නොසැලෙයි
දිවි මකුළු ඇස නොසැලෙයි
නළියයි
අඳුන් දිවි නිය පහුර නළියයි
උකුසු ඇසට නොපෙනී
මහා කළු වෘකයා ගොදුර ඉව අල්ලයි
මොන නීතියද මේ
මිනිස් වනාන්තරේ
සඳ එළියේ
දිව්‍ය ලෝකෙන් පාවී
කුණු කසළ වැටි වැටී
නිවි නිවී යයි ගිනිදැල් අපායේ
කුවේරයා ලිස්සා ගිහින් පාතාලේ
විනිසුරු අසුනේ
සත් පුරුෂ ප්‍රාණේ
කළු රෙද්දෙන් ඔතලා
අපරාධය හෝ ඝාතකයා හෝ
විනිවිද නොපෙනේ
නීති පොතේ ඉන්ද්‍රජාලේ
ඝාතකයා - මිනීමරන්නේ - තිරිසනා
විනිසුරුවා - නඩු අසන්නේ - මිනිසා
මුනිවරයා - සමාව දෙන්නේ - දෙවියෝ
සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනය - අමරසිරි පීරිස් ප්රමුඛ සමන්ත පෙරේරා ඇතුළු පිරිස
රචනය - ලූෂන් බුලත්සිංහල
Download the mp3 song :
Code:
http://www.mediafire.com/?vzt19dyseoayge8