දියෙන්_ගොඩට_පැන_කුරුල්ලන්_අල්ලන_ප‍්‍රංශය

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
දියෙන්_ගොඩට_පැන_කුරුල්ලන්_අල්ලන_ප‍්‍රංශය

‘දියෙන් ගොඩට ගත් මසකු සේ’ කියා කියමනක් අප අතර තියෙනවා. එයින් අදහස් කෙරෙන්නේ පුරුදු පරිසරයෙන් නුහුරු තැනකට පත් වූ අයකු මුහුණ පාන අසීරු ස්වභාවයයි. උම්මග්ග ජාතකයේ තියෙනවා, ‘ගී‍්‍රෂ්ම කාලයෙහි දියෙන් ගොඩට ගෙන අව්වෙහිලූ මසකු මෙන්’ කියා කියමනක් තියෙනවා. ඉංගිරිසි කියමනක් තියෙනවා, ‘අ ෆිෂ් අවුට් ඔෆ් වෝටර්’ කියා. මේ සියල්ලෙන් ම කියවෙන්නේ එකම අරුත මයි. ඒත් ප‍්‍රංශයේ දී මේ කියමන වෙනස් කරන්න සිදුවෙලා තියෙනවා, මේ ළඟදි පළ කළ විද්‍යාත්මක වාර්තාවක් නිසා.
wDGpc.jpg

මේ අරුත් වෙනස් කළේ ප‍්‍රංශ අංකුට්ටෙක්! ඌට පරිසරය වෙනස් වුනත් ගොඩබිමට එන එකේ අසීරුවක් නැහැ. ගං ජලයේ ඉවුර අසල රැක සිට අපූරුවට ගොඩබිමට පිම්මක් පැන කුරුල්ලකු ඩැහැ ගෙන ආපසු දියට පනිනවා!
පසුගිය සතියේ පළ කෙරුණු මේ පිළිබඳ අධ්‍යයන වාර්තාවකින් හෙළිදරවු වුණා, අංකුට්ටන පරවියන් දඩයම් කරන හැටි!

සීමා වූ පරිසර පද්ධතියක් තුළ වෙසෙන මේ මසුන් කිසිදු අපහසුවක් නැතිව කුරුල්ලන් අල්ලන හැටි මේ අධ්‍යයනය කළ අය විසින් විඩියෝ කර තිබෙනවා.

නිරිතදිග ප‍්‍රංශයේ ටාං ගෙඟ් වෙසෙන මේ අංකුට්ටන් විශේෂය කිසිම අපහසුවක් නැතිව දියෙන් ගොඩට පැන කුරුල්ලකු අල්ලා ගෙන ආපසු ගඟට පැන කිසිම අපහසුවක් නැතිව ගිල දමනවා.

මේක ටිකක් නුහුරු හැසිරීමක්. මුහුදු ක්ෂීරපායීන් නම් වෙරළට ඇවිත් ගොදුරක් ඩැහැ ගැනීම කරනවා. කිඹුලන් වැනි උරගයන් නම් ගඟක ජීවත්වෙමින් දිය අද්දරට විත් ගොඩබිම සිටින ගොදුරක් ඩැහැ ගැනීම සාමාන්‍යයෙන් සිදු වන්නක්. පළමු වැනි වතාවටයි, සත්ව විද්‍යාඥයන් මෙවැන්නක් නිරීක්ෂණ කරලා තියෙන්නෙ.

ජලාශවල හෝ ගංගා පත්ලවල හෝ ජීවත් වන අංකුට්ටන් හෙවත් ‘බළල් මසුන්’ අයත් වන්නේ සිලූරිෆෝම්ස් (Siluriformes) නම් ගෝත‍්‍රයටයි. ඊට මසුන් විශේෂ 2500ක් පමණ අයත් වෙනවා. මුව වටා අංකුට හෙවත් රැවුල් ගස් (barbels) ඇති කටු සහිත මසුන් විශේෂ තමයි මේ ගණයට වැටෙන්නේ. අංකුට්ටා, අඟුළුවා, වලයා මඟුරා, හුංගා ආදී අංකුට්ටන් වර්ග ශී‍්‍ර ලංකාවේ දක්නට අංකුට්ටන්ට නිදසුන් ලෙස දක්වන්න පුළුවන්. මිරිදිය අංකුට්ටන් ඉක්ටලූරිඬේ (Ictaluridae) කුලයට අයත් වෙන අතර කරදිය අංකුට්ටන් ඇරිඬේ (Arridae) නම් කුලයට අයත් වෙනවා. උන් විශාලත්වයෙන් විවිධයි. දිගින් සෙ.මී. 4 -450ක් තරම් වෙනස් වෙන්න පුළුවන්.

