දිවි මකුළු ඇස

May 19, 2013
1,864
81
0
කාට හරි පුළුවන්ද මේ ගීතයට විචාරයක් හරි, පද පෙළී වලට අර්ථ කථනයක් හරි දෙන්න? තද අකුරින් ලියවුන කොටස් එකක දෙකක හරි ව්‍යංගාර්ථ තේරුම දන්නවා නං කියන්න.

නොසැලෙයි
දිවි මකුළු ඇස නොසැලෙයි
නළියයි
අඳුන් දිවි නිය පහුර නළියයි
උකුසු ඇසට නොපෙනී
මහා කළු වෘකයා ගොදුර ඉව අල්ලයි
මොන නීතියද මේ
මිනිස් වනාන්තරේ

සඳ එළියේ
දිව්‍ය ලෝකෙන් පාවී
කුණු කසළ වැටි වැටී
නිවි නිවී යයි ගිනිදැල් අපායේ
කුවේරයා ලිස්සා ගිහින් පාතාලේ

විනිසුරු අසුනේ
සත් පුරුෂ ප්‍රාණේ
කළු රෙද්දෙන් ඔතලා
අපරාධය හෝ ඝාතකයා හෝ
විනිවිද නොපෙනේ

නීති පොතේ ඉන්ද්‍රජාලේ
ඝාතකයා - මිනීමරන්නේ - තිරිසනා
විනිසුරුවා - නඩු අසන්නේ - මිනිසා
මුනිවරයා - සමාව දෙන්නේ - දෙවියෝ

රචනය - ලූෂන් බුලත්සිංහල
 
  • Like
Reactions: amila_banks
May 19, 2013
1,864
81
0
bumps walata thanks. me sinduwata godak aasa aya me sinduwe niyama theruma
nan hariyata danne na. net eketh kohewath sinduwe pada peli wala theruma dala
thibune na. sinduwe theruma gana dala adahasak witharai man hithanne godak ayata
thiyenne
 
May 19, 2013
1,864
81
0
කලා කෘතියක් තේරුම් ගන්න යන්න එපා මචං....රස විදපං.....
ඒක උඹේ අත්දැකීම් ඇසුරෙන් ලබන වින්දනයක්...........

ඇයි මචන් තේරුම් ගන්න එපා කියන්නේ. ව්‍යංගයෙන් කියන දේ තේරුම් ගන්නේ නැත්තන් සම්පුර්ණ රසයක් විඳින්න බෑනේ. සමහර කෘති වල නං තේරුම දැන ගත්තම තමා රස විඳින්න බැරි.
හැබැයි ගීතයක පද වලින් නිශ්චිත යමක් කියවෙනවද නැද්ද කියල දැන ගන්න එක වටිනවා මට නං.
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රජ්ජුරුවෝ;16307835 said:
    ඇයි මචන් තේරුම් ගන්න එපා කියන්නේ. ව්‍යංගයෙන් කියන දේ තේරුම් ගන්නේ නැත්තන් සම්පුර්ණ රසයක් විඳින්න බෑනේ. සමහර කෘති වල නං තේරුම දැන ගත්තම තමා රස විඳින්න බැරි.
    හැබැයි ගීතයක පද වලින් නිශ්චිත යමක් කියවෙනවද නැද්ද කියල දැන ගන්න එක වටිනවා මට නං.
    උඹට මේක තේරුම් ගන්න ම නං ඕනෙ, දැං තියන දේශපාලන බලඅධිකාරිය එක්ක මේ කියන දේවල් ගලප ගනින්. නත්තං පරණ සමාජවාදී සෝවියට් පාලනයත් එක්ක ගලපගනින්, නැත්තං සදාම් හුසේන්, හිට්ලර්, බොකස්සා, බෙනිටෝ මුසෝලීනි, ප්‍රේමදාස ඕන කෙනෙක් ගේ පාලනයත් එක්ක........
    මේක සර්ව කාලීන/සර්ව භෞමික කතාවක් බව- පාහර දේශපාලන ක්‍රමය ගැන- උඹට තේරේවි................

