දිලීර රෝග සැකැවින්

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    699
    2,034
    93
    33
    මේ ත්‍රෙඩ් එක දාන්නෙ පොදුවේ දිලීර රෝග ගැන idea එකක් දෙන්න. හැමෝම මේ වෙනකොට මියුකොමයිකෝසිස් හෙවත් කළු දිලීර රෝගය ගැන අහලා ඇතිනේ. අපි රෝගකාරක දිලීර හෙවත් fungi වර්ග බැලුවොත් වර්ග තුනකට බෙදන්න පුලුවන්

    යීස්ට් (Yeast) - මේවා ප්‍රජනනය වෙන්නෙ ඛණ්ඩනය හරහා

    පුස් (Moulds) - කෑම වල ගෙවල් වල බිත්ති වල හැදෙන වර්ග මේවා ප්‍රජනනය වෙන්නෙ අතුබෙදිලා hypea කියන ව්‍යුහ මඟින්

    ද්විරූපී (Dimorphic) - අපේ ඇඟේ ඇතුලේ බෙදෙන්නෙ යීස්ට් විදියට පිට පරිසරයේ ඉන්නෙ පුස් විදියට

    IMG_20210524_235155.jpg

    දිලීර රෝග ගැන අහලා නැති වුනාට ඒවායේ බලපෑම තරමක් ලොකුයි.
    fungal-infectio_23315741_52d1d4470077a821108a5961053ea924a55fccb7.jpg

    දිලීර රෝග වලින් බහුලවම තියෙන්නෙ සිරුර මතුපිට ඒ කියන්නෙ සමේ රෝග, කළු දිලීර වගේ සිරුර ඇතුලේ හැදෙන දිලීර රෝග ගොඩක් අඩුයි.

    මේ අනුව දිලීර රෝග අපිට ප්‍රධාන කාණ්ඩ තුනකට කඩන්න පුළුවන්
    ●සම මතුපිට (Superficial)
    ●අධඃචර්මීය (Subcutaneous)
    ●සංස්ථානික (Systemic)

    දිලීර රෝග බෝවෙන ආකාර ගත්තහම,
    ■ආශ්වාසය හරහා දිලීර බීජාංශු පෙනහලු තුළට ඇතුළුවීම
    ■සමේ ස්පර්ශ වීම
    ■තුවාල හරහා රුධිරයට එක් වීම ගන්න පුලුවන්.

    බැක්ටීරියා රෝග වලට Antibiotic වගේ දිලීර වලට ප්‍රතිකාර විදියට දෙන්නෙ Antifungals. මේ Antifungals සම මතුපිට ආලේපන විදියට ඒ කිව්වෙ ක්‍රීම් හෝ ෂැම්පූ විදියටත්, බොන ඖෂධ සහ රුධිරනාල හරහා දෙන ඖෂධ විදියට භාවිතා වෙනවා.

    දැන් සුලබ දිලීර රෝග කීපයක් කතා කරමු.

    1.සංස්ථානික ආසාදන(Systemic infection)

    1.1.Candidiasis
    Candida albicans කියන දිලීරය මඟින් තමා මේක බෝවෙන්නෙ. තව Candida විශේෂ දැන් හොයාගෙන තියෙනවා. යීස්ට් වර්ගයේ මේ දිලීරය අපේ හැමෝගෙම ඇඟේ වාසය කරන විශේෂයක්. විශේෂයෙන් මුඛය සහ ආහාර ජීර්ණ පද්ධතිය ඇතුලේ. අපේ ඇඟේ ඇතුලේ අපේ සෛල සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක ක්ෂුද්‍රජීවීන් අපේ ඇඟේ සහයෝගීව වාසය කරනවා. ඒ බැලන්ස් එක තියාගන්නෙ විවිධ ක්ෂුද්‍රජීවීන් වර්ග විසින්ම අනෙක් ක්ෂුද්‍රජීවී ගහණය පාලනය කිරීම, අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය සහ සිරුරේ විවිධ අවයව වල පරිසර තත්ත්ව පාලනයෙන් (උදා : යෝනියේ ආම්ලික ගතිය) මඟින්. ඔන්න ඔය බැලන්ස් එක නැති වුනාම තමා දිලීර පාලනයක් නැතුව ප්‍රජනනය කරලා රෝගයක් විදියට අපේ ඇඟට එන්නේ.

