ගොඩක් ස්තුතියි මල්ලි. මමත් ලිව්වේ හදිසියෙන්. ආපහු කියවද්දියි හිතුනේ ඒකට වඩා මේ අදහස ගැලපෙනවා කියල. මමත් නිර්මාණ කරන කෙනෙක්. ඒ හන්ද මම ලිව්වා නම් ලියන විදිය හිතල තමයි විචාරයක් ලිව්වේ. කොහොම උනත් ඕක ලියපු කෙනා (ලූෂන් බුලත්සිංහල) තමයි දන්නේ මේකේ හරිම අදහස මොකක්ද කියල. මොකද අපි දෙයක් ලියද්දි අපේ හිතේ තියන අදහසට වඩා වෙනස්ම දෙයක් කියවන කෙනාට දැනෙන්න පුළුවන්.
සඳ එළියේ
දිව්‍ය ලෝකෙන් පාවී
කුණු කසළ වැටි වැටී
නිවි නිවී යයි ගිනිදැල් අපායේ
කුවේරයා ලිස්සා ගිහින් පාතාලේ
කොහොම වෙතත් මේ කොටසේ මම ලියපු දේට සමාන දෙයක් හෝ ඊට වඩා ගැඹුරු අදහසක් තියෙන්න ඕනේ. මේක තමයි මේ නිර්මාණයේ තියෙන වටිනාම කොටස විදියට මට දැනෙන්නේ. තවත් අයගේ අදහසුත් දැම්ම නම් පොදු තේරුමක් දැන ගන්න තිබුනා


රජ්ජුරුවෝ;16330736 said:
ලුෂන් බුලත්සිංහලගේ ගොඩක් සින්දු මේ වගේ සිරා සින්දු. අද කාලේ පැකේජ් වලට විකිණෙන මෙලෝ රහක් නැති සින්දු වගේ නෙවෙයි. තේරුම් ගන්න ගැඹුරු දෙයක් තියෙනවා. ඔයා විතරයි තාම විචාරයක් දුන්නේ. අඩු ගානේ මං අහපු එකම කොටසකවත් තේරුම කිව්වේ නෑනේ කවුරුවත්
ඔයා ඔය කියපු කොටසේ තේරුම කියලා තියෙන්නේ මෙහෙමනේ,
අපරාධවල මහා මොළ කාරයෝ, ඒ කියන්නේ මැති ඇමති වරු අනිකුත් දේශපාලුවෝ, දිව්‍ය ලෝක සැප විඳ විඳ අපායෙන් ගැලවෙද්දී මෙතන කුණු කසල විදියට හඳුන් වන උන්ගේ ගෝල බාලයින් උන් වෙනුවෙන් සැරින් සැරේ තමන්ගේ ජීවිතය කැප කරලා අපා ගත වෙනවා
ලොකු අපරාධකාරයෝ අපායෙන් ගැළවෙන කතාවක් ඔයා කියනවනේ. එහෙම තේරුම් ගන්න නං 'කුවේරයා ලිස්සා ගිහින් පාතාලේ' කියන කොටසේ ලිස්සා ගිහින් කියන කෑල්ලෙන් අපායෙන් ලිස්සා ගිහින් මාරු වෙන වගේ අදහසක් ගන්න වෙනවා. ඒත් ඔතන ලිස්සා ගිහින් කියන කෑල්ලෙන් වෙන මොකක් හරි අදහසක් ඇති කියලා මට හිතෙන්නේ. සඳ එළියේ දිව්‍ය ලෝකයෙන් පාවී කුණුකසල වැටෙනවා කියන එකෙන්, රෑ කාලේ පාතාල සාමාජිකයෝ ගත කරන දිව්‍ය ලෝක වගේ ජීවත වගේ දෙයක් අදහස් කෙරෙනවා කියලා මට හිතෙනවා. එයාල ඒ ලෝක වලින් පාවෙලා ගිහින් කුණු කසල වගේ වැටෙනවා වගේ තේරුමක්. ඒ කියන්නේ රාත්‍රියේදී මැරුම් කනවා කාගෙන් හරි. එයාල රාත්‍රියේ ගත කරන ජීවිත දිව්‍ය ලෝක වගේ. ඒත් මැරුම් කන්නේ මහ මඟ කුණු ගොඩවල් වගේ. එයාල එහෙම මැරුම් කෑවම එයාල මිනිස්සුන්ට මවපු අපායේ ගිනි දැල් නිවෙනවා වගේ. කුවේරයා ලිස්ස ගිහින් පාතාලේ කියන්නේ, පාතාල නායකයෝ මැරුම් කන හැටි.