    කේමදාස මාස්ටර් ඔහු ගේ කිලර් ඇල්බමයට කලා ගීතයක්. ඒක බර්ටෝල් බ්‍රෙක්ට් ගේ සුප්‍රසිද්ධ Hitler's cabinet of Ministers කියන කවියෙ අනුවාදයක්, හිට්ලර් ගේ කැබිනට් ඇමති මණ්ඩලය කියල. ඒ අනුවාදය කලේ මිය ගිය අමරබන්ධු රූපසිංහ, ගායනා කගේ ඩබ්ලිව් ජයසිරි, මාර්ෂල් ජනතා, ඉන්දිකා උපමාලී ඇතුළු ගායන වෘන්දය......
    මැති ඇමතිවරු ඇමති වරු සීරුවෙන් සීරුවෙන්
    පෙන්වා දෙති වැසියනට
    ලෙහෙසි නැති
    පහසු නැති
    කාරියක් බව රට පාලනය - රට පාලනය.......
    ........................................
    ............................
    ආගම් සදාචාරෙට
    වග කියන උතුමන්ට
    ආයුබෝ නොවේ නම්
    නිසි කලට
    කිසි ළදක්
    වේ ද ගැබ්බර
    සැකයි...................................!!!!!!!!!!!!!!!!!!!!:P:baffled:

    මේ ගීතයේ කියවෙන්නේ ඔය වගේ දෙයක් කියලා මට අහපු මුල් සැරේම තේරුණා. ඒක හැමෝටම තේරෙනවා මං හිතන්නේ. අනික ෆිල්ම් එකත් ඔය වගේ දෙයක් ගැන එකක් නිසා සමර්ථ අර්ථය තේරුම් ගන්න පහසුයි. ඒක නෙවෙයි මෙතන ප්‍රශ්නේ.

    පද පේළි තනි තනිව තේරුම ගොඩ නගන හැටියි තේරෙන්නේ නැත්තේ. උඹට පුළුවන් නං මං ඔය තද කළු අකුරින් ලියුව පද පේළී එකක දෙකක් හරි තේරුම කියපන්.
    ගීතයක් විචාර කරද්දී තනි තනිව පද පෙළී වලට අර්ථයක් දෙන්න බැරි නං එක හොඳ ගීත විචාරයක් නෙවෙයි.
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    නොසැලෙයි
    දිවි මකුළු ඇස නොසැලෙයි
    නළියයි
    අඳුන් දිවි නිය පහුර නළියයි
    උකුසු ඇසට නොපෙනී
    මහා කළු වෘකයා ගොදුර ඉව අල්ලයි
    මොන නීතියද මේ
    මිනිස් වනාන්තරේ

    තමන්ගේ පරමාර්ථය ඉෂ්ට කරගන්න ඇසි පිය නොගහ ඉතා සූක්ශ්මව, හිත ඇතුලෙන් නොඉවසිලිමත්ව, අපරාධකරුවන් බලාගෙන ඉන්නවා, තමාගේ වෙලාව එනකල් ගොදුරට කඩා පනින්න. නිතිය රකින මිනිස්සුන් කිසිවෙක්ට මේවා පෙන්නේ නැහැ. හරියට තිරිසන් සතුන් ලගින වනාන්තරය වගේ. යුක්තිය සාධාරණයට ඉඩක් නැහැ. මෙතන දිවි මකුළු ඇස සහ අඳුන් දිවියාගේ නිය කියන උපමා යොදන්නේ අපරාධකරුවන්ගේ සූක්ෂම බව සහ උන්ගේ තියන කුරිරු නොඉවසිලිමත් බව හඟවන්න

    සඳ එළියේ
    දිව්‍ය ලෝකෙන් පාවී
    කුණු කසළ වැටි වැටී
    නිවි නිවී යයි ගිනිදැල් අපායේ
    කුවේරයා ලිස්සා ගිහින් පාතාලේ

    අපරාධවල මහා මොළ කාරයෝ, ඒ කියන්නේ මැති ඇමති වරු අනිකුත් දේශපාලුවෝ, දිව්‍ය ලෝක සැප විඳ විඳ අපායෙන් ගැලවෙද්දී මෙතන කුණු කසල විදියට හඳුන් වන උන්ගේ ගෝල බාලයින් උන් වෙනුවෙන් සැරින් සැරේ තමන්ගේ ජීවිතය කැප කරලා අපා ගත වෙනවා

    විනිසුරු අසුනේ
    සත් පුරුෂ ප්‍රාණේ
    කළු රෙද්දෙන් ඔතලා
    අපරාධය හෝ ඝාතකයා හෝ
    විනිවිද නොපෙනේ

    සත් පුරුෂයෙක් උනු නීතිය රකින්න බැඳිලා ඉන්න නඩුකාරතුමාට සාධාරණ තීන්දුවක් ගන්න තරම් බලයක් නැහැ. ඔහුගේ ඇස් දේශපාලනය යන කුණු ගෑවිලා කළු රෙද්දෙන් වහලා වැහිලා තියෙන්නේ. සල්ලි වලට බලයට අන්ධ වෙලා ඉන්න ඔහුට අපරාධයක සුලමුල අපරාධය කරපු කෙනා ගැන පැහැදිලිව යමක් දකින්න බැහැ.