    Candida වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ යෝනි මාර්ග ආසාදනයක් විදියට සහ මුඛ ආසාදනයක් විදියට. ඔය යෝනි මාර්ගයේ යීස්ට් හැදෙනවා කියලා කියන්නෙ මේකට. විශේෂයෙන්ම මේ දෙක ඉතාම කුඩා ළදරුවන්ගේ, වයසක පුද්ගලයන්ගේ සහ ප්‍රතිශක්තිය පහල මට්ටමේ තියෙන පුද්ගලයන්ගේ සහ සමහර ප්‍රතිජීවක භාවිතා කරන අයගේ දැක ගන්න පුලුවන්. මීට අමතරව සමේ ආසාදනයන් දැක ගන්නත් පුලුවන්.

    unnamed(3).jpg

    Speculum_exam_in_candidal_vulvovaginitis.jpg

    අධික මට්ටමකින් ප්‍රතිශක්තිය පහළ ගිය කෙනෙක්ගේ නම් සිරුරේ ගොඩක් පද්ධති මේ දිලීරය ආක්‍රමණය කරනවා. මොළය, අස්ථි, පෙනහලු කියන්නෙ ඒ වගේ ආක්‍රමණය වෙන අවයව කීපයක්.

    1.2. Candida auris
    මේක බහුලව තිබෙන රෝගයක් නොවුනත් මේ ගැන කතා කරන්න හිතුනේ වර්තමාන තත්ත්වත් එක්ක. මේ දිලීර විශේෂය තරමක් භයානකයි. හේතුව මේක Antifuagal ගොඩකට ප්‍රතිරෝධීබවක් දක්වන නිසා (superbug). වර්තමානයත් එක්ක සම්බන්ධ වෙන්නෙ මේක බෝවෙන්නෙ රෝහල් පරිසරය ආශ්‍රිතව නිසා. විශේෂයෙන් ventilator හරහා. ඔය හරියට ජීවානුහරණය කලේ නැති ventilator සහ ඒ tubes වලින් රෝගියෙක්ගෙන් රෝගියෙක්ට මේවා පැතිරීම වෙන්න පුලුවන් ගොඩක් ඉක්මනට. අනික මේක එහෙම ජීවානුහරණ රසායන වලට ඔරොත්තු දෙන්න පුලුවන් භයානක දිලීරයක්.
    Proposed_scheme_for_the_emergence_of_Candida_auris.jpg

    1.3.Aspergillosis
    මේක නම් අහලා තියෙනවනේ පොල් තෙල් කතාව නිසා. Aspergillus කියන පුස් විශේෂය සාමාන්‍ය පරිසරයේ දකින්න ලැබෙන දිලීර විශේෂයක්. ගස්වල, දිරාපත් වෙන කොළ වල බහුලවම දකින්න ලැබෙනවා. මේක බෝවෙන්නේ බීජාංශු අපේ හුස්මත් එක්ක පෙනහලු ඇතුළට ගියාම. (Aspergillus වලින් හදන afalatoxin ශරීරගත වෙලා cirrhosis හැදිලා පිළිකා හැදෙන කතාව වෙනම එකක්. ඒක ආසාදනයක් නෙවෙයි විෂ වීමක්) මේ පෙනහලු ආසාදනය වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ ප්‍රතිශක්තිය අඩු වෙලා තියෙන HIV AIDS රෝගීන් අතර. තව ඇදුම රෝගීන් අතරේ allergic bronchopulmonary aspergillosis කියන තත්ත්වය කලාතුරකින් දකින්න ලැබෙනවා.

