙන උත්තර ගලා එන්න ගත්තට පස්සේ. එහෙම ලැබෙන උත්තර මනස් කෝවට දාලා කලත්තලා බලන එක මගේ පුරුද්දක්. සැබෑවටම සිදු වුණේ මට කිසිවක් පහදාගන්න බැරිව තව තවත් කෝව අවපැහැති වීම පමණයි. කුමක් කළ යුතු දැයි සිතමින් සිටින විටදී තමයි මට ඇයව සිහි වුණේ. ඇයගේ රැකියාව අනුව මම ඇය නොපිළිගනීවි. නමුත් මම ඇයව බොහෝම වටිනා එකියක ලෙස පිළිගනු ලබනවා. නමුත්; මට විශ්වාසයි ඇයගේ රැකියාවේ ස්වරූපය එක්ක ඇයට මා හට අන් අයට වඩා උදව්වක් කළහැකි යැයි ඔබ පිළිගන්නවා කියා. කොටින්ම, සමාජය භාවිත කරන වචනාවලිය සමඟ ගතහොත් ඇය ගණිකාවක්. නමුත් වීදි සරන්නියකගේ ලෙවල් එක ඇය අතික්‍රමණය කර ඇත්තේ රැකියාවට බට මුල් අවස්ථාවේදීම. ඒ අතින් ගත්තොත් ඇය නිවැරැදිව ජීවිකාව උදෙසා රැකියාවක් කරන්නියක්. මම ඇයට සියලු විස්තර සවිස්තර කළා.
බාගදා මේක විකාර කතාවක් වෙන්න පුළුවන්. ඒත්, ඒ තීන්දුව නරකම එකක් වුණත් ඒ මොහොතේ ඇය පිළිබඳ තිබූ මිහිරි අභිමානයට මාත් නතු වුණා කිව්වොතින් එය නිවැරැදියි. ඇය යම් වටිනාකමක් ප්‍රදර්ශනය කරමින් මා හට උත්තර බැන්දා. මට හිතුණේ් ඇය වහ වහා පස් ගුණයකින් විතර මිත්‍ර වූවා කියා. එය මිත්‍රකමට වඩා සතුටට පත් වීමක්. නමුත් මා ඇත්තටම අදහස් කළේ එහෙම නැත්නම් බලාපොරොත්තු වුණේ එයමදැයි කියන අවිශ්වාසය ඇතිවී තිබුණා. ඇය සිටින්නේ පාපය පිළිබඳ එසේත්් නොමැති නම් වරදේ බැඳී පිළිබඳ වික්ෂිප්තව. එය මා හොඳින් දන්නවා. එවැනි විටකදී ඇය බොරු තොරතුරු ලබා දිය හැකියි. මා ඒ පිළිබඳ කල්පනාකාරී වුණා. සියයට සියයක්ම ඇය මෙම පටල සැකසුම වරදක් ලෙස දකින්නැති නිසා බියට පත් වීමට අවශ්‍යතාවක් නැතැයි සිතා මම සිත එකලස් කර ගත්තා.
වෛද්‍යවරයා කරා මා ඇය රැගෙන ගියා. ඒ තවත් පාර්ශ්ව ගණනාවකගේ මැදිහත් වීමෙන්. ඇය පිළිබඳ මා දන්නා වුවත් ඔවුන් පිළිබඳ නොදන්නා නිසා ඒ පිළිබඳ ඉඟි සැපයිය නොහැකියි. (ඇත්තටම කතාව මේකයි! දැන් අපි පත්තරකාරයෝ කියලා දැනගෙන මිනිස්සු උදවු කරනවානේ. එතකොට ඒ අය ඇත්තටම තමන් තුළ ජීවත් වෙමින් තමයි උදවු කරන්නෙ. කතාව අපි ලිව්වාට පස්සේ ඒ අයත් ඕක කියවනවා. කියවපු ගමන් පසු ආවර්ථිතව මේක ගැන හිතන්න ගන්නවා. ලංකාවේ හැමෝම දෙබිඩියෝ නිසා, ඇත්ත පුද්ගලයාට පත්තරය බලපු දෙබිඩියා අභියෝග කරනවා! ඒ මෙන්න මෙහෙම. කෙළෝගත්තා නේද? එතකොට වෙන්නේ නුරුස්සනාව, හෑන්ඩ් ෆෝන් එකෙන් අම්මගේ පළු ඇරීම. සීමිත ලෙස කර්තෘවරයා අමතා දුක්ගැනවිලි පැවැසීම වගේ දේවල්) ඒ අත්දැකීම් පිළිබඳ අතීතය අවුරුදු 3කට නොවැඩි නිසා අවශේෂ අෑයෝ දුන් සහයෝගයට පින් අත්කර දෙමින් මම ඔබව කතාවේ මුල සිට කෙළින්ම වෛද්‍යවරයා වෙත රැගෙන යන්නම්.