    නීති පොතේ ඉන්ද්‍රජාලේ
    ඝාතකයා - මිනීමරන්නේ - තිරිසනා
    විනිසුරුවා - නඩු අසන්නේ - මිනිසා
    මුනිවරයා - සමාව දෙන්නේ - දෙවියෝ

    නීතිය කියන්නේ මායාවක් අපරාධ කරන මිනිස්සුන්ට. ඔක්කොම මිනිස්සු උනාට ඔවුන් පෙනී ඉන්නේ විවිධ වේශයන්ගෙන්. මිනිහ තිරිසනා වෙලා අපරාධ කරලා එනකොට සාමාන්‍ය මිනිහෙක් නඩුව අහනවා විනිසුරුවෙක්ගේ වේශයෙන්. මෙතන දෙවියෝ කියන්නේ මහා අපරාධකරුවන් පිටිපස්සේ ඉන්නේ දේශපාලන බලවේගයන්, මැති ඇමති වරු. විනිසුරුවට පුළුවන් නඩුව අහන්න විතරයි. තීන්දුවක් ගන්න තරම්, තමන් දෙවියන් කියල හිතාගෙන හැසිරෙන දේශපාලකයෝනට ඉහලින් යන්න තරම් සාමාන්‍ය මිනිහෙක් උණු විනිසුරුවට ශක්තියක් නැහැ. ඒ හන්ද අවසාන තීරණය ගන්නේ දෙවියෝ. දෙවියෝ කියන්නේ සමාව දෙන කොටසක් හන්ද, මේ දේශපාලු දෙවියන්ගේ බලයෙන් තිරිසන්නු ආපහු වනාන්තරේට නිදහස් වෙනවා .

    රචනය - ලූෂන් බුලත්සිංහල

    මේක ලියපු ලුෂන් මහත්මය පොදුවේ ලියල තියෙන්නේ අපේ රටේ අපරාධ කරන මිනිස්සු නීතියෙන් කොයි තරම් ලේසියෙන් ගැලවිලා යනවද දේශපාලනයේ පිහිටෙන් කියන අදහස උලුප්පලා. මීට වඩා ගැඹුරු තේරුමක් මේකේ ඇති සමහර විට. සරලව මට දැනෙන දේ තමයි ලිව්වේ.
     
    Last edited:
    May 19, 2013
    1,864
    81
    0
    ==========================================================

    පලවෙනි කොටසේ තේරුම නං ලස්සනට විස්තර කරලා තියෙනවා. තේරුමත් වැරදි ඇති කියලා නං මට තර්ක කරන්න බෑ ඒකෙ.

    ==========================================================
    සඳ එළියේ
    දිව්‍ය ලෝකෙන් පාවී
    කුණු කසළ වැටි වැටී
    නිවි නිවී යයි ගිනිදැල් අපායේ
    කුවේරයා ලිස්සා ගිහින් පාතාලේ

    අපරාධවල මහා මොළ කාරයෝ, ඒ කියන්නේ මැති ඇමති වරු අනිකුත් දේශපාලුවෝ, දිව්‍ය ලෝක සැප විඳ විඳ අපායෙන් ගැලවෙද්දී මෙතන කුණු කසල විදියට හඳුන් වන උන්ගේ ගෝල බාලයින් උන් වෙනුවෙන් සැරින් සැරේ තමන්ගේ ජීවිතය කැප කරලා අපා ගත වෙනවා
    ==========================================================

    මේ කොටසේ තේරුම නං හරි මද කියලා මට විශ්වාස නෑ. ඔයා edit කරන්න කලින් මේකේ තේරුම මීට වඩා ගොඩක් වෙනස් විදියකටනේ දාලා තිබුනේ. මට ඒ තේරුමත් එච්චර හිතට ඇල්ලුවේ නෑ. හැබැයි ඊට වඩා නං මේ තේරුම ගැලපෙනවා කියලා හිතෙනවා.

    ==========================================================
    විනිසුරු අසුනේ
    සත් පුරුෂ ප්‍රාණේ
    කළු රෙද්දෙන් ඔතලා
    අපරාධය හෝ ඝාතකයා හෝ
    විනිවිද නොපෙනේ

    සත් පුරුෂයෙක් උනු නීතිය රකින්න බැඳිලා ඉන්න නඩුකාරතුමාට සාධාරණ තීන්දුවක් ගන්න තරම් බලයක් නැහැ. ඔහුගේ ඇස් දේශපාලනය යන කුණු ගෑවිලා කළු රෙද්දෙන් වහලා වැහිලා තියෙන්නේ. සල්ලි වලට බලයට අන්ධ වෙලා ඉන්න ඔහුට අපරාධයක සුලමුල අපරාධය කරපු කෙනා ගැන පැහැදිලිව යමක් දකින්න බැහැ.
    ==========================================================
    මේකේ නං ලොකු ව්‍යංගයක් ගැබ් වෙලා නෑ. මේක මාත් තේරුම් ගත්තා