    Clinical Microbiology Reviews-2019-Latgé-icon-1.jpg

    1.4. Mucormycosis
    මේක දැන් හැමෝම අහලා තියෙනවනේ. දැන් අහල තිබ්බට මේක ඉස්සර ඉදලා තිබ්බ දිලීර රෝගයක්. මේකත් හැදෙන්න ඉඩකඩ වැඩි ප්‍රතිශක්තිය අඩු තත්ත්ව වල ඉන්න රෝගීන්ට. කොරෝනා එන්න කලින් මේක බහුලවම දකින්න ලැබුනේ දියවැඩියා රෝගීන් අතර. මේ දිලීරයේ විශේෂත්වය මේක රුධිරනාල ආක්‍රමණය කරලා පටක වලට රුධිර සැපයුම අත්හිටුවන නිසා පටක මැරෙනවා දකින්න පුලුවන්. කළුපාටින් පේන්නෙ එහෙම මියගිය පටක කොටස්. මේක හැදෙන්නෙත් ආශ්වාසය හරහා. ප්නහලු වගේම නාස් කුහරය මේ නිසා ආසාදනයට ලක්වෙනවා. වැඩිදුර ආසාදනය නිසා ඇස් මොළයත් මේකෙ ග්‍රහණයට නතු වෙනවා. විශේෂයෙන් කොරෝනා ආසාදනය වෙච්ච අයට දෙන corticosteroids වලින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපන වෙන නිසා මේක වැළඳීමේ අවධානම වැඩි වෙනවා. කලින් ත්‍රෙඩ් එකක දාපු කොරෝනා වල පසුවිපාක වලදී රුධිර නාල වලට වෙන හානිය කතා කලා. මේ දිලීරය නිසාත් ඒ හානිය වෙනවා. එතකොට ලෙඩ දෙකේම බලපෑම පටක වල මියයාමට හේතු වෙනවා.
    gr1.jpg

    2.සම මතුපිට ආසාදන (Superficial infection)

    1.Dermatophytosis

    මේක ස්ථාන ගොඩක හැදෙන ඒ කිව්වෙ හිස්මුදුනේ, නියපොතු, ලිංගාශ්‍රිතව, පාදයේ, අත්වල, සමේ අනෙක් ප්‍රදේශ වල හැදෙන තැන් අනුව ලෙඩේ නම වෙනස් වෙනවා (පහල රූපය බලන්න). පොදුවේ කියන්නෙ Dermatophytosis කියලා. Trichophyton, Microsporum, Epidermophyton කියන ගණයන්ගෙන් තමා මේවා වැළදෙන්නෙ. ප්‍රීතිකසානා කියලා කසන ලෙඩේ හදන්නෙ මේගොල්ලො. ස්පර්ශයෙන් (රෝගියෙකුගේ සම හා සෘජුව හෝ රෝගියෙකු භාවිතා කල තුවා, ඇඳුම්, සපත්තු ආදිය හුවමාරු කිරීමෙන්)

    Dermatophytosis-1.jpg

    2. Malassezia infection

    අලුහම් සහ ඉස්හොරි හැදෙන්නෙ මේ දිලීර ආසාදනය නිසා

    800wm.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    මේ ත්‍රෙඩ් එක දාන්නෙ පොදුවේ දිලීර රෝග ගැන idea එකක් දෙන්න. හැමෝම මේ වෙනකොට මියුකොමයිකෝසිස් හෙවත් කළු දිලීර රෝගය ගැන අහලා ඇතිනේ. අපි රෝගකාරක දිලීර හෙවත් fungi වර්ග බැලුවොත් වර්ග තුනකට බෙදන්න පුලුවන්

    යීස්ට් (Yeast) - මේවා ප්‍රජනනය වෙන්නෙ ඛණ්ඩනය හරහා

    පුස් (Moulds) - කෑම වල ගෙවල් වල බිත්ති වල හැදෙන වර්ග මේවා ප්‍රජනනය වෙන්නෙ අතුබෙදිලා hypea කියන ව්‍යුහ මඟින්

    ද්විරූපී (Dimorphic) - අපේ ඇඟේ ඇතුලේ බෙදෙන්නෙ යීස්ට් විදියට පිට පරිසරයේ ඉන්නෙ පුස් විදියට

    View attachment 126833

    දිලීර රෝග ගැන අහලා නැති වුනාට ඒවායේ බලපෑම තරමක් ලොකුයි.
    View attachment 126828

    දිලීර රෝග වලින් බහුලවම තියෙන්නෙ සිරුර මතුපිට ඒ කියන්නෙ සමේ රෝග, කළු දිලීර වගේ සිරුර ඇතුලේ හැදෙන දිලීර රෝග ගොඩක් අඩුයි.

    මේ අනුව දිලීර රෝග අපිට ප්‍රධාන කාණ්ඩ තුනකට කඩන්න පුළුවන්
    ●සම මතුපිට (Superficial)
    ●අධඃචර්මීය (Subcutaneous)
    ●සංස්ථානික (Systemic)

    දිලීර රෝග බෝවෙන ආකාර ගත්තහම,
    ■ආශ්වාසය හරහා දිලීර බීජාංශු පෙනහලු තුළට ඇතුළුවීම
    ■සමේ ස්පර්ශ වීම
    ■තුවාල හරහා රුධිරයට එක් වීම ගන්න පුලුවන්.