ප‍්‍රංශයේ ටූලූසි විශ්ව විද්‍යාලයේ සත්වවේදීන් පිරිසක් තමයි, මේ අංකුට්ටන් නිරීක්ෂණය කරලා තියෙන්නේ. මේ වර්ගයේ අංකුට්ටකු සෙ.මී. 100ත් 150ත් අතර ප‍්‍රමාණයකට විශාල වෙනවා. යුරෝපයේ වෙසෙන මේ අංකුට්ටන් ඒ මහාද්වීපයේ වෙසෙන ලොකුම මිරිදිය අංකුට්ටන් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒත් ලෝකයේ ඔවුන්ට හිමි වන්නේ විශාලත්වයෙන් තුන් වැනි තැනයි.

බොහොමයක් අංකුට්ටන් ගං පත්ලේ හා ජලාශ පත්ලේ ආහාර සොයා ගෙනයි, ජීවත්වන්නේ. ඔවුන් ආහාර ලෙස ගන්නේ ජලජ ශාක, වෙනත් මසුන්, දිරා යන ශාක වර්ග, මාළු බිත්තර, පොකිරිස්සන්, ගොළුබෙල්ලන්, දිය මකුණන් හා කාප් වර්ගයේ කුඩා මසුන් වර්ගයි.

ප‍්‍රංශයේ ටාං ගංගාවට මේ අංකුට්ටන් හඳුන්වා දී ඇත්තේ අසූවේ දශකයේ මුල හරියේදියි. මේ නව පරිසරයට හැඩ ගැසුණු මේ මසුන් මේ ඔවුන්ගේ ස්වාභාවික හැසිරීම් රටාවත් නව පරිසරයට උචිත ලෙස හැඩ ගස්වා ගෙන තිබෙන බවයි, පෙනෙන්නේ.

මේ අංකුට්ටන් නිරීක්ෂණය කිරීමට පර්යේෂකයන් පිරිස මාස පහක පමණ කාලයක් ගත කළා. ටාං ගංගාවෙන් විහිදුණු අත්තක් හරහා කුඩා බොරලූ සහිත දූවකට දැමූ පාලමක් මත සිටයි, මේ නිරීක්ෂණය කර ඇත්තේ. ප‍්‍රංශයේ ටූලූස් නගරයට නිරිතදිගින් සැතැපුම් 50ක් පමණ දුරින් ඇල්බි නම් පුරාණ නගරයේ තමයි, මේ ස්ථානය පිහිටා තිබෙන්නේ.
ඔවුන් මේ අංකුට්ටන්ගේ ඉවුර අද්දරට දඩයම් සඳහා පැමිණීම් 54ක් නිරීක්ෂණ කළා. එයින් සාර්ථක ලෙස අංකුට්ටන් දඩයමේ යෙදුණු ප‍්‍රතිශතය සියයට 28ක් ලෙස ඔවුන් ගණනය කර තියෙනවා.

මෙසේ දඩයම් පිණිස දිය අද්දරට විත් කුරුල්ලන්ට කුරුමානම් අල්ලන අංකුට්ටකුට කුරුල්ලකු ඩැහැ ගන්නට ගත වන්නේ තත්පරයටත් අඩු කාලයක්. මේ කාලය කිසි විටෙකත් තත්පර හතරක් ඉක්මවා නැහැ. මෙයින් සියයට 40කටත් වැඩි වාර ගණනක් ඔවුන්ගේ සිරුරෙන් අඩකටත් වඩා ජලයෙන් නිරාවරණය වී ගොඩබිම දෙසට ඇදී තිබුණා.

