දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ගේ වැඩ තහනම්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,033
    35,978
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ගේ වැඩ තහනම්

    ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සමග මතභේදාත්මක දුරකතන ඇමතුමක නියැලුණු නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ගේ වැඩ තහනම් කිරීමට
    රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.
    ඇය ඇවන්ට් ගාඩ් සභාපතිවරයා සමග පුද්ගලිකව දුරකථන සංවාදයක යෙදෙමින් රාජ්‍ය සේවයේ වගකීම පැහැර හැර ඇති බව සිදු කළ පරීක්ෂණයෙන් ඔප්පු වී ඇත.
    ඊයේ තාවකාලිකව වැඩ තහනම් කර ඇගේ දුරකථන සංවාද විමර්ශනය කළ අතර එසේ සිදු කළ විමර්ශනයෙන් පසු මේ තීරණය

    ලබාගෙන ඇත.
    රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ගනු ලැබූ තීරණය එම සභාවේ ලේකම්වරයා විසින් දුරකථන මාර්ගයෙන් අද (24) නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම් අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.
    මෙම දුරකථන ඇමතුම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ (23) දිනයේදී රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් ද සිදුකරනු ලැබ තිබේ.
    දිල්රුක්ෂි මහත්මිය වෙනුවට වැඩබලන අයෙකු මේ වනවිටත් ඇගේ තනතුරට පත් කර තිබේ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    Thousands of people lost jobs (direct and indirect) already. Lost income to our country. Lost a private business. Damage is already done
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඊලඟට ගෝඨා ආපු ගමන් දිල්රුක්ෂි නීතිපති හරි වෙන ලොකු තනතුරක් ෂුවර්. ඔ්න්න ‌ඔහොමයි රාජ්‍ය සේවකයෝ තමන්ගේ ජාම බේර ගන්න‌ේ ගිලෙන නැවෙන් පැනලා.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ඊලඟට ගෝඨා ආපු ගමන් දිල්රුක්ෂි නීතිපති හරි වෙන ලොකු තනතුරක් ෂුවර්. ඔ්න්න ‌ඔහොමයි රාජ්‍ය සේවකයෝ තමන්ගේ ජාම බේර ගන්න‌ේ ගිලෙන නැවෙන් පැනලා.

    :rofl::rofl::rofl:
    ගොට කෙසේ වෙත්තත් රනිල් අවොත් නම් එහෙම වෙයි