    බැක්ටීරියා රෝග වලට Antibiotic වගේ දිලීර වලට ප්‍රතිකාර විදියට දෙන්නෙ Antifungals. මේ Antifungals සම මතුපිට ආලේපන විදියට ඒ කිව්වෙ ක්‍රීම් හෝ ෂැම්පූ විදියටත්, බොන ඖෂධ සහ රුධිරනාල හරහා දෙන ඖෂධ විදියට භාවිතා වෙනවා.

    දැන් සුලබ දිලීර රෝග කීපයක් කතා කරමු.

    1.සංස්ථානික ආසාදන(Systemic infection)

    1.1.Candidiasis
    Candida albicans කියන දිලීරය මඟින් තමා මේක බෝවෙන්නෙ. තව Candida විශේෂ දැන් හොයාගෙන තියෙනවා. යීස්ට් වර්ගයේ මේ දිලීරය අපේ හැමෝගෙම ඇඟේ වාසය කරන විශේෂයක්. විශේෂයෙන් මුඛය සහ ආහාර ජීර්ණ පද්ධතිය ඇතුලේ. අපේ ඇඟේ ඇතුලේ අපේ සෛල සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක ක්ෂුද්‍රජීවීන් අපේ ඇඟේ සහයෝගීව වාසය කරනවා. ඒ බැලන්ස් එක තියාගන්නෙ විවිධ ක්ෂුද්‍රජීවීන් වර්ග විසින්ම අනෙක් ක්ෂුද්‍රජීවී ගහණය පාලනය කිරීම, අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය සහ සිරුරේ විවිධ අවයව වල පරිසර තත්ත්ව පාලනයෙන් (උදා : යෝනියේ ආම්ලික ගතිය) මඟින්. ඔන්න ඔය බැලන්ස් එක නැති වුනාම තමා දිලීර පාලනයක් නැතුව ප්‍රජනනය කරලා රෝගයක් විදියට අපේ ඇඟට එන්නේ.

    Candida වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ යෝනි මාර්ග ආසාදනයක් විදියට සහ මුඛ ආසාදනයක් විදියට. ඔය යෝනි මාර්ගයේ යීස්ට් හැදෙනවා කියලා කියන්නෙ මේකට. විශේෂයෙන්ම මේ දෙක ඉතාම කුඩා ළදරුවන්ගේ, වයසක පුද්ගලයන්ගේ සහ ප්‍රතිශක්තිය පහල මට්ටමේ තියෙන පුද්ගලයන්ගේ සහ සමහර ප්‍රතිජීවක භාවිතා කරන අයගේ දැක ගන්න පුලුවන්. මීට අමතරව සමේ ආසාදනයන් දැක ගන්නත් පුලුවන්.

    View attachment 126830

    View attachment 126831

    අධික මට්ටමකින් ප්‍රතිශක්තිය පහළ ගිය කෙනෙක්ගේ නම් සිරුරේ ගොඩක් පද්ධති මේ දිලීරය ආක්‍රමණය කරනවා. මොළය, අස්ථි, පෙනහලු කියන්නෙ ඒ වගේ ආක්‍රමණය වෙන අවයව කීපයක්.

    1.2. Candida auris
    මේක බහුලව තිබෙන රෝගයක් නොවුනත් මේ ගැන කතා කරන්න හිතුනේ වර්තමාන තත්ත්වත් එක්ක. මේ දිලීර විශේෂය තරමක් භයානකයි. හේතුව මේක Antifuagal ගොඩකට ප්‍රතිරෝධීබවක් දක්වන නිසා (superbug). වර්තමානයත් එක්ක සම්බන්ධ වෙන්නෙ මේක බෝවෙන්නෙ රෝහල් පරිසරය ආශ්‍රිතව නිසා. විශේෂයෙන් ventilator හරහා. ඔය හරියට ජීවානුහරණය කලේ නැති ventilator සහ ඒ tubes වලින් රෝගියෙක්ගෙන් රෝගියෙක්ට මේවා පැතිරීම වෙන්න පුලුවන් ගොඩක් ඉක්මනට. අනික මේක එහෙම ජීවානුහරණ රසායන වලට ඔරොත්තු දෙන්න පුලුවන් භයානක දිලීරයක්.
    View attachment 126832

    1.3.Aspergillosis
    මේක නම් අහලා තියෙනවනේ පොල් තෙල් කතාව නිසා. Aspergillus කියන පුස් විශේෂය සාමාන්‍ය පරිසරයේ දකින්න ලැබෙන දිලීර විශේෂයක්. ගස්වල, දිරාපත් වෙන කොළ වල බහුලවම දකින්න ලැබෙනවා. මේක බෝවෙන්නේ බීජාංශු අපේ හුස්මත් එක්ක පෙනහලු ඇතුළට ගියාම. (Aspergillus වලින් හදන afalatoxin ශරීරගත වෙලා cirrhosis හැදිලා පිළිකා හැදෙන කතාව වෙනම එකක්. ඒක ආසාදනයක් නෙවෙයි විෂ වීමක්) මේ පෙනහලු ආසාදනය වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ ප්‍රතිශක්තිය අඩු වෙලා තියෙන HIV AIDS රෝගීන් අතර. තව ඇදුම රෝගීන් අතරේ allergic bronchopulmonary aspergillosis කියන තත්ත්වය කලාතුරකින් දකින්න ලැබෙනවා.

    View attachment 126834

    1.4. Mucormycosis
    මේක දැන් හැමෝම අහලා තියෙනවනේ. දැන් අහල තිබ්බට මේක ඉස්සර ඉදලා තිබ්බ දිලීර රෝගයක්. මේකත් හැදෙන්න ඉඩකඩ වැඩි ප්‍රතිශක්තිය අඩු තත්ත්ව වල ඉන්න රෝගීන්ට. කොරෝනා එන්න කලින් මේක බහුලවම දකින්න ලැබුනේ දියවැඩියා රෝගීන් අතර. මේ දිලීරයේ විශේෂත්වය මේක රුධිරනාල ආක්‍රමණය කරලා පටක වලට රුධිර සැපයුම අත්හිටුවන නිසා පටක මැරෙනවා දකින්න පුලුවන්. කළුපාටින් පේන්නෙ එහෙම මියගිය පටක කොටස්. මේක හැදෙන්නෙත් ආශ්වාසය හරහා. ප්නහලු වගේම නාස් කුහරය මේ නිසා ආසාදනයට ලක්වෙනවා. වැඩිදුර ආසාදනය නිසා ඇස් මොළයත් මේකෙ ග්‍රහණයට නතු වෙනවා. විශේෂයෙන් කොරෝනා ආසාදනය වෙච්ච අයට දෙන corticosteroids වලින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපන වෙන නිසා මේක වැළඳීමේ අවධානම වැඩි වෙනවා. කලින් ත්‍රෙඩ් එකක දාපු කොරෝනා වල පසුවිපාක වලදී රුධිර නාල වලට වෙන හානිය කතා කලා. මේ දිලීරය නිසාත් ඒ හානිය වෙනවා. එතකොට ලෙඩ දෙකේම බලපෑම පටක වල මියයාමට හේතු වෙනවා.
    View attachment 126835

    2.සම මතුපිට ආසාදන (Superficial infection)

    1.Dermatophytosis

    මේක ස්ථාන ගොඩක හැදෙන ඒ කිව්වෙ හිස්මුදුනේ, නියපොතු, ලිංගාශ්‍රිතව, පාදයේ, අත්වල, සමේ අනෙක් ප්‍රදේශ වල හැදෙන තැන් අනුව ලෙඩේ නම වෙනස් වෙනවා (පහල රූපය බලන්න). පොදුවේ කියන්නෙ Dermatophytosis කියලා. Trichophyton, Microsporum, Epidermophyton කියන ගණයන්ගෙන් තමා මේවා වැළදෙන්නෙ. ප්‍රීතිකසානා කියලා කසන ලෙඩේ හදන්නෙ මේගොල්ලො. ස්පර්ශයෙන් (රෝගියෙකුගේ සම හා සෘජුව හෝ රෝගියෙකු භාවිතා කල තුවා, ඇඳුම්, සපත්තු ආදිය හුවමාරු කිරීමෙන්)

    View attachment 126836

    2. Malassezia infection
    අලුහම් සහ ඉස්හොරි හැදෙන්නෙ මේ දිලීර ආසාදනය නිසා

    View attachment 126837
    Mbbs කිව්වා නේද? ෆැකල්ටිය පොඩ්ඩක් කියපංකො. මයික්‍රොබයෝලොජි මෙච්චර අවුල්ද කියලා හොයන්න.
     
    • Like
    Reactions: Stimulus mind