දිව්‍යලෝකයේ පිපෙන උදුම්බරා මලක් චීනයේ ප&#3538

youtube

Member
Feb 22, 2012
478
115
0
දිව්‍යලෝකයේ පිපෙන උදුම්බරා මලක් චීනයේ ප&#3538

දිව්‍යලෝකයේ පිපෙන උදුම්බරා මලක් චීනයේ පිපිලා පිපෙන්නේ වසර 3000 කට වරක්



as-3-1.jpg

බෞද්ධ සාහිත්‍යයේ ඇතැම් තැන්වල සඳහන්ව ඇති උඩුම්බරා නොහොත් ‘යුටාන් පොලුවෝ’ නමින් ද හඳුන්වනු ලබන මල් විශේෂය පසුගියදා චීනයේ යැංසි ප්‍රාන්තයේ ලුෂාන් කඳුකරයේ වාසය කරන චීන භික්ෂුණියකගේ නිවසේ තිබී සොයාගෙන ඇත.
වසර 3000 කට වරක් පිපෙන මෙම මල අතිදුර්ලභ ගණයේ පුෂ්ප විශේෂයකි. මිලිමීටර් එකක පමණ විශ්කම්භයකින් යුතු මේ මල 50 හැවිරිදි මියාවෝ වෙයි භික්ෂුණියට මුලින් ම දැකගත හැකි වූයේ ඇයගේ රෙදි සෝදන යන්ත්‍රය යට තිබියදී ය. ඇය මුලින් සිතුවේ මේවා පණු බිත්තර දෝ කියා යි. එහෙත් දිගටි දණ්ඩ දිගේ සුදු පැහැති කුඩා මල් 18 ක් පිපී තිබෙන අයුරු ඇයට දැකගත හැකි විය. එසේ ම ඒවා දැඩි සුගන්ධවත් වීම නිසා එම මල් ස්වාභාවික මල් බව තීරණය කිරීමට ඇයට හැකි විය.
සංස්කෘත භාෂාවෙන් උඩුම්බරා නම් වූ මේ පුෂ්ප හඳුන්වනු ලබන්නේ දිව්‍යලෝකයෙන් ගෙනෙනු ලැබූ සුබ පුෂ්ප ලෙසට ය.
අතිශය දුර්ලබ ගණයේ පුෂ්පයක් වන උඩුම්බරා මල පිළිලයක් ලෙස වැඩෙන මල් විශේෂයකි.
මෙම මල් එම වෘක්ෂයෙන් පටන්ගන්නා ගෙඩිය තුළ වැඩෙන අතර එම ගසේ ම අතුවල පිළිලයෙකු ලෙස පිපී වැඩෙන බව දැක්වේ. ඒ සඳහා වසර 3000 පමණ කාලයක් ගතවන බව ද කියැවේ.
ථෙරවාද බුදු දහමේ උරග සූත්‍රයේ හා මහායාන බුදුදහමේ නෙළුම් සූත්‍රයේ (Lotus Sutta) උඩුම්බර මල ගැන සඳහන්වී ඇති බව දැක්වේ.
සම්බහුල සූත්‍රයේ මාර දිව්‍යපුත්‍රයා බ්‍රාහ්මනයෙකුගේ වේශය ගෙන උඩුම්බරා ගසේ ලීයක් බස්තමක් ලෙස පාවිච්චි කළ බව කියනු ලැබේ.
ඒ හැමටම වඩා දීඝ නිකායේ හා බුද්ධවංශ නම්වූ ග්‍රන්ථවල කෝනාගම බුදුන් වහන්සේ බුද්ධත්වය ලබා ගත්තේ උඩුම්බර ගස සෙවණේ බව සඳහන් වී ඇත. මජ්ජිම නිකායේ එන ඛන්නඛත්තල (Kannalatthala) සූත්‍රයේ බුදුන්වහන්සේ සතර කුලයේ සිටින සතර දෙනෙකුට එක සමාන අයුරින් විමුක්තිය ලබාගත හැකි බව පෙන්වීම සඳහා ගත් උපමාවේ උඩුම්බර වෘක්ෂය පිළිබඳ සඳහනක් ඇත. මේ අයුරින් බුදුදහමට ඇති සම්බන්ධයත් ‍එසේ ම අතිදුර්ලබ මල් වර්ගයක් නිසාත් විශේෂත්වයක් පෙන්නුම් කරන අතර රජෙකුගේ උපතක් සිදුවීම පිළිබඳ පෙර දැක්මක් ලෙස මේ පුෂ්ප විකසිත වන බවට ද විශ්වාසයක් ඇත.
 
Last edited:

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    :shocked: කිඹුල් හූනටත් වඩා වටිනව ඇති එහෙනන්