    ==========================================================
    නීති පොතේ ඉන්ද්‍රජාලේ
    ඝාතකයා - මිනීමරන්නේ - තිරිසනා
    විනිසුරුවා - නඩු අසන්නේ - මිනිසා
    මුනිවරයා - සමාව දෙන්නේ - දෙවියෝ
    [/SIZE]

    නීතිය කියන්නේ මායාවක් අපරාධ කරන මිනිස්සුන්ට. ඔක්කොම මිනිස්සු උනාට ඔවුන් පෙනී ඉන්නේ විවිධ වේශයන්ගෙන්. මිනිහ තිරිසනා වෙලා අපරාධ කරලා එනකොට සාමාන්‍ය මිනිහෙක් නඩුව අහනවා විනිසුරුවෙක්ගේ වේශයෙන්. මෙතන දෙවියෝ කියන්නේ මහා අපරාධකරුවන් පිටිපස්සේ ඉන්නේ දේශපාලන බලවේගයන්, මැති ඇමති වරු. විනිසුරුවට පුළුවන් නඩුව අහන්න විතරයි. තීන්දුවක් ගන්න තරම්, තමන් දෙවියන් කියල හිතාගෙන හැසිරෙන දේශපාලකයෝනට ඉහලින් යන්න තරම් සාමාන්‍ය මිනිහෙක් උණු විනිසුරුවට ශක්තියක් නැහැ. ඒ හන්ද අවසාන තීරණය ගන්නේ දෙවියෝ. දෙවියෝ කියන්නේ සමාව දෙන කොටසක් හන්ද, මේ දේශපාලු දෙවියන්ගේ බලයෙන් තිරිසන්නු ආපහු වනාන්තරේට නිදහස් වෙනවා .
    ==========================================================
    මේ කොටසේ ඔයා කියපු තේරුමත් හරියටම ගැලපෙනවද කියලා පොඩ්ඩක් සැකයි. ඒත් ගොඩක් දුරට ගැලපෙනවා ඇති

    රචනය - ලූෂන් බුලත්සිංහල

    මේක ලියපු ලුෂන් මහත්මය පොදුවේ ලියල තියෙන්නේ අපේ රටේ අපරාධ කරන මිනිස්සු නීතියෙන් කොයි තරම් ලේසියෙන් ගැලවිලා යනවද දේශපාලනයේ පිහිටෙන් කියන අදහස උලුප්පලා. මීට වඩා ගැඹුරු තේරුමක් මේකේ ඇති සමහර විට. සරලව මට දැනෙන දේ තමයි ලිව්වේ.

    ගොඩක් ස්තුතියි විචාරයක් දුන්නට. රිප්ලයි එකක් දාන්න පරක්කු උනේ මං ඔයාගේ විචාරයට රිප්ලයි එක දාන අතරේ ඔයා ඒකේ සමහර තැන් edit කරලා තියෙනවා දැක්ක පලවෙනි එකට වඩා වෙනස් තේරුමක් එක්ක. ඒක නිසා පරණ එක වෙනම සේව් කරලා තිබ්බා edit කරපු එකත් කියවන්න. දෙක එකිනෙකට වෙනස් නිසා තමා පරක්කු වුනේ රිප්ලයි එකක් දාන්න. මට තේරුම හොයා ගන්න බැරි උන ගොඩක් තැන් වල තේරුම ඔයා ඔයාට හිතෙන විදියකට හොයා ගෙන තියෙනවා. මට වැරදියි කියලා තර්ක කරන්නත් බෑ හරියි කියලා තර්ක කරන්නත් බෑ. උදාහරණයකට,

    සඳ එළියේ
    දිව්‍ය ලෝකෙන් පාවී
    කුණු කසළ වැටි වැටී
    නිවි නිවී යයි ගිනිදැල් අපායේ
    කුවේරයා ලිස්සා ගිහින් පාතාලේ

    මේ කොටස ඔයාට හිතෙන විදියට ඔයා ලස්සනට තර්කයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් ඒ තේරුමද මේකෙන් කියවෙන්නේ කියලා මට හරියටම පැහිදිලි නෑ. ඔයාගේ පද තේරුම් කර ගැනපු විදියට නං වැරදියි කියලා තර්ක කරන්නත් බෑ කෙනෙකුට.

    Thanks a lot!!!!
    :yes::yes::yes::yes::yes: