දිරිය මිනිස්සු

ts199119s

Member
Oct 1, 2012
465
17
0
දිරිය මිනිස්සු

මචන්ලා මට හෙල්පක් ඔන..
ලන්කාවෙ ගොඩක් ප්‍රසිද්ද තමන්ගෙ ජීවිතය බින්දුවෙන් පටන් අරන් ඉහලටම ගිය කෙනෙක් ගැන සින්හලෙන් විස්තර තියෙන ආටිකල් එකක් හොයාගන්න ඔන.. මැලිබන් මුදලාලි වගෙ කෙනෙක් ගැන.. මම නෙට් එකෙ සර්ච් කරා මචන් මට හොයගන්න බෑ.. :(
පුලුවන් එකෙක් මට හෙල්ප් කරපල්ල..
බම්ප් එකක් හරි දාගෙන යමල්ලා..
 
kavindagna

Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    නවලෝක මුදලාලි වූ සුල්තානගොඩ කළු මහත්තයා
    මාතර සුල්තානාගොඩ මෙගොඩවත්තේ මහගෙදර විසූ ජන්ජීරිස් උන්නැහේ මහා ලොකු ධනපතියෙක් නොවේ. ගණන් කාරයෙක් ද නොවේ. ගමට ආලෝකයක් වූ ගමේ පුංචි මිනිසුන්ගේ හිතවතෙකු පමණි. මහගෙදර ජන්ජීරිස් අවසන් හුස්ම හෙලූ දා ගමේ පන්සලේ වැඩ සිටි පරදුවේ සෝභිත ලොකු හාමුදුරුවන්ගේ මුවින් ගිලිහුනේ ගමටම සෙවණ දුන් මහනුගෙත් එහෙනම් ඇද වැටුණා යන්නය.

    මහනුගේ යට සරුවට වැඩෙමින් තිබුණ මුල මැද අරටු සහිත කළුවර ගහ සෝභිත හාමුදුරුවන් නොදුටුවා නොවේ. තාත්තා ජන්ජීරිස් තමන්ගේ පුත් කලු මහත්තයා ගැන තැබූ බලාපොරොත්තු සහ ප්‍රාර්ථනා වචන දෙක තුනකින් කියා සිටියේ මෙසේය. “කළු එකා තැනකට ඒවි” යන්න යි.

    පියාගේ සොහොන තනිකර දමා සියලු දෙනා නිවෙස් කරා යද්දී කලු මහත්තයා සොහොන ළග මොහොතක් බලා සිටියේය. ඔහුගේ තනියට සිරිදාස සිටියේය. තාත්තාගේ සොහොන දෙස බලාගෙන කළු මහත්තයා කිසියම් අධිෂ්ඨානයක් කළේය. ඒ අධිෂ්ඨානය දැන සිටියේ ඔහු පමණි.

    එහෙත් අධිෂ්ඨානයේ ප්‍රතිඵල අද සියල්ලෝම දනිති. තාත්තා වගා කළ කෙසෙල් පඳුරු, කොස් පැළ, පොල් වගාව, පල බරින් පිරී තිබෙනු කළු මහත්තයා දුටුවේය. තමන්ගේ දරු පැටවුන් ට දොවාගත් කිරි ටික රත්කර පොවන්නට ඇතිකළ කිරිදෙනුන් වත්තේ තැනින් තැන දිගේළි කර සිටිනු ඔහු දුටුවේය. ඒ සියල්ල තාත්තාගේ නමින් අම්මාට ඉතිරි කර ගිය මහා සම්පතක් ලෙස කළුමහත්තයා දුටුවේය. කළු මහත්තයා අවසන් තීරණයට එළඹියේය. පලින් පළ දමා තිබුණු කාසි එකතු කර ගෙන රුපියලක් ඉනේ රුවාගත් කළු මහත්තයා කොළඹ යන්නට තීරණය කළේ ය. ඔහුගේ ඉලක්කය වූයේ කොළඹ සහ අවට ප්‍රදේශ වල බිස්නස් කරන මුදලාලිලා දෙතුන් දෙනෙකි.

    කාසි ටික ඉනේ රුවාගෙන ඇඳුම් කැඩුම් දෙක තුනක් බෑගයේ දමාගෙන කලු මහත්තයා කොළඹ යන එකම බස් රියට ගොඩ වැදුණේ අම්මාගේ සෙනෙහසත් තාත්තාගෙන් ලැබුණ අවංකකම, මනුස්සකම හා හැදිච්චකම හදවතේ පොදි බැඳගෙනය. මේ සියල්ලටම වඩා දෙමාපියන්ගෙන් ගමේ පන්සලෙන් හා පාසලෙන් ලබාගත් ශික්‍ෂණය විනය ගරුක බව පහේ පන්තිය දක්වා ඉගෙන ගත් කළු මහත්තයා සතුව තිබුණේ කිසිදාක අමතක නොවන ආකාරයටය.

    ගමෙන් කොළඹ ගොස් ගෙන්දගම් පොළොව පාගන සමහරු මෙන් ධනපතිකම ආඩම්බරකම සහ උද්දච්චකමින් ඔලුව නරක් කර ගන්නට මේ කලු මහත්තයා මෝඩ නොවූයේ ගමේ පන්සලෙන් සහ පාසලෙන් උගත් ගුණාංග කිහිපයක් නිසා ය.

    සුල්තානාගොඩ ජන්ජිරිස් උන්නැහේගේ පුත් කළු මහත්තයා කොළඹ අවුත් ධර්මදාස මුදලාලි බවට පත් වූ හැටිත් ඉන් පසු ඔහු ව්‍යාපාරික ලෝකයේ හිනිපෙත්තටම සාධාරණව ගොඩවූ හැටිත් ලියන්නට කියන්නට බණ්ඩාර ඇහැලියගොඩ ලවා තවත් පොත් දහයක් පහළොවක් ලියවා ගතයුතුය. ධර්මදාස මුදලාලිගේ සෙවෙණේ වැඩුන තවත් කළුවර පැලෑටි වල අතු ඉති පැතිර ගියේ සාමාන්‍ය මිනිසුන්ගේ පෙර වාසනාවටය. ජයන්තත් උපාලිත් අද පියාගේ අඩි පාරේ යමින් චාම් දිවි පෙවෙතක් ගත කරන සාධාරණ මිනිස්සු වෙති.

    තාත්තාගේ ජීවිතය වසර 92 කට පසුව තවදුරටත් ජීවත් කරන්නට ලෝකයේ සිටින දක්‍ෂම ජීවකයා ගෙන්වීමට පුලුවන්නම් එය අනිවාර්යයෙන්ම කරනු ඇත. තම පියා ජීවත් කරවන්නට නවලෝක රෝහල වැනි රෝහල් ඉදිකරන්නට අවශ්‍ය නම් එයද ඉටු කරනු ඇත. කෙසේ හෝ රුපියල් කාසි ස්වල්පයක් ඉනේ රුවාගෙන කොළඹට පැමිණ මහා ධනපතියකු දානපතියෙකු වූ සම්මානලාභී ධර්මදාස මුදලාලි අපෙන් සමුගෙන ගියේ සතයක්වත් නැතිවය. ලැබුණු සම්මාන ද පදිංචි වූ නිවසේ තබලාය. එහෙත් ඔහු විසින් ගොඩනැගූ සියලු ව්‍යාපාර ඔහුගේ නමින්ම සිහිවටන සේ ආරක්ෂා කළ යුතුය. ඔහු ඉතිරි කළ ධනය ලක්‍ෂ කෝටි ගණන් විය. ඔහු නැති බැරි අයට බෙදා දුන් ධනය ඊටත් වැඩිය. දම්දස් දන්පති උපහාර උළෙලේදී ඔහුගේ මූණුපුරා වන උදේශ් ධර්මදාස කළ කතාවක් මෙහිදී අපට සිහිපත් වෙයි.

    “බුදුන් වහන්සේ තරම් කෙනෙකු මේ ලෝකයේ නැතැයි ඇදහූ මගේ සීයාට බුදු සරණයි යන්න උදේශ් මුණුබුරාගේ පැතුම විය. සීයාගේ මළගමේදී උදේශ් මුණුපුරා එවැනි ම ප්‍රාර්ථනාවක් කරනු ඒකාන්තය. නවලෝක අධිපති ධර්මදාස ශ්‍රීමතානන්ට නිවන් සුව ලැබේවා” යි අපි ප්‍රාර්ථනා කරමු.

    http://www.dinamina.lk/2011/08/16/_art.asp?fn=v110816
     
    • Like
    Reactions: 0716aravinda

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    me hambela thiyenne ekenma :yes:
    Siddalepa weda mahaththaya ( 8n scl out wela mutta kara gahalla dan inna thathwayata ewith thiyenne)
    pabilis silva ( petti kadeka ath udawwata hiti kollek)
    B4SqP.gif
     
    Thank u very much machan!!!!