ඔව් මට පුළුවන්. කිසිම අවුලක් වෙන්නේ නැහැ. අනික මේවා නීතියෙන් තහනම් කරපු ක්‍රියාවක් නෙවෙයි. තහනමක් නැති තහංචියක් තියෙන්නේ සමාජයෙන්. අනික අපි විද්‍යාත්මකව මේ ප්‍රශ්නය තේරුම් ගත්තොත් උපතින්ම කන්‍යා පටලය පිහිටන්නේ නැති අය ඉන්නවා. එහෙම පිහිටලා තිබුණත් ඒවා කැඩිලා යන්නේ නැති ළමයි ඉන්නවා. තවත් ළමයි ඉන්නවා පුංචි කාලේ නොනිසි ක්‍රියාවන් නොවෙන හේතුවකින් කන්‍යා පටලය හානි සිදු වුණු. ඒ හින්දා මම කරන්නේ එක අතකින් සමාජ සත්කාරයක්. මට එළියට ඇවිත් මේක ඩිවොලොප් කරන්න බැරි සමාජ ආකල්ප දියුණු නැති නිසා. එතකොට වෙන්නේ උණට හෙම්බිරිස්සාටවත් බෙහෙත් ගන්න ගෑනු ළමයෙක්වත් මම ගාවට එන්න බය වෙන එක. මට තියෙන ප්‍රශ්නය ඒ පරිසරය ඇතුළේ කොටු වුණු එකක්. ඇත්තටම ප්‍රශ්න තියෙන්නේ සමාජයට. ඒත් ඒකෙන් අපහසුතාවට ලක් වෙන්නේ මම. මගේ වෘත්තිය.
මම මේ වැඩේ ක්‍රම දෙකකට කරනවා. එකක් ජර්මනිය විදියට. අනික ෂෝට් පීරියඩ් එකකට. ෂෝට් පීරියඩ් එකක් කියන්නේ සාමාන්‍යයෙන් මාස 3-4ක් වගේ. පළමුවැනි එක ගැන අපි කතා කරමු. පර්මනන්ට් විදියට මේක කරන්න පුළුවන් අවුරුදු 20ට අඩු ළමයින්ගේ. ඒක ඒ අය ගත කරපු ජීවිතයත් එක්ක බද්ධ වුණ එකක්. ඒ කියන්නේ මොනව හරි ක්‍රමයකින් කන්‍යා පටලයට හානි වුණොත් ඒ හානිය දිගටම එයා පවත්වාගෙන යනවා නම් එතැනදී සුරක්ෂිත විදියට ඒ කියන්නේ දීර්ඝකාලීනව ප්‍රතිඵලදාක විදියට කන්‍යා පටලය නැවත සකස් කරන්න හැකියාව තියෙනවද කියන ගැටලුව මතුවෙනවා. තවත් විදියට සරලව කිව්වොත් දරුවෙක් ප්‍රසූත කළ තැනැත්තියකට නැවත කන්‍යා පටලය සකස් කළ නොහැකිය යන්න තමයි එහි සරල අදහස. සුරක්ෂිත විදියට සකසන්න, සකසා ගන්න කැමැත්තක් දක්වන තැනැත්තිය සමඟ ප්‍රථමව කතා බහ කළ යුතුයි. ඇයගෙන් හානිය සිදුවූ ආකාරය පිළිබඳ දැනුමක් නැවතත් ලබා ගත යුතුයි. සාමාන්‍යයෙන් මෙවැනි විද්‍යාත්මකව කන්‍යා පටල හානිය කියන්නේ ස්වාභාවිකව පිහිටි පටලයක් සිදුරු වීම. අපි නැවත සැකසීම මඟින් සිදු කරන්නේ සිදුරු අවම මට්ටමකට රැගෙන එන එක. ඒකයි පර්මනන්ට් විදියට පටලය නැවත සකසන්න වෙද්දි පසු ගිය අතීත සිදුවීම්වල වැදගත්කම වටින්නේ. මේ විදියට ගොඩක් පටල සැකසුම කරගන්නේ අඩු වයසේ දරුවෝ. පෙළක් දරුවෝ ඒ අයට සිද්ධ වුණෙත් මොකක්ද කියන එක දන්නේ නැහැ. මම ප්‍රශ්න කරන්නේ නැහැ. ඒත් මවුපියන්ට සිදු වුණු දෙය දරුවන්ට බලපාන එක මේ පටල සැකැස්මෙන් විතරක් වහන්න බැරිය කියන එක මම ඒත්තු ගන්නනවා.
දෙවැනි ක්‍රමය තාවකාලිකයි. ඒකත් දැන් ජනප්‍රියයි. ලංකාවේ දිලිසෙන තරු ගොඩ දෙනෙක් මම ගාවට ඇවිත් මේ විදියට තාවකාලික පටල සැකැස්ම කර ගන්නවා. එහෙම තාවකාලික සැකැස්ම කරගෙන විවාහ වෙලා නැවත වරක් ඇවිත් සැකැස්ම කරගෙන දෙවැනි පාරටත් විවාහ වුණු අය ඉන්නවා. මම හිතන්නේ එතැනයි මේ ප්‍රශ්නය හරියටම ප්ලේස් වෙන්නේ කියලා. මම ඒකට විරුද්ධයි. ඒත් මට ඒක නොකර බැහැ. ඔය සදාචාරය, සංස්කෘතිය කියන එක හරියට විකිණෙන්නේ එතැනදී. කෙටි කාලීන පටල සැකැස්ම කියන්නේ සරලව කිව්වොත් මේ කාන්තාව කන්‍යාවියක් කියල පිටත පුද්ගලයන්ට ඔප්පු කරන එකනේ. ඒක දෙපාරකට වැඩිය කරගත්ත අය ඉන්නවා.
එතකොට ඒ අයගේ මූලික අරමුණ වෙන්නේ සමාජයම නෙවෙයි. මම හිතන විදියට තනි පුද්ගලයෙක්. නමුත් මේක අසීරු ක්‍රියාවලියක්. මොකද ඒ විදියට රැවටීමකට ලක් කරන පුද්ගලයා කවුරුන්ද? එයාගේ සමහර සමාජ මට්ටම මොකක්ද කියන එක එතැනදි වැදගත් වෙනවා. එදිනෙදා කම්කරුවෙක් මෙම කාන්තාව හමුවිය හැකිය. ව්‍යාපාරිකයෙක්, දේශපාලනඥයෙක්, එහෙමත් නැත්නම් පරිපාලන නිලධාරියෙක්ට මෙම කාන්තාව හමුවිය හැකියි. අන්න එතැනයි වැදගත්ම දෙය රැඳිලා තියෙන්නේ. ලංකාවේ උදාහරණවලට ගියොත් ප්‍රශ්න ඇතිවෙන හින්දා මම මැරලින් මොන්රෝව උදාහරණයට ගන්නම්. මැරලින් එනවා මම ගාවට, ඇවිත් පටල සැකැස්ම සිදුකර ගන්නවා. එයා එක් අයෙක්ට තමන් කන්‍යාවියක් කියලා ඔප්පු කරනවා. ඒක සමාජය පිළිගන්නවාද? නැහැ. කෙටි කාලීනව ක්‍රියාවලියේ ඇත්ත කතාව ඒක. ඒත් මෙතැනදි පොඩි මෙන්ටලි කේස් එකක් තියෙනවා. ලංකාවේ ගොඩක් ගෑනු උදවිය පත්තිනි අම්මලා වගේ හැසිරෙන්න ගන්නවා. ඒ අයගේ ඇත්ත ජීවිතය එහෙම නෑ. එහෙම නැතැයි කියලා උපකල්පනය කරපු ගෑනු කෙනෙක් පිරිමියෙක් එක්ක නිදිවදින්න ගියාම, ඒ ගෑනු කෙනා ඔප්පු කළොත් මම ඔයා හිතපු කෙනා නෙවෙයි කියලා. එතැන ඉඳලා පටන් ගන්නේ මෙන්ටල් කේස් එකක්. ඒක ගෑනු හරියටම දන්නවා. මමත් දන්නවා ඒක එයාලා දන්නවා කියලා. මට අදාළ නැහැ.
ලංකාවේ මොන ප්‍රජාතන්ත්‍රවාදියා, භෞතිකවාදියා, නිදහස් ලිබරල් අදහස් ඇත්ත වුණොත් තමන් කසාද බඳින ගැහැනිගේ නොඉඳුල් බව හොයනවා. එච්චරයි. මම කෑගල්ලේ මේ වැඩේ කරන හින්දා කීයක් හරි හොයා ගන්නවා. ඇමෙරිකාවේ වගේ කරන්න ගියොත් වෙන්නේ පාර්ට් ටයිම් පෙට්රල් ෂෙඩ් එකක තෙල් ගහන්න.
ඔහු සමඟ මට එකඟ විය හැකියි. එලෙස පිළි නොගන්නේ ඔහු මැරලින් අෑ¼දා ගත් උදාහරණයට. මැරලින් කියන්නේ ඇතුළතින් දැවි දැවී අන් අයවලුත් සිසිල් කළ කාන්තාවක්. මැරලින් පිළිබඳ මගේ කියවීම එලෙසයි. කොහොම නමුත් මම එක් කෙළවරකට පැමිණියා ඒ පිළිබඳව මට සැබෑ ලෙස සතුටුයි. සතුටට හේතුව මනුෂ්‍යයා කියන ජීවියා සෑම විටම සමතුලිතතාවක් පිළිබඳ සිත් තැවුලෙන් සිටිනවා යැයි මා ඇඳිනීම. ඔන්න දැන් ඒ සමතුලිතතාව බිඳී ගියා. මට මතක් වුණා පෙති දෙක ඉල්ලා ලැබුණු ඇමතුම. සමාවෙන්න මට උදවු කළ නොහැකියි! ඒ වගේම පටල බද්ධයකට සහාය ඉල්ලා නැවත ඇමැතුම් ලබා දෙන්න එපා. මොකද මමත් සමතුලිතතාව ඇතුළේ ජීවත් වෙන්න උත්සාහ දරන්නෙක්.