ඔන්න ඔය වගේ අදහසක් මන්ද ඕකෙන් කියවෙන්නේ කියලත් වෙලාවකට මට හිතෙනවා.
ඔයාගේ පරණ ත්‍රෙඩ් කීපෙකට ගිහින් මං නිර්මාණ ටිකක් බැලුව. කවිද ඔක්කොම? සින්දු එහෙම නැද්ද?
. මෙතන සඳ එළියේ කියන වචනෙන් අදහස් වෙන්නේ රාත්‍රිය කියන එක නම් හරි. නමුත් මට හිතෙන්නේ දිවය ලෝකේ තියන කුණු කසළ අපායට වැටෙනවා කියන එක ලියන්න තමයි "දිව්‍ය ලෝකෙන් පාවී කුණු කසල වැටි වැටී නිවි නිවී ගිනි දැල් අපායේ" කියල මතු පිටින් ලියල තියෙන්නේ. මෙතන දිව්‍ය ලෝකේ මොකක්ද කියන එකයි කුණු කසල මොනාද කියන එකයි තමයි අපි වෙන් වෙන්ව හිතන්න ඕනේ කියලයි මට දැනෙන්නේ. අපරාධ කරන්නේ පාතාලේ මිනිස්සු උනාට ඒ මිනිස්සු පිටි පස්සේ ඉදන් මෙහෙයවන්නේ බහුතරයක් දේශපාලකයෝ. එයාල තමයි දිව්‍ය සැප විඳින්නේ. එයාලගේ කුණු ගොඩවල් තමයි මේ පාතාලේ මිනිස්සු අදින්නේ. ඕකනේ අද සමාජේ බහුතරයක් වෙන්නේ. ලොකු ලොක්කන්ගේ අණ කිරීම් වලට පාතාලයේ මිනිස්සු මිනී මරාගන්නවා, අපරාධ කරනවා. එහෙමත් නැත්නම් ඒවා එළි උනාම ඒ මිනිස්සු පොලිසියෙන් වෙඩි තියල මරල දාල, ඒ මිනිස්සුන්ගේ කටවල් වහල, තිරයෙන් පිටිපස්සේ මෙහෙවයන්නේ කවුද කියන එක එලි වෙන්න නොදී වළක්වනවා. ඒ පාතාලේ මිනිස්සු තමයි අර දිව්‍ය ලෝක සැප විඳගෙන අපරාධ මෙහෙයවන කුවේරයන්ගේ කැලි කසල විදියට මට හිතෙන්නේ. පාතාලේ මිනිස්සු මැරුම් කනවා, උන් ජිවිතයෙන් වන්දි ගෙවනවා, උන් අපායේ වැටෙනවා, නමුත් "කුවේරයා" විදියට මෙතන අදහස් කරන බලවතා හැම දෙයින්ම ගැලවෙනවා. එකනේ ඊළඟ පද පේලි වල කියන්නේ ඒ මිනිස්සු නීතියෙන් ගැලවෙනවා කියල. ඔයාගේ අදහසේ පාතාලේ මිනිස්සු මැරුම් කන කතාව හරි. නමුත් දිව්‍ය ලෝකේ කියන්නේ පාතාලේ මැරුම් කාල අපායේ යන මිනිස්සු ජිවත් වෙන ලෝකේ නෙවෙයි කියලයි මට හිතෙන්නේ. උන්ව පාලනය කරන "කුවේරයාගේ" ජිවිතය තමයි දිව්‍ය ලෝකය. මේ කුවේරයා කියන වචනේ ලොකු අදහසක් තියනවා. පාතාලේ මිනිස්සු ජීවිතෙන් වන්දි ගෙවල අපායේ යනවා නම් මේ නිර්මාණයේ නීතියෙන් පිළිසරණක් නැහැ කියන දේ ගැන කතා කරන්න අවශ්‍යතවක් නැහැ. එත් හැමදෙයින්ම ගැලවිලා පැනල ගිහින් නිතියෙනුත් ගැලවිලා දිගටම අපරාධ කරගෙන යන කොටසක් ගැන තමයි පොදුවේ නිර්මාණයෙන් කතා කරන්නේ. සමහර නිර්මාණ වචනෙන් වචනේ අරුත් දෙන්න බැහැ. සමස්තයක් වශයෙන් අපි දෙන විචාරය මුළු නිර්මනයටම ගැලපෙන්න ඕනේ.මේ රචකයා පුන පුනා කියන්නේ නිතිය අන්ධයි, අපරාධ කරලා මිනිස්සු ලස්සනට නීතියෙන් ගැලවෙනවා කියල. ඒක තමයි නිර්මාණයේ සමස්ථ අර්ථය. කොහොම උනත් මේ මට දැනුන විදිය. ඉන්නේ ලංකාවේ නෙවේ හන්ද බය නැතිව ලිව්වේ, නැත්නම් එළකිරියේ මල්ලිලා කියනව වගේ මේවා ලියල ගෙදරට සුදු වෑන් එකක් එයිද මන්ද![]()
සිංදුවක් කියල විශේයයෙන් හිතල නම් ලියල නැහැ..
මේ අදහස එක්කත් මං සම්පුර්නෙන් එකඟ නෑ. මේකෙන් කතා කරන්නේ නීතියෙන් ගැලවිලා අපරාධ කරන මිනිස්සු ගැන තමයි. හැබැයි ඒ මිනිස්සු කර්මයෙන් ගැලවෙනවා කියලා සඳහන් කරන්න කොහොමත් උත්සාහයක් දරලා නෑ මට පේන විදියට නං. එහෙම ගැලවෙන්නත් බෑනේ. අපාරාධ කරන මිනිස්සු ලස්සනට නීතියෙන් ගැලවෙනවා කියලා පෙන්නුවට ඔවුන්ගේ ජීවිත ඝාතනයකින් කෙලවර වෙන් නෑ කියලා පෙන්නන්න රචකයා උත්සාහ කරලා නෑ මං හිතන්නේ. මේක ලියවුන ගිනි අවි සහ ගිනි කෙලි පොතෙත් පාතාලේ මිනිස්සු මරණයෙන් වන්දි ගෙවනවනේ. එහෙම පාතාල මිනිස්සු මරණයෙන් වන්දි ගෙවලා අපායේ ගියත් මේ ලෝකේ මිනිස්සුන්ට ජීවත් වන කාලය තුල නීතියෙන් පිළිසරණක් නැත්තක් ඒ ගැන කතා කරන්න ඕනේ. එහෙම කතා කරන්න අවශ්‍ය තාවයක් නෑ කියලා ඔයා කියපු එකට මං එකඟ නෑ. අනික ඒ හැමදෙයින් ගැලවිලා අපරාධ කරන කොටසක් කියලා ඔයා කියද්දී කර්මයෙනුත් ගැලවිලා අපායෙනුත් ගැලවෙන්න පුළුවන් කොටසක් ගැන නං ඔයා කියන්නේ මං ඒකට එකඟ නෑ. මං හිතන්නේ නෑ රචකයාට කොයි වෙලාවෙවත් කර්මයෙන් ගැලවිලා කරපු අපරාධ වලට අපායෙනුත් මිදෙන්න පුළුවන් කොටසක් ඉන්නවා කියලා කියන්න ඕනේ උනයි කියලා. අනික එහෙම දෙයක් කියන්න රචකයා තර්කයක් ඉදිරිපත් කරලත් නෑ මෙහෙමයි කර්මයෙන් අපායෙන් මිදෙන්නේ කියලා. එහෙම අපායෙන් මිදෙනවා වගේ දෙයක් අඟවන්න තර්ක ඉදිරිපත් කරන්නත් කාටවත් බැහැයි කියල මට හිතෙන්නේ.පාතාලේ මිනිස්සු ජීවිතෙන් වන්දි ගෙවල අපායේ යනවා නම් මේ නිර්මාණයේ නීතියෙන් පිළිසරණක් නැහැ කියන දේ ගැන කතා කරන්න අවශ්‍යතවක් නැහැ. එත් හැමදෙයින්ම ගැලවිලා පැනල ගිහින් නිතියෙනුත් ගැලවිලා දිගටම අපරාධ කරගෙන යන කොටසක් ගැන තමයි පොදුවේ නිර්මාණයෙන් කතා කරන්නේ. සමහර නිර්මාණ වචනෙන් වචනේ අරුත් දෙන්න බැහැ. සමස්තයක් වශයෙන් අපි දෙන විචාරය මුළු නිර්මනයටම ගැලපෙන්න ඕනේ.මේ රචකයා පුන පුනා කියන්නේ නිතිය අන්ධයි, අපරාධ කරලා මිනිස්සු ලස්සනට නීතියෙන් ගැලවෙනවා කියල. ඒක තමයි නිර්මාණයේ සමස්ථ අර්ථය.
