දිව්‍ය_ලෝක_සය

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    දිව්‍ය ලෝක සය

    a-1.jpg

    දිව්‍ය ලෝක යනු මින්ස් ලොවට වඩා සැප සම්පත් අති තැන්ය.මිනිසෙකුව ඉපදීමට වඩා බලගතු පිනක් දෙවියෙකුව ඉපදීමට අවැසි වෙයි.එබැවින් දෙවු ලෝව ඉපදීම තරමක් අපහසු දෙයකි. “අංගුත්තර නිකායේ සඳහන් වන පරිදි” ගත වු 91 කල්පය තුල අන්‍ය තීර්තකයන්ගේ අවවාද අනුශාසනා පිලිපැද දෙවු ලොවට ගිය එක් අයෙකුවත් නොමැත.යමෙක් දෙවු ලොව ගියේ නම් ඒ බුදු කෙනෙකු ඉගන්වු ප්‍රතිපදාව අනුගමනය කිරීමෙනි.එහෙත් එක් අන්‍ය තීර්තක ආගමික නායකයෙකුට පමනක් දෙවු ලොව යාමට හැකි විය.ඒ ඔහු කර්මයද – ක්‍රියාවද පිලිගත් බැවිනි.

    දෙවු ලොව යාම සඳහා කර්ම වාදය හා ක්‍රිය වාදය පිලිගත උතුය යන්නෙන් අදහස් වන්නේ මෙයයි…තමා විසින් කරන ලද හොඳ හෝ නරක මතුවට විපාක දෙන්නේ යැයි අදහීම කර්මවාදයයි.

    ඒ අනුව දිව්‍ය ලෝක සයක් ගැන සුත්‍ර ධර්මයන් හී සඳහන් වෙති.

    1) මිනිස් ලොව ආසන්නයේම ඇති දෙවු ලොව චාතුර්මහාරාජිකය යි.
    බහුලව දන් දෙන අය දානමය පුණ්‍ය කර්මයේ බලයෙන් චාතුර්මහාරාජිකයේ උපත ලබති.

    2) තාවතිංසය අත්තේ චාතුර්මහාරාජිකයට උඩිනි.චාතුර්මහාරාජිකය සහ තාවතිංසය යන ලෝක දෙකම පාලනය කරන්නේ ශක්‍ර දිව්‍ය රාජයා විසිනි. තාවතිංසය යේ දෙවියෝ චාතුර්මහාරාජිකයේ දෙවියන්ට වඩා යසසින් සහ ආයුෂයෙන් වැඩි අය වෙති.

    3) තාවතිංසයට ඉහලින් ඇත්තේ යාම නම් දෙවු ලොවයි.අපායට අදිපති වු යම රජු අපායටම කොටුවී සිටින බව සුත්‍රපිටකයේ දෙවදුත සූත්‍රයේහි සඳහන් වෙති.

    4) දිව්‍ය ලෝක අතුරින බෞද්ධයන්ට වඩාත් වැදගත් වන්නේ, තුසිත දෙවු ලොවයි.තුසිත දෙවු ලොව වැසියන් සෑම විටම කල් ගෙවනුයේ ප්‍රීතියෙනි.හේතුව මතු බුදු වන මෙතේ බෝසතුන් එහි වැඩ සිටීමයි.

    5) නිර්මණර්තී දෙවු ලොව තුසිත දෙවු ලොවට ඉහලින් පිහිටයි. නිර්මණර්තී දෙවියෝ බොහෝ සැප විඳිති.ඔවුන් කැමති ලෙස කාම සම්පත් නිර්මණය කරගෙන සැප විඳිති.

    6) නිර්මණර්තී දෙවු ලොවට ඉහලින් ඇත්තේ පරණිර්මිත වසවර්ති දෙවු ලොවයි. දෙවු ලොව දෙවියන් අතර වඩියෙන්ම සැප ව්ඳිනුයේ නිර්මණර්තී දෙවු ලොව දෙවියන්ය.


    icon_biggrin.gif




    ඉඩක් තිබුනොත් ටිකක් මගෙ බ්ලොග් එක පැත්තෙ ටිකක් ඇවිල්ල " ලයික් " එකක් එහෙම දාලා යන්න.… ඒකේ ගුනාත්මක බව පවත්ව ගැනීමට ඔයාලගෙ අදහස් ගොඩාක් වැදගත් වේවි.

    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!





    http://goo.gl/kf4bLO

    images