මේ අධ්‍යයනයේ දී හෙළි වූ තවත් වැදගත් කරුණක් වන්නේ මේ අංකුට්ටන් ඉලක්කය ගන්නේ කුරල්ලා හරියටම දැකලා නොවන බවයි. වෙරළේ එහා මෙහා යන පරවියන්ගේ චලනයන් ජලයේ නැෙඟන තරංග අතරින් හඳුනා ගෙන ක්ෂණිව ඉලක්කයට පැන අල්ලා ගන්නා හැටි අතිශයින් විස්මයජනකයි.
kU0ui.jpg

අංකුට්ටා (Cat fish) මේ නිසොල්මනේ බලා ඉන්නේ පරවියා තවත් ළං වනතුරුයි.
otYSE.jpg

නිරිතදිග ප‍්‍රංශයේ ටාං ගෙඟ් වෙසෙන මේ අංකුට්ටා එක්වරම පැන ගං ඉවුරේ ඇහිඳ කන පරවියකු ඩැහැගත් අන්දම.
NLoob.jpg

මේ පින්තූර ගන්න අංකුට්ටාගේ මේ ගොදුරු බිමේ, ටාං ගංගාව හරහා දැමූ පාල මක් මත මෙම පර්යේෂකයන් මාස පහක කාලයක් ගත කළා.
5.jpg
තමන් සුරක්ෂිතයි කියා දැන ගත්තාමයි අංකුට්ටා ගොදුර වෙතට ජලයෙන් කඩා පනින්නේ. මේ එවැනි අවස්ථාවක්.
6.jpg
සිරුරෙන් අඩකටත් වඩා ජලයෙන් පිටතට විහිදුවා පනිමින් අල්ලා ගන්න ගොදුර කටින් ගෙන අංකුට්ටා සැණෙන් ආපසු පනිනවා.
7.jpg
මුහුදේ ක්ෂීපායීන් නම් වෙරළට විත් ගොඩබිම සතුන් අල්ලා ගන්නවා. ඒත් අංකුට්ටන් වැනි මසුන් අතර මෙවැනි දඩයම් ක‍්‍රමයක් තිබීම හරිම අපූරු දෙයක්.


මේ පිළිබඳ විද්‍යාත්මක වාර්තාව අන්තර් ජාලයේ ඇති ‘ප්ලොස් වන්’ (PLoS ONE) නමින් හැඳින්වෙන විවෘත විද්‍යා ජර්නලයෙන් දැක ගන්න පුළුවන්.
ගත්තේ ''මල් කැකුළු'' එකෙන් ............
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මේ විශේස නිවේදනය TM ජයරත්නගේ දෙගොඩතලා ගග ගලා යන ගීතය ගායන කරමින් හෝ විජය කුමරනතුගයන්ගේ ගග අද්දර මා ගීතය ගයමින් තම පෙම්වතියන් සමග ජලාශ අසල ගැවසෙන පෙම්වතුන්ටයි.. උබලගේ බටු ගෙඩි තරම් කෙලි පොඩ්ඩියෝ කැට් ෆිශ්ගෙන් පරිස්සම් කරගනිල්ලා...
 
  • Like
Reactions: smother

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
un koheda ban godata paninne.. anika un allana okkoma kurullo panala yanawa.. :lol::lol:
හරි බන් , හැම කුරුල්ලම අත් ඇරෙන්නේ නැතුව ඇති

මේ විශේස නිවේදනය TM ජයරත්නගේ දෙගොඩතලා ගග ගලා යන ගීතය ගායන කරමින් හෝ විජය කුමරනතුගයන්ගේ ගග අද්දර මා ගීතය ගයමින් තම පෙම්වතියන් සමග ජලාශ අසල ගැවසෙන පෙම්වතුන්ටයි.. උබලගේ බටු ගෙඩි තරම් කෙලි පොඩ්ඩියෝ කැට් ෆිශ්ගෙන් පරිස්සම් කරගනිල්ලා...
තැන්ක්ස්
තැන්ක්ස්
 

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මේ විශේස නිවේදනය TM ජයරත්නගේ දෙගොඩතලා ගග ගලා යන ගීතය ගායන කරමින් හෝ විජය කුමරනතුගයන්ගේ ගග අද්දර මා ගීතය ගයමින් තම පෙම්වතියන් සමග ජලාශ අසල ගැවසෙන පෙම්වතුන්ටයි.. උබලගේ බටු ගෙඩි තරම් කෙලි පොඩ්ඩියෝ කැට් ෆිශ්ගෙන් පරිස්සම් කරගනිල්ලා...

    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: HondaMPLG

    Similar threads